Tuesday, 11 December 2018

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විදුහලේ නත්තල් උත්සවය - 2018

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විදුහලේ දී පසු ගිය 2018 නොවැම්බර් 28 වන දා, කුරුණෑගල අධ්‍යාපන කොට්ඨාශයේ සර්ව ආගමික දූ දරු සහභාගිත්වය යුතු නත්තල් උත්සවය, කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ පාලක, ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි....

එම අවස්ථාවට කුරුණෑගල අධ්‍යාපන කොට්ඨාශ අධ්‍යක්ෂිකා උපුලි විදානපතිරණ මහත්මිය ඇතුළු සම්භාවනී අමුත්තන් පිරිසක් සහභාගි වූ අතර, මෙම උත්සවය කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකාවේ විදුහල්පතිනි ගරු ට්‍රිසිල්ඩා ප්‍රනාන්දු පැවිදි සොයුරියගේ මෙහෙයවීම යටතේ සිදු කෙරුණි.....

Sunday, 9 December 2018

කුරුණෑගල සුදු පවුලේ ළදරු පාසලේ නත්තල් උත්සවය 2018

කුරුණෑගල ශුද්ධ වු පවුලේ කන්‍යාරමය මගින් පවත්වාගෙන එන කුරුණෑගල නගරයේ පැරණිම ළදරු පාසල වන ශුද්ධ වු පවුලේ ළදරු පාසල වාර්ෂිකව පවත්වන නත්තල් උත්සවය මෙවර 2018 නොවැමබර් 27 වන දින කුරුණෑගල ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ දී, කන්‍යාරාමයේ ප්‍රධාන පාලිකා ගරු කුමුදිනි රණවීර පැවිදි සොයුරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම අවස්ථාවට දරුවන්ගේ දෙමාපියන් සහභාගි වුණු අතර මෙම අවස්ථාව සංවිධානය කිරීමට, එම ළදරු පාසලේ ගුරු මඬුල්ල සහ දෙමාපියන් ද සහය වුණා...

Monday, 26 November 2018

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ සිදු කළ ක්‍රිස්තු රාජ මංගොලෝත්සවයේ දී සිදු කළ දේශනාව....

සාමාන්‍ය සමයේ තිස්තුන්වන සතිය අවසන් කරමින් 2018 නොවැම්බර් 25 වන ඉරිදා ක්‍රිස්තු රාජ මංගල්‍යය ලොව පුරා සිදු කෙරුණි. එදින කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දි සිදු කළ එම මංගල්‍යය පූජාවේ දි ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා සිදු කළ දේශනාවට ඔබත් සහභාගි වන්න.

Thursday, 22 November 2018

කුරුණෑගල සැල්වටෝරියානු ගිහි සංඝය කුරුණෑගල පිළිකා සායනයේ දයා සේවයේ යෙදෙති 2018 නොවැම්බර් 16

කුරුසියේ ප්‍රැන්සිස් ජෝර්ඩාන් පියතුමා විසින් ආරම්භ කළ සැල්වටෝරියානු පවුලේ කුරුණෑගල ගිහි සංඝය 2018 නොවැම්බර් 16 වන දින කුරුණෑගල රජයේ ශීක්ෂණ රෝහලේ පිළිකා සායනයට පැමිණ සිටිය රෝගීන් සහ ඔවුන් සමග පැමිණ සිටිය සියලුම අයට දියරම ආහාර සහ පෝෂ්‍ය ආහාර දානයක් වශයෙන්  පිළිගැන්වූහ. 

Monday, 19 November 2018

සාමාන්‍ය සමයේ තිස්තුන්වන ඉරිදා කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දේශනාව

සාමාන්‍ය සමයේ තිස්තුන්වන ඉරිදා (2018 නොවැම්බර් 18) කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දි, කුරුණෑගල මීසම්පති ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් සිදු කළ හරබර දේශනාවට ඔබත් සහභාගි වන්න.

Sunday, 18 November 2018

ජේෂ්ඨ පියවරු තුන් නමකගේ පූජාත්වර සංවත්සර කුරුණෑගල රදගුරු නිවසේ සමරති...2018

කුරුණෑගල පදවියේ ජේෂ්ඨ පියවරුන් තුන් නමකගේ පූජාත්වර සංවත්සර තුනක් කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කුරුණෑගල පදවි පියවරුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කුරුණෑගල රදගුරු නිවසේ දී 2018 නොවම්බර් 05 වන දින සමරන ලදි.

එම සංවත්සරයන් පිළිවලින් මෙසේ ය. කුරුණෑගල පදවියේ ජේෂ්ඨතම මෙන්ම, පදවි ඉතිහාසඥවරයෙකුව විශාල සේවයක් ඉටුකර දැනට විශ්‍රාමිකව පසුවන ගරු ලීනස් කුරුකුලආරච්චි පියතුමාගේ 60 වන, හලාවත සහ කුරුණෑගල පදවිවල මීසම්වලට විශාල සේවයක් ඉටුකර විශ්‍රාමිකව පසුවන ගරු ක්වින්ටින් පෙරේරා පියතුමාගේ 50 වන සහ වර්තමාන තඹකන්ද මීසම් සේවක වශයෙන් සේවය කරමින් විශාල යාච්ඤා මෙහෙයන් මගින් අසරණ ජනතාවට මහඟු සේවයක් කරමින් සිටින ගරු ස්ටැන්ලි පීරිස් පියතුමාගේ 25 වන පූජාත්වර සංවත්සරයන් ය.

Sunday, 11 November 2018

සැල්වටෝරියන් ගිහි සංඝයේ වාර්ෂික එකමුතුව 2018

2018 නොවැම්බර් 03 වන දා සීදුව සුපුවත්  අරණ දී සැල්වටෝරියන්  ගිහි සංඝයේ වාර්ෂික එකමුතුව සිදු කෙරුණි. එදින මහචාර්ය ඇන්ටන් මීමන මහතා විසින් සිදු කළ දේශනයට ඔබත් සවන් දෙන්න...

Friday, 9 November 2018

මළවුන් උදෙසා කුරුණෑගල මීසමේ නිවෙස් වල දිව්‍ය පූජාවන් පැවැත්වෙයි. 2018

කුරුණෑගල මීසමේ මළවුන්ගේ මාසය තුළ සෑම කිතුනු ඒකකයම නිවසක, මළවුන්ගේ ආත්ම උදෙසා දිව්‍ය පූජාවන් පැවැත්වීම කලක පටන් සිදු කරන ඉතා උසස් ක්‍රියාවකි, එම සිරිත අනුව 2018 නොවැම්බර් 08 වැනි දා කුරුණෑගල ඉලුප්පුගෙදර පාරේ, කානා කිතුනු ඒකකයේ ලක්ෂ්මන් ලිනගේ සොයුරාගේ නිවසේ දි, කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් මෙවර දිව්‍ය පුජාව සිදු කරන ලදි....

Thursday, 8 November 2018

මළවුන්ගේ මාසයේ කුරුණෑගල මීසමේ නිවෙස්වල දිව්‍ය පූජාවන් සිදු කෙරෙයි...2018

කුරුණෑගල මීසමේ සෑම වසරකම නොවැම්බර් මාසය පුරා නැසීගිය විශ්වාසිකයින් සිහිකර සෑම කිතුනු ඒකකයම නිවසක දිව්‍ය යාගයක් පැවත්වීම කලක පටන් සිදු කෙරෙයි. ඒ අනුව කුරුණෑගල මීගමු පාරේ සාන්ත ආනා කිතුනු ඒකකය වෙනුවෙන් ගිල්ඩර්ස් යොයුරාගේ නිවසේ සිදුකළ දිව්‍ය පූජාවට ඔබත් සහභාගි වන්න..

Wednesday, 31 October 2018

මඩකලපුව පදවියට අයත් චෙන්ගල්අඩි මීසමට ශ්‍රී කුරුසිය වැඩම කරවීම

මඩකලපුව පදවියට අයත් චෙන්ගල්අඩි මීසමට මහගල්ගමුවේ ජුසේ වාස් මුනි කුරුසිය වැඩම කරවීම.

Monday, 29 October 2018

මඩකලපුව සාන්ත මරියා ආසන දෙව් මැදුරට ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය වැඩම කරවීම.

මහගල්ගමුවේ ජුසේ වාස් මුනි කුරුසිය රට වටා යන වන්දනා ගමනේ දී වැදගත් අවස්ථාවක් වන මඩකලපු පදවි එඬේරාණන් අති උතුම් ජෝශප් පොන්නයියා හිමිපාණන්ගේ සහභාගිවීම ඔබත් නරඔන්න....

ජුසේ වාස් මුනි මන්නානරම් පදවියේ ගස් බෙනයක සිටවූ කුරුසිය...

ජුසේ වාස් මුනිඳුන් විසින් මන්නාරම් පදවියේ සෙට්ටිකුලම සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය අසල පලු ගස් බෙනයක සිටවා ගිය කුරුසය දැක බලා යමක් ඔබත් දැන ගන්න.....

Saturday, 27 October 2018

මඩකලපු පදවි තන්ඩවන්වලි මීසමට ශ්‍රී කුරුුසිය පිළිගැනීම...

මඩකලපුව පදවිය තුළ ශු.ජුසේ වාස් මුනිඳුන් ගැවසුණු හා ගමන් කළ මාර්ග ඔස්සේ ගමන් කරන කුරුස වන්දනා ගමන තාන්ඩවන්වලි නැමැති මිසමට කුරුසිය වැඩම කරවීම.....

Thursday, 25 October 2018

මඩකලපු පදවි මීසමක්වන තේතතීවු මීසම ශ්‍රී කුරුසියට මහත් හරසර දැක්වූහ.....

වසර 300 කට පමණ පෙර ජුසේ වාස් මුනිඳුන් පාගමනින් සැරිසැරූ අඩවියක පිහිටා ඇති තේතතීවු මීසමට ජුසේ වාස් මුනිඳුන් පරිහරනය කළ අනුහස් පිරි කුරුසිය වැඩම කරවීම ඓතිහාසික සිද්ධියකි....

Wednesday, 24 October 2018

මඩකලපු පදවි මීසමක් වූ සොරිකල්මුනේ මීසමට ශ්‍රී කුරුසිය ළඟා වූ අන්දම.....

මඩකලපු පදවි මීසමක් වූ සොරිකලුමුනේ නැමැති ග්‍රාමයේ පිහිටා ඇති සාන්ත ආනා දෙව් මැදුරට ශ්‍රී කුරුසිය රෑ අඳුරේ පිළිගත් ජනතා පසුදා පහන්වන තුරුම යාච්ඤා මෙහෙයන් පවත්වමින් තම විශ්වාසය ඔපවත් කරගත්හ.....

මඩකලපු පදවි මීසමක් වූ අම්පාර මීසමට ශ්‍රී කුරුසිය මහත් හරසරින් පිළිගනියි....

මඩකලපු පදවියේ සිංහල බස කතා කරන වැඩි පිරිසක් වාසය කරන මීසම් සංඝයක්වන අම්පාර මීසමට ශ්‍රී කුරුසිය ඉතා මහත් හරසරින් යුතුව ශ්‍රී ලංකා යුධ හමුදා තූර්ය භට හමුදාවේ තූර්ය වාදන ඇතුව ජුසේ වාස් මුනි ශ්‍රී කුරුසිය පිළිගත් අතර, අම්පාර මීසම්පති ගරු ප්‍රදීප් පියතුමා විසින් සියළු කටයුතු මනාව සංවිධානය කර තිබුණි..

මඩකලපු පදවි මීසමක් වූ අලිගම්බෙයි මීසමට ශ්‍රී කුරුසිය වැඩම කරයි.....

ඉතාම දුෂ්කර ප්‍රදේශයක් වන මඩකලපු පදවියේ අලිගම්බෙයි මීසමේ කිතුනු බැතිමතුන් මහත් ගෞරවයකින් ශ්‍රී කුරුසිය පිළිගෙන වැද පුදාගෙන තම විශ්වාසය ශක්තිමත් කරගනිති....

මඩකලපු පදවි මීසමක් වූ අක්කරපත්තු මීසමට ශ්‍රී කුරුසිිය මහත් හරසරින් පිළිගනිති.....

ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාවක් වාසය කරන මඩකලපු පදවි මීසමක් වූ අක්කරපත්තුව මීසම් ජනතාව තම කිතුනු විශ්වාසය තව තවත් ශක්තිමත් කර ගැනීමට මහත් රුකුලක්වන මහගල්ගමුවේ ශු.ජුසේ වාස් මුනින්ද්‍රයාණන්ගේ් පහස ලද අනුහස් පිරුන කළුවර කුරුසිය මහත් හරසරින් පිළිගෙන, තම භක්ති ප්‍රණාමය පුද කළහ.....

