Thursday, 31 August 2017
Wednesday, 23 August 2017
හඳුනාගත්තොත් ඔබ මා.....
මනුලොවේ ජීවය ඇරඹී දින සිට මිනිසා කුතුහලයෙන් තමා අවට පරිසරයත්, විශ්වයත් එහිම කොටසක් වූ තමා පිළිබඳවත් විමර්ශනය කිරීමට පෙළඹිණි. සිය අවබෝධය හා කාලීන විශ්වාසයන් මත නිම වූ විශ්වීය අර්ථකකථනයන් බිහිවීම ඇරඹියේ ඒ අයුරිනි. ග්‍රීක ශිෂ්ඨාචාරය තුළ මිනිසා වඩාත් තාර්තීක වීම නිසාවෙන් ඔහු බුද්ධිය මත පමණක් පිහිටා සියල්ල විසඳීමට යත්න දැරීය. තමා තුළ වූ කුමක්දෝ බලයක් පිළිබඳව ඔහු දැන සිටිය බව නොඅනුමානය. මිනිසා තුළ ද්විත්ව පුද්ගල වාසය නැමැති සංකල්පය මත පිහිටා ප්ලෝටෝ, ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයින් බුද්ධිවාදි අදහස් පළ කරන ලද්දේ එබැවිනි.සැබැවින්ම මිනිසා තුළ ලද දෙයින් සෑහිමකට පත් නොවීම නැතහොත් පූර්ණත්වයෙන් පූර්ණත්වයට පත්වීමේ දැඩි ආශාව, ඔහු තුළම කිඳා බැස ඇති මහත් උත්සහායකි, ආයාශයකි. එකී පූර්ණත්වය ළඟා කරගන්නා තුරු ඔහු වචනයෙන් කිව නොහැකි තරම් හිස් බවක් අත්දකින පුද්ගලයෙකි. ලෞකික වශයෙන් දියුණුවේ හිණිපෙත්තටම නැඟුණත් ඔහු තුළ මහත් හිස්කමක් රජ කරයි. මන්ද සැබෑ පුර්ණත්වය වචනයේ අර්ථයෙන්ම ආධ්‍යාත්මික වන බැවිනි.
විශ්ව මානව ඉතිහාසයේ කොයියම් හෝ වැදගත් සංධිස්ථානයකදී දෙවියන් වහන්සේ මනුෂ්‍යා තුළ මහ විශ්ව බලයක් තැන්පත් කළ බව කිතුනු අපගේ විශ්වාසයයි. මේ බලය මානව පරිණාමයත් සමඟම තවතවත් බලවත් වෙමින්, ඉදිරියටම ගමන් කරයි. පරිණාමවේදි කිතුනු පියතුමකු වන තෙයියාඩ්ඩේ ෂාඩෑන් නම් පියතුමා පවසන ප්‍රකාර මිනිස් පරිණාමයේ අවසාන නැවතුම, අධිමානසික තත්වයකි. විශ්වය තරණය කරමින් විද්‍යාව හා තාක්ෂණ දියුණුවේ ඔටුනු පැළඳ ගැනීමට වෙර දරන මිනිසා මානව පරිණාමයේ, තවත් එක සංධිස්ථානයකදී තමාවම තරණය කිරීමට පෙළඹෙනු ඇත. මක්නිසාදයත් විද්‍යාව හා තාක්ෂණික දියණුවේ ආරම්භය හෙවත් ප්රභවය අසිරිමත් මිනිස් මනස වන නිසාමය. මුළු ලෝකයක් විනාශ කළ හැකි පරමාණු බෝම්බය මුලින්ම තැනුණේ මිනිස් මනස තුළය. එසේනම් මේ සා විශාල බලයක් නිපදවිය හැකි සිය මානසික ශක්තිය ගවේශණ කිරීමේ වැදගත්කම මිනිසා අත්දැකීමෙන් අවබෝධ කර ගන්නා නිසා, එය උද්දීපනය කර ගෙන ඉන් ප්‍රයෝජන ගැනීමට ක්‍රමයෙන් පෙළඹෙනු ඇත.
