හෙන්ඩියගල කිතුනු සංඝයේ කඳුළු පිස දැමූ කඳුලේ දේව මාතාවගේ ඉතාලියේ සිරිකුසා සංඝය පැමිණෙති.
කුරුණෑගල රදගුරු වසමට අයත් නාලවලාන මීසමේ හෙන්ඩියගල නම් ග්‍රාමයේ නොයෙකුත් තාඩන පීඩන වලට මුහුණ දෙමින් වරක ගිනි තැබීම් වලටත් තවත් වරක බැතිමතුන් වන්දනා කළ දේවමාතා ප්‍රතිමාව සොරා ගෙන ගොස් වැවක ගිල්වා දමමින් ද, සිදු කළ සාමය බිඳ දමා ආගම් අරගලයක් ඇති කිරීමට ගත් උත්සහයන්, ජේසු සමිඳාණන් කියා දුන් වැරදි කරන්නන්ට සමාව දීමේ සහ ඉවසීමේ කිතුනු න්‍යාය ධර්මයෙන්ම දිනා ගැනීමට හැකි විය.
හෙන්ඩියගල කිතුනු සංඝයේ කඳුළු පිස දමන්නට ඉතාලියේ සිසිලි දූපතේ සිරිකුසා සංඝයේ ගරු සචිත ප්‍රනාන්දු පියතුමා විසින් ප්රදානය කරන ලද එම සංඝයේම දෙව් මැදුර කැප කර ඇති කඳුලේ අප ස්වාමිදුවගේ ප්‍රතිමාව අප කුරුණෑගල පදවි එඬේරාණන් අතින්ම 2016 දෙසැම්බර් 23 වන දින කැපකර හෙන්ඩියගල කිතුනු සංඝය වෙත බාර දෙන ලදි. එ් අනුව මෙම දෙව් මැදුර ශ්‍රී ලංකාවේ සහ මුළු ආසියාවේම පළමුවන කඳුලේ අප ස්වාමිදූගේ දෙව් මැදුර බවට පත් වෙමින් ශ්‍රී ලංකාවේ හෙන්ඩියගල ග්‍රාමය කතෝලික ඉතිහාසයේ විශේෂාකාරයෙන් සනිටුහන් වනු ඇත.
මෙම ඓතිහාසික දෙව්මැදුර දැක බලාගන්නට 2017 ජුලි 23 වන දින, හෙන්ඩියගල ග්‍රාමයට පැමිණි ගරු සචිත ප්‍රනාන්දු පියතුමා ඇතුළු සිරිකුසා සංඝය පිළිබඳ වර්තාව මෙසේ කිතුහඬ අන්තර්ජාලයට මුසු කර තබයි.
No comments:
Post a Comment