අනුරාධපුරය පදවියේ සැරිසරා ශ්‍රී කුරුසිය මඩකලපුව පදවියට ප්‍රවිෂ්ඨ වෙයි....

අනුරාධපුර පදවියේ මීසම් කීපයකට වැඩම කරවූ ශ්‍රි කුරුසය 2018 ඔක්තෝබර් 12 වැනි දින මඩකලපු පදවිය ඇතුළු වෙමින් මායිමේ පිහිටා ඇති පළමුවන දේවස්ථානය පුනායි නැමැති ග්‍රාමයේ සාන්ත අන්තෝනි දෙව් මැදුරට වැඩම කරයි...

Monday, 22 October 2018

නුවර පදවියෙන් අනුරාධපුර පදවයට ශ්‍රී කුරුසිය භාර දුන් අන්දම...

දිවයින පුරා සංචාරය කරන ජුසේ වාස් මුනි ශ්‍රී කුරුසිය නුවර පදවියෙන් අනුරාධපුර පදවියට රදගුරු හිමිවරුන් අතින් මහත් හරසරින් වැඩම කරයි... 

නුවර පදවියේ රොටවැවට කුරුසිය වැඩම කරවූ හැටි.....

නුවර පදවියේ මායිම වූ රොටවැව මීසමට මහගල්ගමුවේ ජුසේවාස් මුනි ශ්‍රී කුරුසිය වැඩම කරවූ දිනයේ නුවර රදගුරු හිමිපාණන් ද සහභාගි වූහ...

Monday, 15 October 2018

ගලේවෙල කතෝලිකයෝ තම දෙව් මැදුර ගැන කන්නලව් කරති.....

ගලේවෙල නගරය තුළ ඇති නුවර පදවියට අයත් කතෝලික දෙව් මැදුරු බිම නව මාර්ගය තැනීම නිසා අහිමිවීම සම්බන්ධව රටපුරා වැඩම කරවන ශ්‍රී කුරුසිය ඉදිරියේ දී එය බේරා දෙන ලෙස කන්නලව් යාච්ඤා මෙහෙයක් සිදු කරණ ලදි....

නුවර පදවිසේ වහකෝට්ටේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයට ශ්‍රී කුරුසිය වැඩම කිරීම.....

නුවර පදවියේ සාන්ත අන්තෝනි ජාතික සිද්ධස්ථනයට මහගල්ගමුවේ සාන්ත ජුසේ වාස් මුනිඳුන්ගේ සිරි කුරුසිය වැඩම කරවූයේ, මෙසේය.....

Sunday, 14 October 2018

නුවර පදවියේ මාතලේ මීසමෙන් ශ්‍රී කුරුසියට මහත් හරසර.......

මහ වැසි මැද මාතලේ මීසම් ජනතාව මහගල්ගමුවේ ජුසේ වාස් මුනි කුරුසියට මහත් හරසර දක්වති....

Saturday, 13 October 2018

නුවර පදවියේ ආසන දෙව් මැදුරට නුවර රදගුරු හිමිපාණන් මහත් හරසරින් ශ්‍රී කුරුසිය පිළිගනියි.....

නුවර පදවියේ සාන්ත අන්තෝනි ආසන දෙව් මැදුරට මහගල්ගමුවේ ශී කුරුසිය මහත් හරසරින් මහනුවර පදවි එඬේරාණන් වන අති උතුම් ජෝශප් වියානි ප්‍රනාන්දු හිමිපාණන් විසින් භාර ගන්නා ලදි....

Thursday, 11 October 2018

නුවර පදවියේ අම්පිටිය මීසමට ජුසේ වාස් මුනි කුරුසිය වැඩම කරවීම....

නුවර පදවියේ අම්පිටිය මීසමට ශු.ජුසේ වාස් මුනිදුන්ගේ කුරුසිය වැඩම කරවා පසුදා පහන් වන තුරුම යාච්ඤා මෙහෙයන් පවත්වමින් දේව ජනතාව තම විශ්වාසයන් තව තවත් වර්ධනය කර ගත්හ....

කතෝලික ගිහි පැවිදි පූජක සැමගේ ආදර්ශය වූ ජුසේ වාස් මුනිඳුන් පරිහරණය කළ ශ්‍රී කුරුසිය අම්පිටිය ජාතික දෙව් සත්හලට........

වර්තමාන පියවරුන්ට ආදර්ශයක් වූ ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසිය අම්පිටිය ජාතික දෙව් සත්හලට වැඩම කරවීම...

Monday, 8 October 2018

අම්පිටිය ජුසේ වාස් මුනි දෙව් මැදුරට උන්වහන්සේගේ කුරුසිය රැගෙන වඩින සේක...

ජුසේ වාස් මුනිඳුන්ගේ නමට කැප කරණ ලද අම්පිටියේ ජුසේ වාස් දෙව්මැදුර නොහොත් ගල්පල්ලියට කුරුසිය වැඩම කරවූ අභිමානවත් ලීලාව ඔබත් නරඹන්න...

2018 සැප්තැම්බර් 01 අපේ වන්දනා ගමනේ ආරම්භය සිහි කරමු.....

2018 සැප්තැම්බර් 01 වන දින අප 70 ක් පමණ මහගල්ගමුවේ ශු.ජුසේ වාස් මුනිදුන්ගේ කුරුසිය පාමුල ජීවත්වන රාජවන්නි උන්නැහැලාගේ අපි මේ ආධ්‍යාත්මික වන්දනා ගමන මහත් භක්තියෙන් ආරම්භ කළේ මෙසේය....

ජුසේ වාස් මුනිගේ ශ්‍රී කුරුසිය ගම්පොල ට වැඩම කරවයි....

මහගල්ගමුවේ ජුසේ වාස් මුනිදුන්ගේ පහස ලද ශ්‍රී කුරුසිය ගම්පොල මීසමට ගමන් කරන අතර මගදී ද මහත් හරසර ලබ ලබා ඉතා තේජවන්තව ගම්පොලට වැඩම කරයි....

මහගල්ගමුවේ ජුසේ මුනි ශ්‍රී කුරුසිය නුවරඑළිය දේව ජනතාව අතරට වැඩම කරයි.....

මහගල්ගමුවේ ජුසේ වාස් මුනිඳුන් පරිහරණය කළ ශ්‍රී කුරුසිය නුවරඑළිය මීසමට වැඩම කරණ ලදි....

නානුඔය මීසමේ දී නුවර රදගුරු හිමිපාණන් ශ්‍රී කුරුසිය පිළිගනියි....

නුවර පදවියට අයත් නානුඔය මීසමට ශ්‍රී කුරුසිය වැඩම කරවූ අවස්ථාවේ කුරුසිය පිළිගැනීම නුවර පදවි එඬේරාණන්වන ජෝශප් වියානි හිමිපාණන් විසින් සිදු කෙරුණි. එදින දිව්‍ය යාගය හිමිපාණන් සිදු කරණ ලදි......

ශ්‍රී කුරුසිය වැඩම කරවූ මට්ටකැලේ ලෑන්ඩ් ඩැට් වතුයායේ ජුසේ වාස් මුනි දෙව් මැදුරට නුවර රදගුරු හිමි පැමිණෙයි.....

තලවාකැලේ හා නානුඔය අතර ඇති මට්ටකැලේ නැමැති මීසමේ ලෑන්ඩ් ඩැට් වතුයායේ ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ දෙව් මැදුරට ශ්‍රී කුරුසිය වැඩම කරවූ අවස්ථාවට නුවර පදවි එඬේරාණන්වන අති උතුම් ජෝශප් වියානි හිමිපාණන්ද සහභාගි වූහ.

නුවර පදවියේ ලිඳුල මහ මගදී ශ්‍රී කුරුසියට පොලිසිය සමග ජනතාවගේ හරසර පිදෙයි...

තලවාකැලෙන් නානුඔය බලා යන ගමන තුළ ලිඳුල පොලිසිය සහ ජනතාව මහා මාර්ගයේදීම කුරුසියට ගෞරවයෙන් වන්දනා කළහ....

තලවාකැලේ දේව ජනතාවගේ ශ්‍රී කුරුසිය මත ඇති භක්තිය හා විශ්වාසය අප සැමටම ආදර්ශයක්...

තලවාකැලේ දේව ජනතාව වැඩි වශයෙන් වතු රැකියාවේ යෙදී සිටින්නන්, ඔවුන්ගේ දේව භක්තිය හා විශ්වාසය අප සැමට ආදර්ශයකි......

Friday, 5 October 2018

නුවර පදවිය තුළ හැටන් මීසම් ජනතාව මහා භක්තියෙන් ශ්‍රී කුරුසිය පිළිගත්හ....

රට වටා වැඩම කරවන ජුසේ වාස් මුනි කුරුසිය කිසිම ආගම් බේදයකින් තොරව වන්දනා කරමින් සර්ව රාත්‍රියම යාච්ඤාවෙන් ගත කරන්නට තරම් තම විශ්වාසය දැඩිව තහවුරු කර ගත්හ.

නුවර පදවියට අයත් නාවලපිටිය ශ්‍රී කුරුසිය බාර ගනියි.....

නුවර පදවියට අයත් නාවලපිටිය මීසමට ශ්‍රී කුරුසිය ඉතා හරසරින් පිළිගත් අන්දම ඔබත් නරඹන්න.....

කඩුගන්නාවේ දී නුවර රදගුරු හිමිපාණන් ශ්‍රී කුරුසියට ගරු බුහුමන් පුද කරයි...

රත්නපුර පදවියේ සීමා මහිම පසුකර නුවර පදවියට කඩුගන්නාව මීසම තුළින් ඇතළුවන අවස්ථාවේදී එම දේවස්ථානයේ කුරුසිය වැඩම කරවා සිටිය සුළු කාලය තුල නුවර පදවි එඬේරාණන්වන අති උතුම් ජෝශප් වියානි හිමිපාණන් ද එම ස්ඨානයට සැපැත්වීම විශේෂ සිද්ධියක් වූ අතර එම අවස්ථාවට පැමිණ සිටිය බැතිමතුන් රදගුරු හිමිපාණන් විසින් ශ්‍රී කුරුසියෙන් ආසිරි ගන්වන ලදි....

Thursday, 4 October 2018

රත්නපුර පදවියේ වන්දනාව නිම කරන්නට කෑගල්ල මීසමට කුරුසිය වැඩම කරයි...

රත්නපුර පදවියේ තෝරාගත් මීසම් කීපයකට වැඩම කරවූ මහගල්ගමුවේ ශු.ජුසේ වාස් මුනිඳුන් පරිහරණය කළ හාස්කම්පිරි කළුවර ලී කුරුසිය රත්නපුර පදවියේ අවසන් මීසමවන කෑගල්ල සාන්ත මරියා දෙව් මැදුරට වැඩම කරවන ලදි.....

Wednesday, 3 October 2018

දෙහිඕවිට මීසමට ශ්‍රී කුරුසිය වැඩම කරවීම

අති විශාල ගෞරවයකින් යුතුව දෙහිඕවිට ජනතාව ශ්‍රී කුරුසිය බාර ගත්හ.....

රත්නපුර පදවියේ ගුරුගොල්ල මීසමට ශ්‍රී කුරුසිය වැඩම කරවයි....

මහගල්ගමුවේ ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය රත්නපුර පදවියේ ගුරුගොල්ල මීසමට වැඩම කරවු අන්දම ඔබත් නරඹන්න.....

මෙි මහා කුරුස වන්දනා ගමනේ දී කුරුසිය ගැන ගරු සුනිල් ද සිල්වා පියතුමා පැහැදිලි කරයි...

2018 සැප්තැම්බර් පළමුවන දින සිට නොවැම්බර් පළමුවන දින දක්වා මුළු දිවයින පුරා මහගල්ගමුවේ ප්‍රාතිහාරාත්මක ජුසේ වාස් මුනි තම අතින්ම සැදු කළුවර ලී කුරුසය වැඩම කරවාගෙන යන මේ වන්දනා ගමන තුළ කුරුසිය ගැන පැහැදිලි කරන කොළඹ අගරදගුරු පදවියේ හිටපු අගරදගුරු ලේකම් ගරු සුනිල් ද සිල්වා පියතුමාගේ ඒ දේශනාවට ඔබත් සවන් දෙන්න....