තමා තුළම වන මහඟු නිධානයක් වැනි එකී අධීමානසික ශක්තිය උපයෝගි කර ගනිමින්, බුදු රජාණන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ වැනි ශාස්තෘවරු හා එතුමාණන්ලාගේ බොහෝ අනුගාමිකයන් ද, ඇල්බට් අයින්ස්ටයින්, චාර්ල්ස් ඩාවින්, ප්‍රැන්සිස් ගැල්ටන් වැනි උගතුන් මෙන් මේ මහ බලය ප්‍රයොජනයට ගෙන විශ්වයට ආලෝකයක් වන පුද්ගලයින්ට වඩා පූර්ණත්වයේ ආයාශය හෙවත් නොනිමෙන ප්‍රේරණය නිසා තමා තුළ වන හිස් බව ජය ගැනීමට ධනය, බලය, කීර්තිය, මත්ද්‍රව්‍ය, ත්‍රස්ත ක්‍රියා හා නොයෙකුත් සමාජ විරෝධි ක්‍රියාවන් පසුපස හඹා ගොස් සිය ජීවිතය කාලකන්ණි කර ගනිමින් තමාටත්, ලෝකයාටත් ශාප කර ගන්නා පුද්ගලයන් බොහෝ ය.
මේ ඛේදනීය තත්වය මැනවින් වටහා ගෙන ධනාත්මක චින්තනය තුළින් තම පෞෂත්වයේ යතුර සිය අතට ගෙන තමා තුළ වන විශ්වීය බලය තේරුම් ගෙන, අද සිට අර්ථයෙන් මෙන්ම ධර්මයෙන් සාර්ථක පුද්ගලයකු බිහි වීමට මෙම ලිපිය මහෝපකාරි වේවා!
(කොළඹ ඇක්වයිනස් විද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ පීඨාධිපති ගරු ප්රැක්සිඩ් ඇන්තනි පියතුමාගේ මම කවුද? ග්‍රන්ථයේ පෙරවදනින් උපුටා ගන්නා ලදි)
කිතුහඬ – කුරුණෑගල
Friday, 18 August 2017
ගිහි සැල්වටෝරියන් ඉතිහාසය සැකවින් - The History of Lay Salvtorians in brief...
සැල්වටෝරියන් නිකායේ නිර්මාතෘවරයා වන ගරු ප්‍රැන්සිස් ජෝර්දාන් පියතුමා ගේ අරමුණ වූයේ ක්‍රියාකාරි සංඝයක් මගින් ගැළවීම පිළිබඳව පූර්ණ දේව සැලස්ම ලොවට ප්‍රකාශ කිරීමය.
ගිහි පැවිදි සහයෝගිතාවය මගින් මෙම අරමුණ සාක්ෂාත් කරගත හැකියැයි ජෝර්දාන් පියතුමා කල්පනා කළා. ඒ සඳහා මුළු කතෝලික සමාජය හා එහි සම්පත් නිසි ලෙස ව්‍යප්ත කරන්නට ජෝර්දාන් පියතුමා සමාජයේ විවිධ මට්ටම්වලින් සමන්විත වූ ගිහි කණ්ඩායම් උචිත බැව් තේරුම් ගත්තා. ගිහි සංඝයට පැවරෙන මූලික සේවාව වූයේ ලොව පරිවර්තනයක් කරා ගෙන යෑම සඳහා ජනතාවට නිසි මඟ පෙන්වීම සහ ඔවුන් ආලොකමත් කිරීමය.
18 වන සියවසේ දී, කාලයේ සලකුණු හා අවකාශයන්ට අනුව සභා නායකයන්ට ජෝර්දාන් පියතුමාගේ මෙම අදහස අභියෝගයක් වූයෙන් ඒ සඳහා අනුමැතිය ලබා දීමට අපොහොසත් වුනා. ඒ හෙයින් ජෝර්දාන් පියතුමාට හැකි වුනේ, පැවිදි නිකායන් දෙකක් පමණක් ආරම්භ කිරීමටය. ඒවා නම් පුරුෂ පක්ෂය වෙනුවෙන් දිව්‍ය ගැළවුම්කරුවාණන්ගේ පූජා ප්‍රසාදිවරුන් සහ සහෝදරතුමන්ලාගේ නිකාය සහ තෙරේසා ෆොන් වුලන්වෙබර් ගේ සහයෝගයෙන් කාන්තාවන් සඳහා ආරම්භ කළ දිව්‍ය ගැළවුම්කරුවාණන්ගේ පැවිදි සොයුරියන්ගේ නිකායයි. නමුත් ජෝර්දාන් පියතුමාගේ මූලික දර්ශනය වූ ගිහි දූත මෙහෙවර නුදුරු අනාගතයේ දී ආරම්භ කළ හැකි වේ යන දැඩි අධිස්ඨානය තුළම අපේක්ෂා සහගතව දැඩි විශ්වාසයෙන් යුතුව, ජෝර්දාන් පියතුමා පසුවිය.
1917 දී ජෝර්දාන් පියතුමාගේ මූලික දර්ශනය වූ ගිහිදූත සංඝ සභාව සම්පූර්ණයෙන්ම ශුද්ධ වු සභාව පිළිගැනීම අපගේ භාග්‍යයක් විය.
