Friday, 18 August 2017

ගිහි සැල්වටෝරියන් ඉතිහාසය සැකවින් - The History of Lay Salvtorians in brief...

සැල්වටෝරියන් නිකායේ නිර්මාතෘවරයා වන ගරු ප්‍රැන්සිස් ජෝර්දාන් පියතුමා ගේ අරමුණ වූයේ ක්‍රියාකාරි සංඝයක් මගින් ගැළවීම පිළිබඳව පූර්ණ දේව සැලස්ම ලොවට ප්‍රකාශ කිරීමය.

ගිහි පැවිදි සහයෝගිතාවය මගින් මෙම අරමුණ සාක්ෂාත් කරගත හැකියැයි ජෝර්දාන් පියතුමා කල්පනා කළා. ඒ සඳහා මුළු කතෝලික සමාජය හා එහි සම්පත් නිසි ලෙස ව්‍යප්ත කරන්නට ජෝර්දාන් පියතුමා සමාජයේ විවිධ මට්ටම්වලින් සමන්විත වූ ගිහි කණ්ඩායම් උචිත බැව් තේරුම් ගත්තා. ගිහි සංඝයට පැවරෙන මූලික සේවාව වූයේ ලොව පරිවර්තනයක් කරා ගෙන යෑම සඳහා ජනතාවට නිසි මඟ පෙන්වීම සහ ඔවුන් ආලොකමත් කිරීමය.
18 වන සියවසේ දී, කාලයේ සලකුණු හා අවකාශයන්ට අනුව සභා නායකයන්ට ජෝර්දාන් පියතුමාගේ මෙම අදහස අභියෝගයක් වූයෙන් ඒ සඳහා අනුමැතිය ලබා දීමට අපොහොසත් වුනා. ඒ හෙයින් ජෝර්දාන් පියතුමාට හැකි වුනේ, පැවිදි නිකායන් දෙකක් පමණක් ආරම්භ කිරීමටය. ඒවා නම් පුරුෂ පක්ෂය වෙනුවෙන් දිව්‍ය ගැළවුම්කරුවාණන්ගේ පූජා ප්‍රසාදිවරුන් සහ සහෝදරතුමන්ලාගේ නිකාය සහ තෙරේසා ෆොන් වුලන්වෙබර් ගේ සහයෝගයෙන් කාන්තාවන් සඳහා ආරම්භ කළ දිව්‍ය ගැළවුම්කරුවාණන්ගේ  පැවිදි සොයුරියන්ගේ නිකායයි. නමුත් ජෝර්දාන් පියතුමාගේ මූලික දර්ශනය වූ ගිහි දූත මෙහෙවර නුදුරු අනාගතයේ දී ආරම්භ කළ හැකි වේ යන දැඩි අධිස්ඨානය තුළම අපේක්ෂා සහගතව දැඩි විශ්වාසයෙන් යුතුව, ජෝර්දාන් පියතුමා පසුවිය.
1917 දී ජෝර්දාන් පියතුමාගේ මූලික දර්ශනය වූ ගිහිදූත සංඝ සභාව සම්පූර්ණයෙන්ම ශුද්ධ වු සභාව පිළිගැනීම අපගේ භාග්‍යයක් විය.
දෙවන වතිකාන කතිකාවෙන් පසු ඇති වූ සභාව තුළ ඇති වූ වෙනස්කම් හේතුකොට ගෙන ශුද්ධ වු සභාව ක්‍රිස්තුස් වහන්සේගේ පූජකවර, දිවැසිවර සහ රාජකීය යන නිලයන් ගිහියන් සමඟ බෙදා ගැනීමටත් ගිහියන් මගින් එම නිලයන් ජනතාව අතරට ගෙන යන්නට සහ එය ඵලදරවන්නට ගිහියන්ට විශේෂ ඇරයුමක් කරණ ලදි. ඒ මක්නිසාදයත් ශුද්ධ වු සභාවට පොළොවේ ලුනු විය හැකිවන්නේ ගිහියන් තුළින් පමණි. (ලුමන් ජෙන්සියම් නො 31).
1970 න් පසුව ජෝර්දාන් පියතුමාගේ දර්ශනය ඉදිරියට ගෙන යාමටත් ශුද්ධ වු සභාවේ කැඳවීමටත් පිළිතුරු දීමට ලෝකයේ විවිධ රට රාජ්‍යයන්හී ගිහි සමාජිකයන් ඉදිරිපත් වූහ.
සැල්වටෝරියන් දූත මෙහෙය පූජක පැවිදි ගිහි සැමට පොදු වූවකි. මුළු සැල්වටෝරියන් පවුලම මිදුම් කරුවාණන්ගේ ගැළවීමේ පණිවිඩයේ දර්ශනය අවැසි ලෙසින් අවැසි තැන ප්‍රකාශ කිරීම සඳහා කැපවී සිටිති.   

No comments:

Post a Comment