රත්නපුර සාන්ත මරියා ආසන දෙව් මැදුරට ශ්‍රී කුරුසිය ගෙන ඒම...

 ජුසේ වාස්

මහා වැසි මැද රත්නපුර සාන්ත මරියා ආසන දෙව් මැදුරට ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ හාස්කම්පාන මහගල්ගමුවේ කළුවර කුරුසිය පැය කීපයක් සදහා වැඩම කරවූ හැටි ඔබත් නරඹන්න.....

බලන්ගොඩ බැතිමත් දේව ජනතාව මහත් හරසරින් සිරි කුරුසිය බාර ගත්හ.

වියැකියමින් තිබුණු කිතුනුවාගේ විශ්වාසයට යම් කිසි අළුත් ජීවිතයක් එක්කරමින් ජුසේ වාස් මුනිඳුන්  විසින් පරහරණය කළ ආශ්චාර්යමත්, මහගල්ගමුවේ සිරි කුරුසිය බලන්ගොඩ බැතිමතුන් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදි.

Monday, 1 October 2018

රත්නපුර පදවියේ කීරපතන මීසම මහත් හරසරින් ශ්‍රී කුරුසිය පිළිගනියි....

රත්නපුර පදවියේ කීරපතන නැමැති මීසමට අයත් මීසම්වාසින් මහ මගදී ශ්‍රී කුරුසියට හරසර දක්වා, ශ්‍රී කුරිසියෙන් ආශිර්වාද ලබා ගත්හ.

රත්නපුර පදවියේ අලුත් නුවර කුඩා සංඝය වෙනුවෙන් කුඩා වේලාවක්.......

රත්නපුර පදවියේ අලුත් නුවර ඉතා කුඩා කිතුනු සංඝයක් ඇති මෙම දෙව් මැදුර අභියස සුළු මොහොතක් කුරුසිය වැඩම කරවා ජනතාවගේ වන්දනාවට අවස්ථාව ලබා දෙන ලදි.

Sunday, 30 September 2018

බදුලු රත්තපුර පදවි මායිමවන බෙලිහුල්ඔය මීසමෙන් ශ්‍රී කුරුසිය බාර ගනියි....

මෙතෙක් බදුල්ල පදවියේ සැරිසැරූ ජුසේ වාස් මුනි කුරුසිය රත්නපුර පදවියට බෙලිහුල්ඔය මීසම හරහා ඇතුලු විය....

මහා වැසි මැද හල්දමුල්ල මීසම ශ්‍රී කුරුසිය භාර ගනියි......

බදුල්ල පදවියේ අවසන් මීසමවන හල්දමුල්ල මීසමට මහා වැසි මැද ළඟා වූ ශ්‍රී කුරුසිය එම මීසමේ ජනතාව මහත් ගෞරවයෙන් යුතුව කුරුසිය බාර ගත්හ.

කුරුණෑගල පදවියේ හිටපු කරුණාවන්ත බිස්කුන් වහන්සේගේ පළමුවන සග සැපැත් සංවත්සරය 2018 සැප්තැම්බර් 29

කුරුණෑගල පදවියේ හිටපු, විශ්‍රාමිකව සිටියෙදී ස්වර්ගස්ථ වූ අති උතුම් දේව ධර්මාචාර්ය රේමන්ඩ් පීරිස් රදගුරු හිමිපාණන්ගේ සග සැපතේ වාර්ෂික සංවත්සරය නිමිත්තෙන් 2018 සැප්තැම්බර් 29 වන දා කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Saturday, 29 September 2018

සාන්ත ක්ලෙයාර් දිළිඳු තාපසිකාවෝ සහ එඩිසොම්හි පියවරුන් ශ්‍රී කුරුසිය බැහැදකිති....

බණ්ඩාරවෙල සිට ආපසු එන අතර මඟදී, මුණ ගැසුණු සාන්ත ක්ලෙයාර් දිළිඳු තාපසිකාරමය හා හපුතලේ එඩිසෝම් හී පියතුමන් ඇතුළු සහෝදරවරුන්ද ජුසේ වාස් කුරුසිය සියඇසින් දැක වන්දනාමාන කර ගත්හ....

ජුසේ වාස් මුනි කුරුසිය බණ්ඩාරවෙල ඉතා උද්යෝගයෙන් හා භක්තියෙන් බාර ගනිති....

මහගල්ගමුවෙන් 2018 සැප්තැම්බර් 01 වැනි දා ජුසේ වාස් මුනිඳුන්ගේ සිරි කුරුසියත් සමග ආරම්භ කළ දිවයින පුරා ආවරණය කෙරෙන මහ වන්දනා ගමන සමග බණ්ඩාරවෙල බැතිමතුන් මුසු වූ අයුර ඔබත් නරඹන්න.....

Friday, 28 September 2018

බදුල්ල සාන්ත මරියා ආසන දෙව් මැදුරේ දී රදගුරු හිමිපාණන් මහත් හරසරින් ශ්‍රී කුරුසිය පිළිගනියි.....

දිවයින පුරා සැරිසරන ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසිය බදුල්ලට වැඩම කල අවස්ථාවේ දී බදුල්ල සාන්ත මරියා ආසන දෙව් මැදුරේ දී බදුල්ල පදවි එඬේරාණන්වන අති උතුමු වින්සන්ට ප්‍රනාන්දු හිමිපාණන් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදි....

රට වටා යන ජුසේ වාස් මුනි කුරුස වන්දනා ගමන දැන් නමුණුකුල.....

ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ පහස ලද ශ්‍රී කුරුසිය රට වටා යන වන්දනා ගමන මහ වැසි මැද නමුණුකුල ට ඇතුළු වෙයි...

Thursday, 27 September 2018

ගමන් මාර්ගය වෙනස් කළ ශ්‍රී කුරුස වන්දනා ගමන තුළ වන්දනා රථය මගින් හාස්කමක්...

රටවටා ජුසේ වාස් මුනි කුරුසිය රැගත් රථය කාර්මික දෝෂයකට ලක්වෙමින් ඒ හරහා තුවත් හාස්කමක් අපට පෙන්වයි.....

බදුල්ල පදවියේ මොණරාගල ජුසේ වාස් මුනි කුරුසියට මහත් හරසර.......

ඉතා සුළු ප්‍රමාණයකින් කතෝලික ජනතාවක් ජීවත්වන මොණරාගල මීසමේ ඒ සුළු ජනතාව ඉතා භක්තියෙන් මහත් හරසරින් ජුසේ වාස් මුනි කුරුසිය පිළිගත්හ.....

Wednesday, 26 September 2018

ගාල්ල පදවියෙන් බදුල්ල පදවියට කුරුසිය බාරදීම මෙසේ සිදු විය.

ගාල්ල පදවියේ ස්ථාන දෙකක පමණක් ජුසේ මුනි කුරුසිය බැතිමතුන්ගේ වන්දනාවට යොමුකර 2018 සැප්තැම්බර් 26 වන දින බදුල්ල පදවියේ තණමල්විලට ශ්‍රී කුරුසිය බාරදෙන ලදි.

ගාලු පදවියේ මාතර පිහිටි මාතර මෑණීයන්ගේ දේව මන්දීරයට ජුසේ මුනි කුරුසිය වැඩම කරවයි....

දිවයින පුරා සැරිසරන ජුසේ වාස් මුනි කුරුසිය 2018 සැප්තැම්බර් 25 වන දින ගාලු පදවියේ මාතර, පුදුම හාස්කම්පාන මාතර මෑණියන්ගේ දෙව් මැදුරට වැඩම කරවන ලදි.

Tuesday, 25 September 2018

ජුසේ වාස් මුනි කුරුසිය කොළඹ පදවියෙන් ගාල්ල පදවියට ඇතුළු වෙයි....

2018 සැප්තැම්බර් 25 වැනි දා කොළඹ පදවිය පුරා සැරිසැරූ ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය ගාල්ල පදවියට ඇතුළු විය...

Monday, 24 September 2018

මහත් හරසරින් තුඩැල්ල ජනතාව කුරුසිය පිළිගනිති......

ශු.ජුසේ වාස් මුනිඳුන් ජීවමානව රටවටා කුරුසිය සමග වැඩම කරවන බවක් අඟවමින් මුළු තුඩැල්ල ජනතාවම භක්තියෙන් අවදි වෙති.....

කොළඹ පදවියේ දෑලතුරට ජුසේ මුනි ශ්‍රී කුරුසිය වැඩම කරවූ අසිරිය....

කොළඹ පදවියේ දෑලතුර මීසමට ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය වැඩම කළ අවස්ථාවේ දී බැතිමතුන් දැක් වූ ප්‍රතිචාරය ඔබත් නරඹන්න...

Sunday, 23 September 2018

Saturday, 22 September 2018

අතිගරු සෑම් කුවුන්ටින් පියතුමා කුරුසියේ ප්‍රබල හාස්කමක් ප්‍රකාශ කරයි....

කොළඹ අගරදගුරු පදවි ධර්මදූතික කලාපිය නාහිමි අතිගරු සෑම් කුවින්ටින් පියතුමා ප්‍රබල හාස්කමක් ගැන ප්‍රකාශයක් කරණ ලදි.....

Friday, 21 September 2018

මහගල්ගමුවේ ශු.ජුසේ වාස් කුරුසියේ හාස්කම්.......

ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය රැගෙන රටවටා යන වන්දනා ගමනේ දී සිදුවුණු හාස්කම් අතරින් කැමරාවට හසුවුණු එක සිද්ධියක්......

කුරුණෑගල පදවිය් රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ උපන් ගම පමුණුගමට කුරුසිය වැඩිය දා......

අප යන මේ කුරුසියේ වන්දනා ගමනේ දී, අපට මුණ ගැසුණු කුරුණෑගල රදගුරු හිමිපාණන්ගේ උපන් ගම වන පමුණුගමට ළඟා වූ අවස්ථාවේ එතුමන්ගේ ගමේ පල්ලියට කුරුසිය වැඩම කරවා රැස්ව සිටිය ජනතාව ජුසේ මුනි කුරුසියෙන් ආසිරි ගැන්වූ අවස්ථාව ඔබත් නරඹන්න.....

Thursday, 20 September 2018

ශුද්ධ වු කුරුසය කැපුන්ගොඩට ගෙන ආ දවස........

ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය කැපුන්ගොඩට වැඩම කරවු දිනය......

Tuesday, 18 September 2018

පිටිපන දී ගරු ඇලෙක්ස් ජානක පියතුමා කුරුසිය ගැන බොහෝ දේ පැහැදිලි කරයි....

මහගල්ගමුවේ සිට පිටිපන දක්වා නිහඬව සිටිය මහගල්ගමුවේ ජුසේ වාස් ජාතික සිද්ධස්ථානයේ පාලක ගරු ඇලෙක්ස් ජානක පියතුමා පිටිපන දී, ජනතාව නොදන්නා බොහෝ දේ පැහැදිලි කරණ ලදි.

මංකුලිය, දූව සහ පිටිපන වීදියට ශ්‍රී කුරුසිය වැඩම කරවූ හැටි....

එක ළඟ කීප පොළකට ශ්‍රී කුරුසිය වැඩම කරවූ නිසා එම පොකුර එක වීඩියෝවකින් ඉදිරිපත් කළ බව සලකන්න...

Saturday, 15 September 2018

සාන්ත ජුසේ වාස් මුනි පරිහරණය කළ කුරුසියට මීගමුවෙන් මහා හරසර....

ශ්‍රී ලංකාවේ සාන්තුවර ජුසේ වාස් මුනිඳුන් පරිහරණය කර මහගල්ගමුවේ ස්ථාපිත කළ කුරුසිය රැගෙන රට වටා යන වන්දනා ගමනේ දී, මීගමුවට ඇතුළු වූ අවස්ථාවේ දී ජනතාවගේ ඇල්මැරුණු විශ්වාසය අවදි කරමින් විශාල ප්‍රබෝධයක් දකින්නට ලැබුණි.

Thursday, 13 September 2018

මීගමුවේ තිල්ලන්දූවට කුරුසිය වැඩම කිරීම...

මීගමුවේ තිල්ලන්දූ සාන්ත ජෝශප් මුනිඳුන්ගේ දෙව් මැදුරේ දී, එම මීසමේ පාලක පියතුමා ඇතළු ජනතාව මහත් හරසරින් ශ්‍රී කුරුසිය භාර ගත්හ.

ජුසේ වාස් මුනි කුරුසිය කුරණ මීසමට වැඩම කරයි...