දෙවන වතිකාන කතිකාවෙන් පසු ඇති වූ සභාව තුළ ඇති වූ වෙනස්කම් හේතුකොට ගෙන ශුද්ධ වු සභාව ක්‍රිස්තුස් වහන්සේගේ පූජකවර, දිවැසිවර සහ රාජකීය යන නිලයන් ගිහියන් සමඟ බෙදා ගැනීමටත් ගිහියන් මගින් එම නිලයන් ජනතාව අතරට ගෙන යන්නට සහ එය ඵලදරවන්නට ගිහියන්ට විශේෂ ඇරයුමක් කරණ ලදි. ඒ මක්නිසාදයත් ශුද්ධ වු සභාවට පොළොවේ ලුනු විය හැකිවන්නේ ගිහියන් තුළින් පමණි. (ලුමන් ජෙන්සියම් නො 31).
1970 න් පසුව ජෝර්දාන් පියතුමාගේ දර්ශනය ඉදිරියට ගෙන යාමටත් ශුද්ධ වු සභාවේ කැඳවීමටත් පිළිතුරු දීමට ලෝකයේ විවිධ රට රාජ්‍යයන්හී ගිහි සමාජිකයන් ඉදිරිපත් වූහ.
සැල්වටෝරියන් දූත මෙහෙය පූජක පැවිදි ගිහි සැමට පොදු වූවකි. මුළු සැල්වටෝරියන් පවුලම මිදුම් කරුවාණන්ගේ ගැළවීමේ පණිවිඩයේ දර්ශනය අවැසි ලෙසින් අවැසි තැන ප්‍රකාශ කිරීම සඳහා කැපවී සිටිති.
Tuesday, 15 August 2017
කුරුණෑගල සැල්වටෝරියන් ගිහි සංඝයෙන් පිළිකා රෝගින්ට සත්කාරයක් 2017 අගෝස්තු 11
සැල්වටෝරියානු පවුලේ කුරුණෑගල ගිහි සංඝය විසින් ධර්මදූත ක්‍රියාවන් අතර නොකඩවා සෑම මසකම කුරුණෑගල ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගින් සඳහා පිළිගන්වන ඖෂධීය දියරමය ආහාර දානය (කොළකැඳ) මෙවර 2017 අගෝස්තු 11 වන දින සිදු කරන ලදි.
එදින එම අවස්ථාව අලලා සැල්වටොරියනු ගිහි සංඝයේ මාධ්‍ය විසින් සකසන වීඩියෝවට කුරුණෑගල පිළිකා සායනයේ, හෙද නිළධාරිනි සුභානි ඉහලහේවගේ මහත්මිය විසින් පිළිකාව පිළිබඳ පණිවිඩය සම්බන්ධව අප ඇයට තුති පුදමු.
Sunday, 13 August 2017
සභාව තුළ ගිහි ජනතාව - Lay People in church.... ගරු නිරෝෂන් ජයකොඩි පියතුමා ...
කතෝලික සභාව තුළ ගිහි ජනතාව සතු දූත කාර්යය ගැන මනා ගැඹුරු පැහැදිලි කිරීමක් කුරුණෑගල පදවි රදගුරු ලේකම් ගරු නිරෝෂන් ජයකොඩි පියතුමා විසින් පසුගිය 2017 ජුලි 31 වන දින සැල්වටෝරියානු පවුලේ කුරුණෑගල ගිහි සංඝය වෙනුවෙන් පැවැත්වු වැඩ සටහනකදී කරන ලදි.
එම පැහැදිලි කිරීම සමස්ත ගිහි ජනතාවටම අදාළ කර ගතහැකි බැවින් ඔබත් සවන් දී ඔබගේ හිත මිතුරන් අතර බෙදා හරින්න.
කාලෝචිත මෙම වැඩ සටහන මගින් ඔබට යමක් ඉගෙන ගත හැකි බව අපගේ හැඟීමයි.....
Thursday, 10 August 2017
දූත මෙහෙවර සහ සේවාව ගැන ගරු දිනේෂා ප්‍රනාන්දු පැවිදි සොයුරිය කතා කරයි.....
සැල්වටෝරියන් පවුලේ ගිහි සංඝය වෙනුවෙන් පැවත්වෙන වැඩ මුළුවේ තවත් එක් වැඩ සටහනක් සැල්වටෝරියානු ගරු දිනේෂා ප්‍රනාන්දු පැවිදි සොයුරිය විසින් "දූත මෙහෙවර සහ සේවාව" මැයෙන් 2017 ජුලි 17 වන දින මල්කඩුවාව, සැල්වටෝරිවයානු මධ්යස්ථානයේ්, ජෝර්දාන් ශාලාවේ දී පවත්වන ලදි.
