2018 මහා සිකුරාදා කුරුසියේ වන්දනා පිළිවෙත - කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී මෙසේ සිදුවිය.
කුරුසියේ ලකුණු පෙන්වීම දේව වන්දනා පිළවෙතේ කොටසක් නොවූවත්, ශු.ජුසේ වාස් තුමා හා ගොන්සාල්වෙස් පියතුමාගේ කාලයේ ආරම්භ වූවක්. ජාකොමේ ගොන්සාල්ස්වෙස් පියතුමා දුක්ප්රාප්ති ප්රසංගය නම් දේසනා නවයේ පසම් පොත රචනා කළා. එය රචනා කළේ විශේෂයෙන්ම පියවරුන් නොමැති අවස්ථාවකදී, ගිහි සැදැහැවතුන්ට එක්රැස් වී මෙම දුක්ප්රාප්තිය සැමරීමේ ඉතාම ලස්සන ක්රමයක් ලෙස භාවිතා කරන්නටයි. මෙය කිතුනු විශ්වාස ගිලිහී යන්නට නොදී රැක ගැනීම වස් ලකුණු පෙන්වීම යනුවෙන් එදත් අදත් අප ස්වාමින් වහන්සේ කුරුස ගසේ දී විඳි දුක් ගාවිනාවල්, උන්වහන්සේගේ ශ්රී මරණය හා උන්වහන්සේගේ දේහය කුරුසියෙන් බා තැන්පත් කිරීම ප්රදර්ශනය කෙරෙනවා. කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී එම කාර්යය සම්පූර්ණ කරන්නට ගත් උත්සහය මෙසේ කිතුහඬ ඔබ වෙත ගෙන ආවා. එය තවත් අර්ථවත් කරන්නට කිතුහඬ පැරණි පසන් ගී කීපයක් මෙයට මුසු කළා.. ඔබේ අදහස් අපට එවන්න. එය අපට දිරියක් වේවි.....
This comment has been removed by the author.
ReplyDelete