අප යන මෙම කුරුස වන්දනා ගමනේ සහයට සිටින අපට විශාල අත්දැකීම් ගොඩාක් ලබා දෙමින් කුරණ මීසමට ළඟා වූ හැටි ඔබත් නරඹන්න.

ජුසේවාස් මුනි කුරුසය බෝලවලානට හරසරින් භාර ගනිති

ශුු.ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය වැජම කරගෙන යන මෙම වන්දනා ගමන, දුෂ්කරය. නමුත් මෙම වන්දනා ගමන තුළ ජුසේ වාස් මුනිඳුන් ද ජීවමානව අප සමග මෙම වන්දනාවේ යෙදෙන බව අප විශ්වාස කරනවා. එම විශ්වාසයේ ගමන බෝලවත්ත මීසමට ඇතුළු වූ අන්දම ඉතා කෙටියෙන්......

Wednesday, 12 September 2018

ප්‍රසිද්ධ කටුවපිටිය සිද්ධස්ථානයට ජුසේ වාස් මුනි කුරුසිය රැගෙන ආ අවස්තාව......

ඈත අතීතයේ සිටම ප්‍රසිද්ධ කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට ජුසේ වාස් මුනිඳුන් පරිහරණය කළ කුරුසිය වැඩම කරවයි.

නෙළුම්පිටිය මීසමේ සුළු මොහොතකට කුරුසිය වැඩම කරවීම


එක් දිනක් තුළ  වැඩි ප්‍රමාණයක බැතිමත් ජනතාවකට කුරුසිය දැක බලා ගෙන, වන්දනා කරගන්නට අවස්ථාවක් උදා කරදීමට ගත් උතසහය ගිණ්ය හැකිය.

කඳවල මීසමටත් ජුසේ වාස් මුනි ශ්‍රීී කුරුසිය වැඩම කරවීම

කඳවල මීසමටත් මහගල්ගමුවේ හාස්කම්පිරි ජුසේ වාස් මුනිඳුන්ගේ වැඩම කරවීම.....

සැප්තැම්බර් 08 කුමරි මවුන්ගේ උපන් දිනය දා හල්පේ මීසමට ජුසේ වාස් මුනි කුරුසය වැඩම කරවයි.

සාන්ත ජුසේ වාස් මුනිඳුන් පරිහරණය කළ හාස්කම්වලින් පිරුණ, කළුවර ලී කුරුසය රට පුරා වැඩම කරවීමේ වන්දනා ගමනේ දී සැප්තැම්බර් 08 වන දිනට යෙදී තිබුනේ හල්පේ මීසමටයි.

Monday, 10 September 2018

ශු.ජුසේවාස් මුනිඳුගේ කුරුසිය වැලිසේනට වැඩම කළ දා....

කොළඹ පදවියේ වැලිහේන මීසමට කුරුසිය වැඩම කරවු සැටි ඔබත් නරඹන්න....

Sunday, 9 September 2018

කොළඹ සහය රදගුරු අති උතුම් ජේ.ඩී.ඇන්තනි ජයකොඩි හිමිපාණන් අතින් ශ්‍රී කුරුසිය වෙනුවෙන් පිළිගැනීමේ මෙහෙය.

හලාවත පදවියෙන් කොළඹ අගරදගුරු පදවිය කරා වැඩම කරවූ, ශු.ජුසේ වාස් මුනි කුරුසිය වෙනුවෙන් කුරුසියේ යාගයක් කොළඹ සහය රදගුරු, අති උතුම් ජේ.ඩී.ඇන්තනි ජයකොඩි හිමිපාණන් අතින් මීගමු කොච්චිකඩේ ශුද්ධ වු ත්‍රීත්ව දෙව් මැදුරේ දී, විශාල ජනතාවක් මැද සිදු කෙරුණි.

ශු.ජුසේ වාස් මුනි කුරුසිය කොළඹ පදවියට ඇතුළු වෙයි.....

මහගල්ගමුවෙන් ඇරඹූ ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ හස්ත ස්පර්ශය ලද ශුද්ධ වූ කුරුසිය හලාවත පදවිය තුළ තම වන්දනා ගමන නිම කර, 2018 සැප්තැම්බර් 08 වන දින, කොළඹ අගරදගුරු පදවියට භාර වෙමින් ඔවුන්ගේ ආරක්ෂාව ගෞරවය තුළ එම පදවිය තුළ තම වන්දනා ගමන ඉදිරියට ගමන් කරමින් සිටියි.

හලාවත පදවියේ සීමාවේ වූ වයික්කාල ශු.බෙනඩික්ට් මුනිඳුන්ගේ දෙව් මැදුරට වැඩම කරවයි.

ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසිය හලාවත පදවියේ අවසන් සීමාවේ වූ වයික්කාල සාන්ත බෙනඩික්ට් දෙව් මැදුරට වැඩම කරවූ අන්දම ඔබත් නරඹන්න...

Saturday, 8 September 2018

ශ්‍රී කුරුසියට නවාතැන් දුන් ශු.පවුලේ කන්‍යාරාමයේ මැදි රෑ වනතුරු යාච්ඤා මෙහෙයන්....

 

මහගල්ගමුවේ සිට ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය සමග අපි යන මේ වන්දනා ගමනේ දී වන්දනා නඩය වන අපට මතුවුණු නවාතැන් ගැටළුවේදී ශු.ජුසේ වාස් මුනිඳුන් වහාම ක්‍රියාත්මක වී අප සැමට නවාතැන් පමණක් නොව තම කුරුසියට ලොකු ගෞරවයකුත් ලබා දෙමින් වෙන්නප්පුවේ ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොයුරියන් සමග ඔවුන්ගේ බාලිකා විදුහලේ දෙමාපියන් සමග දායක වූවා. 

මාරාවිල කුරුස පල්ලියට ජුසේවාස් මුනි කුරුසිය වැඩම කරයි.......

මහගල්ගමුවේ අපි රට වටා ශු.ජුසේ වාස් මුනිඳුන් සමග කරන මයා වන්දනා ගමනේ දී මාරාවල කුරුස පල්ලියට ප්‍රවිෂ්ඨ වුණු හැටි ඔබත් නරඹන්න. 

Friday, 7 September 2018

ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය වෙන්නප්පුවේ, ශු.ජුසේ මුනිඳුන්ගේ දෙව් මැදුරට.....

ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය රට වටේ යන වන්දනා ගමනේ දී වෙන්නප්පුවේ ශු. ජුසේ මුනිඳුන්ගේ දෙව් මැදුරට වැඩම කරවු හැටි......

Thursday, 6 September 2018

.ගිංඔය කුරුස තොටුපලට මහගල්ගමුවේ ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය වැඩම කරවූ දා සිදු කළ දේශනාව...

අද සමාජයේ හීන වෙමින් යන විශ්වාසයට, අත්වැලක් සපයමින් ශ්‍රී ලංකාවේ එකම ශුද්ධවර අපෝස්තුළුවරයාණන් වූ ශුද්ධ වු ජුසේ වාස් මුනිඳාණන්ගේ පාද ස්පර්ශය ලබාගත් ගිංඔය තොටුපලට ජුසේ වාස්වාස් මුනිඳුන් පරිහරණය කළ කුරුසිය දිවයින පුරා ගෙන යන මොහොතේ 2018 සැප්තැම්බර් 06 වන දින ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ පාද ස්පර්ශය ලද ගිංඔය කුරුස තොටුපලට වැඩම කරවූ අවස්ථාවේදී මහගල්ගමුවේ ජුසේවාස් ජාතික සිද්ධස්ානයේ පාලක, ගරු ඇලෙක්ස් ජානක පියතුමා විසින් සිදු කළ විශ්වාසයේ දෙශනාව ඔබත් නිතර අසා ඔබේ විශ්වාසය ස්ථීරව රදවා තබා ගන්න.

වෙන්නප්පුවේ ශ.ජෝශප් වාස් විදුහලට ශු.ජෝශප් වාස් මුනි කුරුසිය වැඩම කරවයි.

ශු.ජෝසප් වාස් මුනිඳුන්ගේ නමින් ශ්‍රී ලංකාව කුළ ඇති එකම විද්‍යාලය වන වෙන්නප්පුවේ, ශු.ජුසේ වාස් විදුහලට ජුසේ මුනි කුරුසිය වැඩම කරවන ලදි.

Wednesday, 5 September 2018

හලාවත පදවියේ බෝලවත්ත පරලෝකරජේශ්වරිගේ දෙව් මැදුරට ශුද්ධ වු කුරුසිය වැඩම කරවීම

හලාවත පදවියේ බෝලවත්ත පරලෝක අප රාජේශ්වරියගේ දෙව් මැදුරට මහගල්ගමුවේ ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය වැඩම කරවීම, ඔබත් නරඹන්න.

Tuesday, 4 September 2018

වට්ටක්කල්ලිය මීසම් ජනතාව ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසිය මහත් හරසරින් පිළිගනිති.

ශුද්ධ වු ජුසේ වාස් මුනි ශ්‍රී කුරුස වන්දනා ගමනේ දී, කුරුසිය හලාවත රදගුරු වසමේ වට්ටක්කල්ලිය ශු.ජුසේ වාස් දෙව් මැදුරට වැඩම කරවු අවස්ථාව ඉතා හරසරින් සිදු කරන ලදි.

Monday, 3 September 2018

නාවක්කඩු ජනතාවටත් කුරුසිය වැදපුදා ගන්නට අවස්ථවක්....

තලවිල සාන්ත ආනා ජාතික පුදබිමට නුදුරින් පිරිටා ඇති නාවක්කාඩු ග්‍රාමයේ සිදාත්‍රි දේවමාතාවන්ගේ දේවස්ථානයේ මීසම් සංඝය විසින් කළ විශේෂයෙන් කළ ඉල්ලීමක් අනුව එම ස්ථානයේ දී එම බැතිමත් පිරිසට සුළු කාලයක අවස්ථාව ලබා දුන් අතර, ඔවුන් විසින් ඉදිවෙමින් පවතින ශු.ජුසේ වාස් බැසිලිකාව සඳහා මුදල් පරිත්‍යාග කිරීමට අමතක නොකළය.

ජුසේ වාස් මුනිඳුන්ගේ ස්පර්ශය ලද ශුද්ධ වු කුරුසිය තලවිල සාන්ත ආනා ජාතික සිද්ධස්ථානයට වැඩම කළ දවස....

ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ හස්ත ස්පර්ශය ලද, ඓතිහාසික කළුවර කුරුසිය තවත් ඓතිහාසික වාර්තාවක් තබමින් තලවිල සාන්ත ආනා ජාතික පුද බිමට වැඩම කරවනු ලැබුවා. විශාල වන්දනා කරුවන් පිරිසකට මෙම පූජනිය අවස්ථාවට සහභාගිවීමට අවස්ථාව උදා වූ අතර, තලවිල ජාතික සිද්ධස්ථානයේ පාලක ගරු නෙල්සන් සමන්ත පියතුමා ඇතුළු එම සිද්ධස්ථානයේ කාර්යය භාර පියවරුන් මහත් උද්යෝගයකින් එම අවස්ථාව ඔපවත් කිරීමට සහය වූවා.

මහගල්ගමුවේ සිට ජුසේ මුනිඳුන්ගේ කුරුසිය ආනමඩුවට වැඩම කරවූ හැටි......

2018 සැප්තැම්බර් 01 දින මහගල්ගමුවේ දී කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් අතින් මහගල්ගමුවේ සිද්ධස්ථාන පරිපාලක ගරු ඇලෙක්ස් ජානක පියතුමා බාරගත් කුරුසිය හලාවත පදවියේ ආරම්භක ස්ථනය වන ආනමඩුව සාන්ත ජූඩ් දෙව් මැදුරට වැඩම කරවූ සැටි ඔබත් නරඹන්න....

Sunday, 2 September 2018

ජුසේ වාස් මුනිඳුන් පරිහරණය කළ ශ්‍රී කුරුසිය රැගත් රථය හලාවත පදවියට ඇතුළු වෙයි.

ශ්‍රී ලංකාවේ සියළුම කතෝලික පදවිය ආවරණය කරමින් ශු.ජුසේ වාස් මුනිඳුන් පරිහරණය කළ හාස්කම් පිරි, කළුවර කුරුසිය, කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ   ආශිර්වාදයෙන් ජීවමාන කුරුසිය 2018 අගෝස්තු මස 01 වන දින තම කුරුස ගම  සංචාරය අරඹන ලදි. 