Tuesday, 8 August 2017
සැල්වටෝරියානු ගිහි සංඝයේ දයාවේ සේවය, පිළිකා රෝගින්ට පුංචි දානයක් 2017 ජුලි 21
සැල්වටෝරියානු පවුලට අයත් කුරුණෑගල ගිහි සංඝය විසින් සෑම මසකම එක් දිනයක, කුරුණෑගල ශීක්ෂණ රෝහලේ පිළිකා රෝගීන් වෙනුවෙන් පිරිනමන දියරමය ඖෂධීය ආහාර දානය මෙවර 2017 ජුලි 21 වන දින සිදු කරන ලදි.
එදින එම අවස්ථාවට ආගම් භේදයකින් තොරව ද්‍රව්‍යයම හා ශ්‍රම දායකත්වය ලැබීම, විශේෂයෙන් අගය කළ යුතු වෙයි.
එමෙන්ම ඒ සඳහා පිළියෙල කළ මෙම වීඩියෝවට පියයුරු පිළිකාව පිළිබඳව වටිනා දේශනයක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ප්‍රවර්ධන නිළධාරිනියක් වන අයි.එච්. රෝෂිණි රත්නායක මහත්මිය විසින් සිදු කිරීම ද අප අගය කරමු.
Friday, 4 August 2017
හෙන්ඩියගල කිතුනු සංඝයේ කඳුළු පිස දැමූ කඳුලේ දේව මාතාවගේ ඉතාලියේ සිරිකුසා සංඝය පැමිණෙති.
කුරුණෑගල රදගුරු වසමට අයත් නාලවලාන මීසමේ හෙන්ඩියගල නම් ග්‍රාමයේ නොයෙකුත් තාඩන පීඩන වලට මුහුණ දෙමින් වරක ගිනි තැබීම් වලටත් තවත් වරක බැතිමතුන් වන්දනා කළ දේවමාතා ප්‍රතිමාව සොරා ගෙන ගොස් වැවක ගිල්වා දමමින් ද, සිදු කළ සාමය බිඳ දමා ආගම් අරගලයක් ඇති කිරීමට ගත් උත්සහයන්, ජේසු සමිඳාණන් කියා දුන් වැරදි කරන්නන්ට සමාව දීමේ සහ ඉවසීමේ කිතුනු න්‍යාය ධර්මයෙන්ම දිනා ගැනීමට හැකි විය.
හෙන්ඩියගල කිතුනු සංඝයේ කඳුළු පිස දමන්නට ඉතාලියේ සිසිලි දූපතේ සිරිකුසා සංඝයේ ගරු සචිත ප්‍රනාන්දු පියතුමා විසින් ප්රදානය කරන ලද එම සංඝයේම දෙව් මැදුර කැප කර ඇති කඳුලේ අප ස්වාමිදුවගේ ප්‍රතිමාව අප කුරුණෑගල පදවි එඬේරාණන් අතින්ම 2016 දෙසැම්බර් 23 වන දින කැපකර හෙන්ඩියගල කිතුනු සංඝය වෙත බාර දෙන ලදි. එ් අනුව මෙම දෙව් මැදුර ශ්‍රී ලංකාවේ සහ මුළු ආසියාවේම පළමුවන කඳුලේ අප ස්වාමිදූගේ දෙව් මැදුර බවට පත් වෙමින් ශ්‍රී ලංකාවේ හෙන්ඩියගල ග්‍රාමය කතෝලික ඉතිහාසයේ විශේෂාකාරයෙන් සනිටුහන් වනු ඇත.
මෙම ඓතිහාසික දෙව්මැදුර දැක බලාගන්නට 2017 ජුලි 23 වන දින, හෙන්ඩියගල ග්‍රාමයට පැමිණි ගරු සචිත ප්‍රනාන්දු පියතුමා ඇතුළු සිරිකුසා සංඝය පිළිබඳ වර්තාව මෙසේ කිතුහඬ අන්තර්ජාලයට මුසු කර තබයි.
Tuesday, 1 August 2017
කුරුණෑගල සාන්තානම් මෑණියන්ගේ 197 වන මංගල්‍යය 2017
කුරුණෑගල සාන්තානම් මෑණියන්ගේ 197 වන වාර්ෂික මංගල්‍යය මෙවර 2017 ජුලි 30 වන දින කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. එම මංගල දිව්‍ය යාගයට කුරුණෑගල පදවි අනුනායක අතිගරු ඔස්ටින් මාකස් ප්‍රනාන්දු නහිමියන් සමග කුරුණෑගල පදවි භණ්ඩාගාරික අතිගරු සාගර ප්‍රියශාන්ත පියතුමා සහාය විය.
Subscribe to:
Posts (Atom)