Thursday, 23 August 2018

පොල්ගහවෙල මීසමේ දරුවන් ප්‍රථමවරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගනිති. 2018

කුරුණෑගල රදගුරු වසමට අයත් පොල්ගහවෙල මීසමේ දරුවන් 18 දෙනෙකු 2018 අගෝස්තු 12 වන ඉරිදා පොල්ගහවෙල, ලූර්දුවේ අප ස්වාදූවගේ දෙව් මැදුරේ දී, පොල්ගහවෙල මීසම් සේවක, ගරු සුසන්ත බර්නාඩ් පියතුමා අතින් ප්‍රථමවරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත්හ.

මෙම දරුවන් මෙම අවස්ථාව සඳහා ඉතා කැපවීමෙන් යුතුව පුරුදු පුහුණු කිරීමට පොල්අගහවෙල, කාර්මේල් කන්‍යාරාමයේ ප්‍රධාන මව් තුමියවන කාර්මෙල් නිකායේ ගරු මේරි ලක්මාලි පැවිදි සොයුරිය දායක වූ අතර දරුවන්ගේ දෙමාපියන් ද ඉතා උවමනාවෙන් මෙම අවස්ථාවට දායක වූහ. 

Friday, 17 August 2018

කට්ටිමාන සාන්ත ආනා වන්දනා සිද්ධස්ථානයේ 2018 වාර්ෂික මංගල්‍යයයේ කොඩිගස එසවීම...

කුරුණෑගල පදවියට අයත් කට්ටිමාන සාන්ත ආනා වන්දනා සිද්ධස්ථානයේ 123 වන වාර්ෂික මංගල්‍ය 2018 අගෝස්තු 26 වන දිනට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් සූදානම්වීම ආරම්භ කරමින් 2018 අගෝස්තු 16 වන දින කොඩිගස ඔසවන ගදි.

Friday, 10 August 2018

ශ්‍රී ලංකා ගිහි සැල්වටෝරියන් සංඝය සමග ඉන්දියාවෙන් පැමිණි ගරු සෙබස්ටියන් පියතුමා ධර්ම සාකච්ඡාවක

මෙම දිනවල සැල්වටෝරියනු නිකායේ පැවිදි සොයුරියන්ට ඥානකාන්ති මාලාවක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පැමිණ සිටින සැල්වටෝරියානු නිකායේ ගරු සෙබස්තියන් චීරාම්වෙලීල් පියතුමා විසින් ශ්‍රී ලංකාවේ සැල්වටෝරියානු ගිහි සංඝයේ කුරුණෑගල කණ්ඩායම සමග සිදු කළ ධර්ම සාකච්ඡා වැඩ සටහන ඔබ වෙත කිතුහඬ මගින් මෙසේ ඉදිරිපත් කරන්නෙමු. 

Wednesday, 8 August 2018

සාමාන්‍ය සමය දහඅටවන ඉරිදා දේශනාව (2018 අගෝස්තු 04)

සමාන්‍ය සමය දහඅටවන ඉරිදා නොහොත් 2018 අගෝස්තු 04 වන දින කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී පැවැත්වුණු දිව්‍ය පූජාවේ දි, කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ පාලක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් සිදු කළ හරබර දේශනාවට ඔබත් සහභාගි වෙන්න....

Monday, 6 August 2018

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ 198 වන වාර්ෂීක මංගල්‍යය

කුරුණෑගල මීසමට අයත් කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ 198 වන වරටත් සිදු කරන වාර්ෂික මංගල්‍යය 2018 ජුලි 29 වන දා කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

Friday, 3 August 2018

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ 198 වන මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය 2018

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ 198 වන වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය 2018 ජුලි 28 වැනිදා කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

Tuesday, 31 July 2018

කුරුණෑගල මීසමේ දරු දැරියන් 25 දෙනෙකු ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගනිති. 2018 ජුලි 14

කුරුණෑගල මීසමට අයත් සාන්ත ආනා අසන දෙව්මැදුරේ දී කුරුණෑගල මීසම් සංඝයේ දරු දැරියන් විසිපස් දෙනෙකු පසුගිය 2018 ජුලි 14 වන දින, කුරුණෑගල මීසම්පති ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා අතින් ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත්හ.

එම දරුවන් ඒ සඳහා උගන්වා සුදානම් කිරීමට, කුරුණෑගල ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ ප්‍රධාන මව් දූරය දරණ ගරු කුමුදිනි රණවීර පැවිදි සොයුරිය දායක වූ අතර, දරු පාසැල් ගුරු භවතුන් ද සහය වූහ.

Monday, 9 July 2018

සාමාන්‍ය සමය දහහතරවන ඉරුදින දේශනාව 2018 ජුලි 08

2018 ජුලි 08 වන දින සාමාන්‍ය සමයේ දහහතරවන ඉරුදින කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී පැවැත්වුණු, දිව්‍ය පූජාවේ දී කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් කළ දේශනාවට ඔබත් සහභාගි වන්න.

Thursday, 5 July 2018

2018 ජුලි 05 වන දින 38 වන පූජාත්වර සංවත්සරය කුරුණෑගල රදගුරු හිමිපාණන් සමරයි..

කුරුණෑගල පදවි එඩේරාණන්වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි හිමිපාණන් තම 38 වන පූජාත්වර සංවත්සරය 2018 ජුලි 05 වන දින සමරයි.

අති උතුම් රදගුරු හිමිපාණෙන්, කුරුණෑගල ජනතාව සමග එක්ව කිතුහඬ මහෝත්තම දෙවි පියාණන්ගේ බහුල වූ දේව ආශිර්වාදය ඉල්ලා මේ උතුම් දිනයේ දී යාච්ඤා කරන්නෙමු.

Monday, 2 July 2018

කුරුණෑගල පදවි පවුල් අපෝස්තලීක සේව යුග දිවි පෝෂණ වැඩමුළුව 2018

කුරුණෑගල පදවි පවුල් අපෝස්තලීක සේවාව මගින් සංවිධානය කරන ලද යුග දිවි පෝෂණ වැඩමුළුවක් පසුගිය 2018 ජුනි 30 වන දින කුරුණෑගල පදවි එඬේරාණන්වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල විශ්‍රාමික රදගුරු නිවසේ දි පවත්වන ලදි.

එම අවස්ථාවේ දී කුරුණෑගල පදවි පවුල් අපෝස්තලීක සේවා අධ්‍යක්ෂක ගරු නිහාල් ඕබ්‍රිස් පියතුමා, කුරුණෑගල පදවි විවාහ අපේක්ෂක සමුළු බාර ජේෂ්ඨ උපදේශක සහ මනෝවිද්‍යා උපදේශක කේ.ඒ.ඩී.පීටර් මහතා සහ ක්‍රිස්ටි ක්‍රිස්ටබල් යුවල යන අය විසින් විසින් විශේෂ දේශනයන් පවත්වන ලදි.

Sunday, 1 July 2018

2018 ජුනි 29 කිතුනු තතු

වර්බුම් ශ්‍රී ලංකාවේ මුල්ම කතෝලික නාලිකාවේ සතිපතා ඔබ වෙත ගෙන එන කිතුනු තතු වැඩ සටහන 2018 ජුනි 29 මග හැරුණානම් ඔබට ලේසියෙන්ම කිතුහඬ තුළින් නැවත නැවත බලාගැනීමට හැකිය.

සාමාන්‍ය සමය දහතුන්වන ඉරුදින දිව්‍ය පූජාවේ දේශනාව...

සමාන්‍ය සමයේ දහතුන්වන ඉරුදින එනම් 2018 ජුලි 01 වන දින කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී සිදු කළ ඉරිදා දිව්‍ය පූජවේ දී කුරුණෑගල සාන්ත ආනා දෙව් මැදුරේ පාළක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් සිදු කළ දේශනාවට ඔබත් සවන් දෙන්න.

Wednesday, 27 June 2018

පැල්ලන්දෙණිය පාතිමා කිතනු ඒකකයෙන් පොසොන් පෝයට අයිස් ක්‍රීම් දන්සැලක්....

කුරුණෑගල රදගුරු වසමට අයත් පැල්ලන්දෙණිය මීසමේ ශු. අන්තෝනි දෙව් මැදුරේ, පාතිමා කිතුනු ඒකකය මගින් පළමුවරට අයිස් ක්‍රීම් දන්සැලක්, 2018 ජුනි 27 වන දිනට යෙදී තිබුණ පොසෝන් පෝය දා පැවත් වූහ.

කිතුනු බොදුනු සංහිඳියාව අගයමින් සිදු කළ මෙම උතුම් ක්‍රියාවට පැල්ලන්දෙනිය මීසම් සේවක ගරු ආනන්ද වීරකෝන් පියතුමා ප්‍රධානත්වය දැරෑ අතර, තිත්තවැල්ල උඩමළු විහාරයේ වැඩවසන පූජ්‍ය මාපිටිගම සුනන්ද හිමියන් සහ රත්කරව්ව, සෙනාසුනේ පූජ්‍ය කන්දේගෙදර නන්දසාර හිමියන් ද සහභාගි වූහ.

Tuesday, 26 June 2018

කුරුණෑගල පදවි මරිය හමුදා 2018 වාර්ෂික එළිමහන් උත්සවය පැවැත්වෙයි.

කුරුණෑගල පදවි මරිය හමුදා වාර්ෂික එළිමහන් උත්සවය, 2018 ජුනි 23 වන දින පැල්ලන්දෙණිය ශු.අන්තෝනි මුනිඳුන්ගේ දෙව් මැදුරු පරිශ්‍ර එළිමහනේ දී, ඉතා ජයට සිදු කරණ ලදි.

එදින උත්සවය කුරුණෑගල පදවි මරිය හමුදා අධ්‍යක්ෂක ගරු ඇලෙක්ෂි කැලිස්ටස් පියතුමාගේ මෙහෙයවීම යටතේ කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ පාළක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, මල්කඩුවාව මීසම් සේවක ගරු චන්දන හපුආරච්චි සහ පැල්ලන්දෙණිය මීසම් සේවක ගරු ආනන්ද වීරකෝන් යන පියවරුන් ද සහභාගි වූහ.
එදින එම උත්සවය කුරුණෑගල මරිය හමුදා සභාපති මංඟලා පිංතු සොයුරියගේ සංවිධානය මත සියළු මරිය හමුදා සමාජික සාමාජිකාවන්ගේ උත්සහයෙන් සිදු කරණ ලදි.

Sunday, 24 June 2018

ස්නාවක ජුවාම් මුනිඳුන්ගේ උපන් මංගල්‍යය සැමරීමේ දිව්‍ය පූජාවේ දේශනාව, කුරුණෑගල ආසන දෙව් මැදුරේ දී....

2018 ජුනි 24 වැනි දා ස්නාවක ජුවාම් මුනිතුමාගේ උපන් දිනය සමරණ මංගලෝත්සව දිනයයි. එදින ඒ වෙනුවෙන්, කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දි සිදු කළ දිව්‍ය පූජාවේ දී, අම්පිටිය ජාතික දෙව්සත්හලේ කතිකාචාර්ය, ගරු තුෂිත ප්‍රියංඟ පියතුමා විසින් සිදු කළ හරබර දේශනාවට ඔබත් සවන් දී ඔබේ ජීවිතයට යමක් එකතුකර ගන්න.

Saturday, 23 June 2018

කුරුණෑගල සැල්වටෝරියන් ගිහි සංඝය පිළිකා රෝගීන්ට ආහාර දානයක් දෙති....

කුරුණෑගල සැල්වටෝරියානු ගිහි සංඝයේ සාමාජිකයින් විසින් සැප්තැම්බර් 08 වැනි දිනට යෙදී ඇති, සැල්වටෝරියානු පවුලේ නිර්මාතෘ ගරු ප්‍රැන්සිස් ජෝරාදාන් පියතුමාගේ සග උපතේ සංවත්සරය වෙනුවෙන් ආරම්භ කළ කුරුණෑගල රජයේ ශීක්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ට ආහාරමය දානය පිරිනැමීම, නොකඩවා දිගටම අද දක්වා පවත්වාගෙන යති.

2018 ජුනි 23 වැනි දා, වර්බුම් කිතුනු තතු මග හැරුණා ද?

වර්බුම් කිතුනු තතු ප්‍රචාරය වන වෙලාව ඔබට මග හැරුණා නම් කිතුහඬ මිතුරියන්ට නැවත නරඹන්න අවස්ථාවක් අප සලසා ඇත්තෙමු.

වර්බුම් කතෝලික නාලිකාවේ පසුගිය ජුනි 16 වන දින කිතුනු තතු......

2018 ජුනි 16 වන දින වර්බුම් නාලිකාවේ කිතුනු තතු ඔබට මග හැරුණා නම් දැන්බලා ගන්න.....

Friday, 22 June 2018

දිළිඳුන්ගේ හිතවතිය දැයෙන් සමු ගනියි.....

කිසිදාක වෙහෙසට පත්නොවුණු දිළිඳුන්ගේ හිතවතිය, ගරු බෙනඩික්ටා ප්‍රනාන්දු පුල්ලේ, සැල්වටෝරියානු පැවිදි සොයුරිය 2018 ජුනි 19 වන දින අප සැමගෙන් සමුගෙන සමිඳු හමුවට නික්ම ගියාය.

Thursday, 21 June 2018

සැල්වටෝරියානු නිකායේ ගරු බෙනඩික්ටා ප්‍රනාන්දු පුල්ලේ පැවිදි සොයුරියගේ නිසල දේහයට සෙසු සොයුරියන්ගේ අවසන් ගෞරවය

සගසැපැත් වූ සැල්වටෝරියානු පැවිදි සොයුරියගේ අවසන් කටයුතු ඉටුකිරීමේ අවමංගල දිව්‍ය පුජාවට පෙර සියළුම සැල්වටොරියන් පැවිදි සොයුරියන් නිසල දේහය අභියස දී, අවසන් ගෞරවය මෙසේ පිරිනමන ලදි.

Wednesday, 20 June 2018

සැල්වටෝරියානු නිකායේ ගරු බෙනඩික්ටා ප්‍රනාන්දු පුල්ලේ පැවිදි සොයුරිගේ අවමංගල උත්සවය

සැලවටෝරියානු නිකායේ විශාල ඉතිහාසයකට හිමිකම් ඇති ගරු බෙනඩික්ටා ප්‍රනාන්දු පුල්ලේ පැවිදි සොයුරිය 2018 ජුනි 17 වන දින සග සැපැත් වූවාය.

Friday, 15 June 2018

නාලවලාන මීසමේ හෙන්ඩියගල කඳුලේ දේව මාතාවන්ගේ දෙව් මැදුරේ ඉතිහාසය සැකවින්.......

කුරුණෑගල පදවියට අයත් නාලවලාන මීසමේ හෙන්ඩියගල නම් ග්‍රාමයේ නොයෙකුත් සතුරු උවදුරු වලට ගොදුරු වී පසුව කඳුලේ දේව මාතාවන්ට මෙම දෙව් මැදුර කැප කිරීමෙන් පසු සියල්ල සමතයකට පත්ව දැන් ඉතා ලස්සන ගොඩනැඟිල්ලක් ඉඳිවෙමින් පවතිය.

එම ස්ථානයේ ඉදිරි කටයුත සඳහා බැතිමත් ඔබ සැමගේ ආධාරය එම ස්ථානය බාර නාලවලාන මීසම් සේවක ගරු පැට්රික් ජයකොඩි පියතුමා බලාපොරොත්තු වෙයි.
ඔබගේ ආධාරය මෙසේ එවන්න
A/C No        - 72941877
A/C Name    - The Parish Priest
Bank             - Bank of Ceylon, Makandura

Thursday, 14 June 2018

ශුද්ධ වු පවුලේ සිඟිති පාසැලේ අත්කම් ප්‍රදර්ශනය 2018

කුරුණෑගල ශුද්ධ වු පවුලේ සිඟිති පාසැලේ දරුවන්ගේ අත්කම් ප්‍රදර්ශනයක් 2018 ජුනි 14 වන දින ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ ශ්‍රේෂ්ඨ මව් ගරු කුමුදිනි රණවීර පැවිදි සොයුරියගේ ආරාධනයෙන්, කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ පාලක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් සහ සහයක ගරු ලෙස්ලි ඇන්තනි යන පියවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණ අතර එම අවස්ථාවට, කුරුණෑගල පූර්ව ළමා අධිකාරිනි, මේධා ඒකනායක මහත්මිය සහ පැවිදි සොහොයුරියන් පිරිසක් ද සහභාගි වුහ.

Wednesday, 13 June 2018

2018 ජුනි 14 වන දිනට නියමිත සුපුවත කෙටියෙන් මෙනෙහි කරමු.

එදිනෙදාට නියමිත සුපුවත අප කෙසේ හෝ කියවා මෙනෙහි කළ යුතුමය. කිතුහඬ එදිනෙදා සුපුවත ඔබේ සිතට කා වදින්නට විවිධ මාර්ග උපයෝගි කරමින් ඔබේ ආත්ම සුගතිය සඳහා ක්‍රියා කරයි. එබැවින් ඔබගේ අදහස් අපට දන්වන්න.

Monday, 11 June 2018

2018 ජුනි 09 වැනි දා වර්බුම් කිතුනු තතු මග හැරුණානම් දැන් බලන්න.....

කාර්යබහුල වු ඔබට මග හැරුණු වර්බුම් කිතුනු තතු නැවත බලාගන්න අවස්ථාවක් කිතුහඬ මිතුරු මිතුරියන් වෙත මෙසේ ඉදිරිපත් කරන්නට අපි නිතර උත්සහ කරන්නෙමු.

Friday, 8 June 2018

2018 ජුනි 09 දින, කුරුණෑගල පදවි රදගුරු හිමිපාණන් තම 67 වන උපන් දිනය සමරයි.

කුරුණෑගල පදවි එඬේරාණන්වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් 2018 ජුනි 09 වන දින තම 67 වන උපන් දිනය සමරයි.

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ පාලක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා ඇතුළු කුරුණෑගල මීසම් ජනතාව සමග කිතුහඬ ද එක්වී, අප සියළු දෙනාම ඔබ වහන්සේට, ආශිර්වාදලත් සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරන්නෙමු. 

Thursday, 7 June 2018

ජුසේ වාස් කුරුස වන්දනාව තිසෝගම මීසමේ ප්‍රසන්නගමට සේන්දු වුණු හැටි.....

මහගල්ගමුවේ ජුසේ වාස් කුරුස වන්දනා ගමනේ දි, පැය කීපයක් කුරුසිය, ප්‍රසන්නගම රැඳුණු සැටි ඔබත් නරඹන්න.

Tuesday, 5 June 2018

මහගල්ගමුවේ ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ සිරි කුරුසිය තිසෝගමට වැඩම කරවීම.

මහගල්ගමුවේ ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ආශිර්වාදලත් සිරි කුරුසිය කුරුණෑගල පදවිය පුරා කෙරෙන සංචාරයේ දි තිසෝගම සාන්ත සෙබස්තියන් දේව මැදුරට වැඩම කළ සැටි ඔබත් දැක බලාගන්න.

Monday, 4 June 2018

ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුගේ පහස ලද හාස්කම් පිරුණු ශ්‍රී කුරුසිය තිසෝගම මීසමේ ඔට්ටුපල්ලම දෙව් මැදුරට වැඩම කරයි.


පුරා මසක් කුරුණෑගල පදවිය තුළ සංචාරය කරමින් සිටින අතරතුර, ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසිය තිසෝගම මීසමට අයත් ඔට්ටුපල්ලම, ලුර්දු දේව මැණියන්ගේ දෙව් මැදුරට වැඩම කළ දිනයේ මංගල ස්වාභාවය ඔබත් නරඹන්න.

වසර 330 ක්ම ජුසේ වාස් පුර හාස්කම් පාමින් වැඩ සිටිය ජුසේ වාස් ශ්‍රී කුරුසිය කුරුණෑගල පදවිය පුරා සැරිසරා ආපසු වැඩම කරයි.

මහගල්ගමුවේ ජුසේ වාස් පුර වසර 330 ක්ම එකම තැන රැඳී සිටිමින් හාස්කම් පාමින් අසරණ ජනතාවට සෙත සලසමින් වැඩ සිටිය ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ ආදරය, කරුණාව, දැඩි යාච්ඤාව තුළ පිහිටා තම හස්ථයෙන්ම කළුවර ලීයෙන් තනා ස්ථාපිත කළ ශ්‍රී කුරුසිය 2018 වසරේ අප්‍රේල් 24 වන දා සිට මැයි 17 වන දා දක්වා කුරුණෑගල පදවිය පුරා සෑම මීසමක් පාසා සැරිසරමින් හාස්කම්පාමින්  ජනතාවගේ විශ්වාසය වර්ධනය කරන්නට අපට දැනෙන නොදැනෙන අන්දමින් ක්‍රියාකර ආපසු මහගල්ගමුවට පැමිණිම කුරුණෑගල පදවි එඬේරාණන්ගේ ප්‍රධානත්වය අැතුව මහත් උත්කෘෂ්ඨවත් අන්දමින් මහගල්මුවේ ජනතාව විසින් සමරන ලදි. 

Sunday, 3 June 2018

මල්කඩුවාව පාතිමාවේ අප ස්වාමිදුගේ දෙව් මැදුරේ අභිවෘද්ධි ආලේපය දානය කිරීම 2018

කුරුණෑගල පදවියට අයත් මල්කඩුවාව පාතිමාවේ අප ස්වාමිදුවගේ දෙව් මැදුරේ තරුණ තරුණීයන් 54 දෙනෙකු 2018 ජුනි 03 වන දින, කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් අතින් අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තුව ලබා ගත්හ. මල්කඩුවාව මීසම්පති ගරු චන්දන හපුආරච්චි පියතුමාගේ මෙහෙයවීම යටතේ සිදු වූ එම දිව්‍ය පූජාවට කුරුණෑගල පදවි කරිටාස් ආයතනයේ අධ්‍යක්ෂක ගරු ජාමික සුමේධ  සහ කුරුණෑගල පදවි රදගුරු ලේකම් ගරු ජූඩ් මධුෂාන් යන පියවරුන් ද සහය වූහ.

Wednesday, 30 May 2018

කුරුණෑගල මල්කඩුවාව මීසමේ ලස්සන විවාහ සති අන්ත අත්දැකීමක් 2018

කුරුණෑගල පදවියට අයත් මල්කඩුවාව මීසමේ කුරුණෑගල විවාහ අපෝස්තුළු සේවාව විසින් සාර්ථක විවාහ සති අන්තයක් කුරුණෑගල සැල්වටෝරියන් කන්‍යාරමයේ ප්‍රැන්සිස් ජෝර්දාන් ශාලාවේදී දින තුනක් පුරා විශාල යුවල් පිරිසක් වෙනුවෙන් පවත්වන ලදි. එම අවස්ථාවට කුරුණෑගල පදවි විවාහ අපෝස්තුළු සේවා අධ්‍යක්ෂක ගරු නිහාල් ඕබ්‍රිස් සහ විවාහ අපෝස්තුළු සේවා ජාතික අධ්‍යක්ෂක ගරු ජුඩ් නික්ලස යන පියවරුන් විසින් මෙහෙයවන ලදි. 

එම අවස්ථාවට මල්කඩුවාව මීසම්පති ගරු චන්දන හපුආරච්චි පියතුමා සමග සැල්වටෝරියන් නිකායේ ශ්‍රේෂ්ඨ මව්තුමිය වන ගරු ඩල්සි ප්‍රනාන්දු ඇතුළු එම නිකායේ පැවිදි සොයුරින් පිරිසක් ද සහභාගි වූහ.  

Tuesday, 29 May 2018

වාර්ෂික මැයි මංගල්‍යය - සාන්ත ආනා ආසන දෙව් මැදුර, කුරුණෑගල 2018

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුර නොකඩවා වාර්ෂිකව ඉතා උත්කෘෂ්ඨවත් අයුරින් පවත්වන මැයි මංගල්‍යය මෙවර ද කුරුණෑගල පදවි අනුනායක අතිගරු ඔස්ටින් මාකස් ප්‍රනාන්දු නාහිමිපාණන් අතින් සිදු කෙරුණි. කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුර, පාලනාධිපති ගරු ක්‍රිස්ටි ලෙනාඩ්, සහයක ගරු ලෙස්ලි ඇනතනි සහ ක්ලැරේෂියානු නිකායේ ගරු රොයිස්ටන් යන පියවරුන් මංගල දිව්‍ය පූජාවට සහභාගි වූ අතර විශාල බැතිමත් ජනතාවක් ද සහභාගි වූහ.

Monday, 28 May 2018

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ මැයි සන්ධ්‍යා මෙහෙයේ පෙරහැර 2018

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ වාර්ෂිකව සිදු කරන මැයි මංගල්‍යයට පෙර දින සන්ධ්‍යා මෙහෙයෙන් පසුව කුරුණෑගල නගරය වටා, දේව මාතාවන්ගේ ප්‍රතිමාව රැගත් වීදි පෙරහැර ගමන් කිරීම, මෙසේ සිදු කෙරුණි.

එම අවස්ථාවට කුරුණෑගල පදවි රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් සමග පියවරුන් සහ පැවිදි සොයුරි සොයුරින් ඇතුළු විශාල බැතිමතුන් පිරිසක් ද සහභාගි වූහ. 

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ මැයි මංගල්‍යයයේ සන්ධ්‍යා මෙහෙය 2018

කුරුණෑගල ආසන දෙව් මැදුරේ වාර්ෂිකව සිදු කරන මැයි මංගල්‍යය වෙනුවෙන් මෙවරද 2018 මැයි 26 වන දින කුරුණෑගල පදවි රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

Sunday, 27 May 2018

මහ වැසි මැද සිදු කළ කුරුණෑගල සාන්ත ආනා විදුහල් මැයි නුවානය

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ මැයි මාසයේ සිදු කළ මැයි නුවාන මාලාවේ, කුරුණෑගල සාන්ත ආනා විදුහලට නියමිතව තිබුණු මැයි නුවානය මහා වැසි මැද පසුගිය 2018 මැයි 25 වන දින පවත්වන ලදි.

එම නුවාන දිව්‍ය පූජාව, කුරුණෑගල පදවි ළමා ධර්මදූත අධ්‍යක්ෂක සහ බුළුපිටිය මීසම්පති ගරු රොහාන් ප්‍රනාන්දු පියතුමා අතින් සිදු කළ අතර එම දිව්‍ය පූජාවට ගරු චන්දන හපුආරච්චි සහ ගරු ඇන්තනි ක්‍රිස්ටි කුමාර යන පියවරුන් සහය වූහ. කුරුණෑගල මීසම්පති ගරු ක්‍රිස්ටි ලෙනාඩ් සහ මීසම් සහයක ගරු ලෙස්ලි ඇන්තනි යන පියවරුන් සමග විදුහලේ ඇදුරු මඬුල්ල සහ සිසු දරුවන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

Friday, 25 May 2018

හේවිසි වයා පාවඩ එලා යායමුල්ලේ සංඝය, ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසිය පිලිගනිති...

වල්පිටගම මීසමේ යායමුල්ල, පාතිමාවේ අප ස්වාමිදූගේ දෙව් මැදුරට ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ හස්ථ ස්පර්ශය ලද හාස්කම් පිරි කළුවර ලී කුරුසිය, හේවිසි වයා පාවඩ එලා ගරු ගාම්භිරත්වයෙන් පිළිගත් රඟ ඔබත් නරඹන්න.....

Thursday, 24 May 2018

මැයි නුවානය - ශු.පවුලේ බාලිකා මහා විද්‍යාලය කුරුණෑගල - 2018

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා මහා විදුහල වාර්ෂිකව කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ  සිදු කරන මැයි නුවානය මෙවර ද කුරුණෑගල පදවි මරිය හමුදා අධ්‍යක්ෂක ගරු ඇලෙක්ෂි කැලිස්ටස් පියතුමාගේ අතින් සිදු කෙරුණි.

එම අවස්ථාවට කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ මීසම් පාලක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් සහ මීසම් සහයක ගරු ලෙස්ලි ඇන්තනි යන පියවරුන් සහය වූ අතර ශුද්ධ වු පවුලේ බාලිකා මහා විදුහලේ විදුහල්පති ගරු ට්‍රිසිල්ඩා ප්‍රනාන්දු පැවිදි සොයුරිය ඇතුළු ආචාර්ය මණ්ඩලයත් සමග විශාල සිසු දැරියන් පිරිසක් ද සහභාගි වුහ.

හාස්කම් පිරි ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය මිල්ලව ජනතාව අතරට

මිල්ලව ජනතාව අතරට වැඩම කළ ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසියට මහත් හරසර......


අභිවෘද්ධි ආලේපය දානය කිරීම - සාන්ත ආනා ජාතික සිද්ධස්ථානය, කට්ටිමාන 2018

කට්ටිමාන ජාතික සිද්ධස්ථානයේ මීසම් සංඝයේ යොවුන් තරුණ තරුණියන් සහ වැඩිහිටියන් 75 දෙනෙකු 2018 මැයි 19 වන දින කුරුණෑගල පදවි රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් අතින් අභිවෘද්ධි ආලේපය ලබා ගත්හ.

එම අවස්ථාව කට්ටිමාන ජාතික සිද්ධස්ථාන පාලක ගරු ජෙරොම් පෙරේරා පියතුමා විසින් සංවිධානය කර මෙහෙය වූ අතර කුරුණෑගල රදගුරු ලේකම් ගරු ජූඩ් මධුෂාන් පියතුමා සහය විය.

අභිවෘද්ධි ආලේපය දානය කිරීම - කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුර - 2018

කුරුණෑගල සාන්ත ආනා අාසන දෙව් මැදුරේ දි 2018 මැයි 13 වන දින නව යොවුන් තරුණ තරුණියන් 75 දෙනෙකු අභිවෘද්ධි ආලේපය, කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ අතින් ලබා ගත්හ.

Thursday, 17 May 2018

ශු.ජුසේ වාස් මුනිඳුගේ හස්ථ ස්පර්සය ලද කුරුසියට වන්දනා කිරීමට දහස් ගණන් පැමිණෙති.

කුරුණෑගල පදවිය තුළ පමණක් වැඩම කරවමින් හීන වෙමින් තිබෙන කිතුනු විශ්වාසය ශක්තිමත් කරන අදහසින් වසර 330 ක්  තුළ, කිසිම අයුරකින් මහගල්ගමුවෙන් පිටතට වැඩම නොකෙරෙවු ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රි කුරුසිය කුරුණෑගල පදවිය පුරා සංචාරය කිරීමෙන් පසු බොහෝ ප්‍රතිහාරයයන් සිදු වූ අතර, එම ශ්‍රී කුරුසිය මුළු දිවයින පුරා වැඩම කරවීමට යෝජනා කෙරෙමින් පවතියි.

Saturday, 12 May 2018

ජුසේ වාස් මුනිඳුගේ ස්පර්ශය ලද මහගල්ගමුවේ මහ බලගතු කුරුසිය උඩුබද්දාවට...

ශ්‍රී කුරුසිය උඩුබද්දාවට ප්‍රවිෂඨ වුනේ මෙසේය.

ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ප්‍රාතිහාර්යාත්මක කුරුසිය බැහැදැකීමට කුරුණෑගල රදගුරු හිමි, කඩවලගෙදර මීසම වෙත පැමිණෙයි.

මහගල්ගමුවේ වසර 330 ක් පුරා එහි වෙසෙන විශ්වාසයේ ජනතාවගේ උරුමය වූ ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන් අතින් ස්ථාපනය වූ ශ්‍රී කුරුසිය මේ දිනවල කුරුණෑගල පදවියේ මිසම් කරා, නිමෙමින් තිබෙන විශ්වාසයේ පහන් දලවමින් යන ගමනේ 2018 මැයි 12 වන දින කඩවලගෙදර මීසමට ප්‍රවිෂ්ඨ වූ හැටි ඔබත් නරඹන්න.

එදින එම අවස්ථාවට කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් ද සහභාගිවීම එම මීසම්වාසින්ගේ ආනන්දයට හේතුවිය.

Friday, 11 May 2018

ජුසේ වාස් මුනි ස්පර්ශය ලද ශ්‍රී කුරුස වන්දනා ගමන උඩුබද්දාවට ප්‍රවිෂ්ඨ වෙයි.

දින 24 ක් පුරා කුරුණෑගල පදවියේ මීසම් 33 ක බතිබර දේව ජනතාවගේ දුබල විශ්වාසය ප්‍රබල කරමින් විවිධ හාස්කම් පාමින් යන විශ්වාසයේ කරුසියේ වන්දනා ගමන උඩුබද්දාව මීසමට ඇතුළු වූ හැටි ඔබත් දැක බලා ගන්න....

ජුසේ වාස් කුරුසිය කට්ටිමහනින් දුම්ලසූරියට...

ජුසේ වාස් මුනිඳු පරිහරණය කළ සාස්කම් පිරුණු ශ්‍රී කුරුසිය තව තවත් පෙළහර පාමින් කුරුණෑගල පදවිය පුරා සැරිසරමින් වැඩම කරයි....

Wednesday, 9 May 2018

ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසියට කට්ටිමහන මීසමෙන් මහත් හරසර

ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ස්පර්ශය ලද ශ්‍රී කුරුසිය මහත් හරසර මැද කරත්ත පෙරහැරකින් කට්ටිමහන මීසමට වඩම්වාගෙන යයි.....

Sunday, 6 May 2018

ජුසේ වාස් මුනිඳුන්ගේ ස්පර්ශය ලද ශ්‍රී කුරුසිය හා ජුසේ වාස් පියතුමා ගැන බොදුනුවන්ට පැහැදිලි කරයි....

මහගල්ගමුවේ ජුසේවාස් පුර වසර 300 කට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රථම අපෝස්තුළුවරයාණන් වන ජුසේ වාස් මුනිඳුන් අතින් ස්ථාපිත කළ ඓතිහාසික කළුවර ලී කුරුසිය කුරුණෑගල පදවියේ සියළුම දේවස්ථාන කරා වැඩම කරවීමේ වැඩසටහන තුළ දාරළුව මීසමේ දී ගමේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ ඇතුළු බොදුනු බැතිමතුන්හට දාරළුව මීසම් පාළක ගරු නීල් ක්‍රිෂාන්ත පියතුමා විසින් කිතු දහම, ශු.ජුසේ වාස් මුනිතුමා සහ එතුමාගේ ස්පර්ශය ලද ඓතිහාසික කුරුසිය ගැන පැහැදිල කළේ මෙසේ ය.

Saturday, 5 May 2018

මහගල්ගමුවේ ජුසේ වාස් මුනිඳුන්ගේ ඓතිහාසික කළුවර කුරුසියට තඹකන්දේ දී මහත් හරසර...

්‍ර

වසර තුන්සියකට වඩා පැරණි, ශ්‍ර්‍ර්‍රී ලංකාවේ ප්‍රථම සාන්තුවරයාවන ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ හස්ථයෙන් ස්පර්ශය ලද කළුවර ලීයෙන් තැනුණු හාස්කම්වලින් පිරුණු ඓතිහාසික ශ්‍රී කුරුසිය දැනට කුරුණෑගල පදවිය පුරා වැඩම කරවීමේ, වැඩපිළිවල අනුව 2018 මැයි 05 වන සෙනසුරාදා මහත් බැතිමත් ජනතාවක් මැදට වැඩම කරවා කුරුස වන්දනාව කරණ ලදි.

Thursday, 3 May 2018

ශු.ජුසේ වාස් මුනි‍ඳුන්ගේ ශ්‍රී කුරුසිය බක්මීගොල්ල සිට වෑඋඩ දේවස්ථානයට වැඩම කරවීම

ජුසේ වාස් මුනිඳුන්ගේ හස්ථ ස්පර්ශය ලද හාස්කම් පිරි ශ්‍රී කුරුසිය කුරුණෑගල පදවිය පුරා වැඩම කරවීමේ වැඩසටහන අනුව බක්මීගොල්ල සිට වෑඋඩ දේවස්ථානයට වැඩමකරවීමේ විශේෂ අවස්ථා ඔබත් නරඹන්න.

කලක් කුරුණෑගල ආසන දෙව් මැදුරට නැතුවම බැරිව සිටි මිනිසෙක්.....

මයිකල් අයියා... කිසි දා අපට අමතක නොවේ. දැන් සිදු කරමින් සිටින මහගල්ගමුවෙ ජුසේ වාස් මුනිඳුන්ගේශ්‍රී කුරුසිය පදවිය පුරා රැගෙන යන අවස්ථාවේ දි, අපගෙ හිත මිතුරා මුණ ගැසිණා.....

Tuesday, 1 May 2018

ජුසේ වාස් පුර, හාස්කම්පිරි ශු.ජුසේ වාස් මුනිඳුගේ කුරුසිය තම සංචාරයේදී මැල්සිරිපුර සිට බක්මීගොල්ලට ගිය හැටි.

ශ්‍රී කුරුස වන්දනා ගමනට කිතුහඬ සමග එක්වී සිටින ඔබව අද අප කැඳවාගෙන යන්නේ, බක්මීගොල්ල මීසමටයි... ලැබෙන අවස්ථානුකූලට ඔබවත් අපේ වන්දනා ගමනට සහභාගි කරගන්නට උපරිම උත්සහය ගන්නෙමු.... ඔබට ජේසු පිහිටයි!

ජුසේ වාස් පුර, හාස්කම්පිරි ශු.ජුසේ වාස් මුනිඳුගේ කුරුසිය තම සංචාරයේදී මැල්සිරිපුර ගිය හැටි.

දිවා කාලය පුරා මොරොත්ත කිතුනු සංඝය විසින් ශ්‍රී කුරුස වන්දනාව සිදු කළ පසු මැල්සිරිපුර දේවස්ථානය වෙත වැඩම කළ හැටි ඔබත් නරඹන්න...

ජුසේ වාස් පුර, හාස්කම්පිරි ශු.ජුසේ වාස් මුනිඳුගේ කුරුසිය තම සංචාරයේදී මැල්සිරිපුර මීසමේ මොරොත්ත දක්වා ගිය හැටි.

මහගල්ගමුවේ ජුසේවාස් පුර ස්ථාපිතකර ඇති ඓතිහාසික කළුවර හාස්කම් පිරි ශ්‍රී කුරුසිය මොරොත්ත ශුද්ධ වු ජපමාල මෑණියන්ගේ දේවස්ථාන සංඝය විසින් මහා හරසරින් පිළිගත් අයුරු ඔබත් බලන්න. 

Sunday, 29 April 2018

ජුසේ වාස් පුර, හාස්කම්පිරි ශු.ජුසේ වාස් මුනිඳුගේ කුරුසිය තම සංචාරයේදී මැල්සිරිපුර දක්වා ගිය හැටි.

ශු.ජුසේ වාස් මුනිඳුන් රට පුරා සැරිසැරු අන්දම සිහි ගන්වමින් ජුසේ වාස් මුනිඳුන් පරිහරණය කළ හාස්කම්පිරි ඓතිහාසික කළුවර ලී කුරුසිය මැල්සිරිපුර දක්වා වැඩම කළ අයුරු ඔබත් දකින්න...

මහගල්ගමුවේ පලුගහයට ශු.ජුසේ වාස් මුනිතුමා ස්ථාපිත කළ හාස්කම්පිරි ශ්‍රී කුරුසිය කුරුණෑගල පදවිය පුරා වැඩම කරවීම.

කුරුණෑගල රදගුරු වසමට අයත් මහගල්ගමුවේ පලුගහයට ස්ථාපිත කරඇති හාස්කම් පිරි කළුවර ලී කුරුසිය කුරුණෑගල රදගුරු වසම පුරා වැඩම කරවීමේ වැඩසටහනේ තවත් පියවරක් ඔබත් මෙම වීඩියෝවෙන් දැක බලා ගන්න.....

ජුසේ වාස් මුනි‍ඳුන් පරිහරණය කළ හාස්කම්පිරි ශ්‍රී කුරුසිය නිකවැරටියෙන් වාරියපොල හා කටුපොත මීසම් වෙත වැඩම කරවීම

ඉතා ගැඹරු හා කාළින පරමාර්ථ කීපයක් පෙරදැරි කරගෙන කුරුණෑගල පදවිය පුරා වැඩම කරවන ශු.ජුසේ වාස් මුනිඳුන් අතින් මහගල්ගමුවේ ස්ථාපිත කරඇති ශ්‍රී කුරුසිය කුරුණෑගල රදගුරු වසමේ මීසම් 33කට රැගෙන යෑමේ වැඩසටහන අනුව නිකවැරටියට වැඩම කරවා තිබූණ ශ්‍රී කුරුසිය නිකවැරටිය මීසමේ සිට වාරියපොල හා කටුපොත මීසම්වලට වැඩම කළ හැටි මේ විඩියොවෙන් දැක බලාගන්න.

Tuesday, 24 April 2018

ශුද්ධ වු ජුසේවාස් මුනි‍ඳුන් පරිහරණය කළ ශ්‍රී කුරුසිය කුරුණෑගල පදවිය පුරා වැඩම කරවීම ඇරඹෙයි.....

කුරුණෑගල පදවියේ මහාගල්ගමුවේ පිහිටා ඇති ශුද්ධ වු ජුසේ වාස් මුනි‍ඳුන්ගේ සිද්ධස්ථානයේ ස්ථාපිත කර ඇති, උන්වහන්සේ විසින් පරිහරණය කළ ශ්‍රී කුරුසිය කුරුණෑගල පදවියේ සියළුම දේවස්ථානයක් කරා වැඩ කරවීමේ වැඩ සටහන 2018 අප්‍රේල් 24 වන දින සිට ආරම්භ කරන ලදි.

ගල්ගමුවේ සිට නිකවැරටිය දේවස්ථානය කරා වැඩම කරවීම ඔබත් කිතුහඬ හරහා දැක බලා ගන්න.

Thursday, 19 April 2018

සැල්වටෝරියානු පැවිදි සොයුරියන්ගේ හය වසරකට වරක් පැවැත්වෙන සමුළුව 2018

ලොව පුරා පිහිටුවා ඇති සැල්වටෝරියානු පැවිදි සොයුරියන්ගේ නිකාය තම තමන්ගේ රටවල හය වසරකට වරක් පවත්වන සමුළුව IX වන වරට ශ්‍රී ලංකාවේ ලේවැල්ලේ පිහිටා ඇති පාතිමා ඥානකාන්ති මැදුරේ දී 2018 අප්‍රේල් 8 සිට 11 වන දින දක්වා පැවැත්වුණි.

එම දීර්ඝ වැඩසටහන කොටස් වශයෙන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත...

Wednesday, 18 April 2018

කුරුණෑගල මීසමේ අභිවෘද්ධියාලේපය ලබන්නට සැරසෙන දරුවන්ට ගැඹුරු අධ්‍යායනයක් 2018

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුර අයත් කුරුණෑගල මීසමේ දූදරුවන් 2018 මැයි මාසයේ 13 වන දින අභිවෘද්ධිආලේපය ලබන්නට සූදානම් වෙමින් සිටින මෙම අවධියේ ඒ සඳහා පෙර සූදානම්වීමේ වැඩ සටහන් කීපයකටම මුහුණ දුන්හ.

එම වැඩසටහන් මාලාවේ එක් අවස්ථාවක් ලෙස එඬේරමුල්ල වත්තල පිහිටා ඇති ගරු ජූඩ් බර්නාඩ් පියතුමා අතින් පාලනය වන  මත්ද්‍රව්‍යයවලට ඇබ්බැහිවූවන් පුනර්උත්ථාපනය කරන මධ්‍යස්ථානයේ එම තත්වයට පත්ව සුවය ලැබූ අයගේ අත්දැකීම් බෙදා ගැනීම සිදු කරන ලදි.
කාලෝචිත මෙම වැඩ සටහන වත්මන් යුගයේ තරුණ පිරිස් හමුවේ ඇති බැරෑරුම් ව්‍යාසනය ගැන ගැඹුරු අවබෝධයක් අභිවෘද්ධියාලේපය ලබන මෙම දරුවන්ට ලබා දීම ඉතා අගය කළ යුතුය. 

Tuesday, 17 April 2018

කුරුණෑගල සැල්වටෝරියානු පවුල හින්දු පවුලක් සමඟ සිංහල දෙමළ අළුත් අවුරුද්ද සමරති 2018

කුරුණෑගල සැල්වටෝරියානු පවුලේ ගිහි සංඝය සමග සැල්වටෝරියන් පැවිදි සොයුරියන් එක්ව මෙවර 2018 වසරේ අප්‍රේල් 14 වන දින සිංහල දෙමළ අළුත් අවුරුද්ද හින්දු ද්‍රවිඩ පවුලක් සමග සැමරුහ.

මෙම අවස්ථාව කුරුණෑගල සැල්වටෝරියානු ගිහි සංඝයේ සභාපති සහ සැල්වටෝරියානු නිකායේ ගරු පැට්රිසියා පැවිදි සොයුරිය විසින් සංවිධානය කරන ලදි.

Thursday, 5 April 2018

මහා ගල්ගමුවේ සිරි කුරුසිය පදවිය තුළ වැඩම් කරවීම

2018 අප්‍රේල් 24 දින සිට 2018 මැයි 17 දක්වා කාලය තුළ, මහා ගල් ගමුවේ ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ ස්ථාපිත කර ඇති ප්‍රාතිහාර්යාත්මක සිරි කුරුසිය කුරුණෑගල පදවිය තුළ ඇති දේවස්ථාන කරා වැඩම කරවීම සඳහා ජුසේවාස් පදවි කමිටුව රැස් වු අවස්ථාවක්.........

ආලේලූයියා සෙනසුරාදා නොහොත් ක්‍රිස්තුත්ථාන මංගලෝත්සවය 2018

ශුද්ධ වු සතියේ සෙනසුරාදා කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී පවත්වන ලද පාස්කු පූර්ව රාත්‍රි මෙහෙයේ විශේෂ අවස්ථා කීපයක් කිතුහඬ ඔබ වෙත මෙසේ ගෙන එයි.....

Monday, 2 April 2018

2018 මහා සිකුරාදා කුරුසියේ වන්දනා පිළිවෙත - කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී මෙසේ සිදුවිය.

කුරුසියේ ලකුණු පෙන්වීම දේව වන්දනා පිළවෙතේ කොටසක් නොවූවත්, ශු.ජුසේ වාස් තුමා හා ගොන්සාල්වෙස් පියතුමාගේ කාලයේ ආරම්භ වූවක්. ජාකොමේ ගොන්සාල්ස්වෙස් පියතුමා දුක්ප්‍රාප්ති ප්‍රසංගය නම් දේසනා නවයේ පසම් පොත රචනා කළා. එය රචනා කළේ විශේෂයෙන්ම පියවරුන් නොමැති අවස්ථාවකදී, ගිහි සැදැහැවතුන්ට එක්රැස් වී මෙම දුක්ප්‍රාප්තිය සැමරීමේ ඉතාම ලස්සන ක්‍රමයක් ලෙස භාවිතා කරන්නටයි. මෙය කිතුනු විශ්වාස ගිලිහී යන්නට නොදී රැක ගැනීම වස් ලකුණු පෙන්වීම යනුවෙන් එදත් අදත් අප ස්වාමින් වහන්සේ කුරුස ගසේ දී විඳි දුක් ගාවිනාවල්, උන්වහන්සේගේ ශ්‍රී මරණය හා උන්වහන්සේගේ දේහය කුරුසියෙන් බා තැන්පත් කිරීම ප්‍රදර්ශනය කෙරෙනවා. කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී එම කාර්යය සම්පූර්ණ කරන්නට ගත් උත්සහය මෙසේ කිතුහඬ ඔබ වෙත ගෙන ආවා. එය තවත් අර්ථවත් කරන්නට කිතුහඬ පැරණි පසන් ගී කීපයක් මෙයට මුසු කළා.. ඔබේ අදහස් අපට එවන්න. එය අපට දිරියක් වේවි..... 

2018 මහා සිකුරාදා දිනයේ කුරුණෑගල පදවි එඬේරාණන්ගේ ධර්ම දේශනාව

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ ද සිදු කළ 2018 වසරේ ශුද්ධ වු සතියේ මහා සිකුරාදා දිනයේ දි සිදු කළ ධර්ම දේශනාව.... 

2018 මහා සිකුරාදා ශ්‍රී මරණයේ දුක්ඛෝත්වය

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී 2018 වසරේ මහා සිකුරාදා සිදු කළ සමිඳාණන්ගේ ශ්‍රී මරණයේ දුක්ඛෝත්සවයේ විශේෂ අවස්ථා මෙසේ දක්වමු.

Sunday, 1 April 2018

2018 මහා සිකුරාදා පාද නමස්කාර කුරුසියේ වන්දනාව....

කුරුණෑගල සාන්ත ආනා මීසම් සංඝය විසින් වාර්ෂිකව මහා සිකුරාදා සමිඳාණන්ගේ ශ්‍රී මරණය සමරණ දුක්ඛෝත්සවය ආරම්භ කිරීමට ප්‍රථම සිදු කරන පාද නමස්කාර කුරුසියේ වන්දනා මෙවර ද සිරිත් පරිදි කුරුණෑගල පදවි එඬේරාණන්වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ සහභාගිත්වය ඇතුව විශාල බැතිමත් පිරිසක් සමග කුරුණෑගල සාන්ත ආනා විදුහල් පරිශ්‍රයේ දී සිදු කෙරුණි......