Sunday, 29 April 2018
මහගල්ගමුවේ පලුගහයට ශු.ජුසේ වාස් මුනිතුමා ස්ථාපිත කළ හාස්කම්පිරි ශ්‍රී කුරුසිය කුරුණෑගල පදවිය පුරා වැඩම කරවීම.
කුරුණෑගල රදගුරු වසමට අයත් මහගල්ගමුවේ පලුගහයට ස්ථාපිත කරඇති හාස්කම් පිරි කළුවර ලී කුරුසිය කුරුණෑගල රදගුරු වසම පුරා වැඩම කරවීමේ වැඩසටහනේ තවත් පියවරක් ඔබත් මෙම වීඩියෝවෙන් දැක බලා ගන්න.....
ජුසේ වාස් මුනිඳුන් පරිහරණය කළ හාස්කම්පිරි ශ්‍රී කුරුසිය නිකවැරටියෙන් වාරියපොල හා කටුපොත මීසම් වෙත වැඩම කරවීම
ඉතා ගැඹරු හා කාළින පරමාර්ථ කීපයක් පෙරදැරි කරගෙන කුරුණෑගල පදවිය පුරා වැඩම කරවන ශු.ජුසේ වාස් මුනිඳුන් අතින් මහගල්ගමුවේ ස්ථාපිත කරඇති ශ්‍රී කුරුසිය කුරුණෑගල රදගුරු වසමේ මීසම් 33කට රැගෙන යෑමේ වැඩසටහන අනුව නිකවැරටියට වැඩම කරවා තිබූණ ශ්‍රී කුරුසිය නිකවැරටිය මීසමේ සිට වාරියපොල හා කටුපොත මීසම්වලට වැඩම කළ හැටි මේ විඩියොවෙන් දැක බලාගන්න.
Tuesday, 24 April 2018
ශුද්ධ වු ජුසේවාස් මුනිඳුන් පරිහරණය කළ ශ්‍රී කුරුසිය කුරුණෑගල පදවිය පුරා වැඩම කරවීම ඇරඹෙයි.....
කුරුණෑගල පදවියේ මහාගල්ගමුවේ පිහිටා ඇති ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ ස්ථාපිත කර ඇති, උන්වහන්සේ විසින් පරිහරණය කළ ශ්‍රී කුරුසිය කුරුණෑගල පදවියේ සියළුම දේවස්ථානයක් කරා වැඩ කරවීමේ වැඩ සටහන 2018 අප්‍රේල් 24 වන දින සිට ආරම්භ කරන ලදි.
ගල්ගමුවේ සිට නිකවැරටිය දේවස්ථානය කරා වැඩම කරවීම ඔබත් කිතුහඬ හරහා දැක බලා ගන්න.
Thursday, 19 April 2018
සැල්වටෝරියානු පැවිදි සොයුරියන්ගේ හය වසරකට වරක් පැවැත්වෙන සමුළුව 2018
ලොව පුරා පිහිටුවා ඇති සැල්වටෝරියානු පැවිදි සොයුරියන්ගේ නිකාය තම තමන්ගේ රටවල හය වසරකට වරක් පවත්වන සමුළුව IX වන වරට ශ්‍රී ලංකාවේ ලේවැල්ලේ පිහිටා ඇති පාතිමා ඥානකාන්ති මැදුරේ දී 2018 අප්‍රේල් 8 සිට 11 වන දින දක්වා පැවැත්වුණි.
එම දීර්ඝ වැඩසටහන කොටස් වශයෙන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත...
Wednesday, 18 April 2018
කුරුණෑගල මීසමේ අභිවෘද්ධියාලේපය ලබන්නට සැරසෙන දරුවන්ට ගැඹුරු අධ්‍යායනයක් 2018
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුර අයත් කුරුණෑගල මීසමේ දූදරුවන් 2018 මැයි මාසයේ 13 වන දින අභිවෘද්ධිආලේපය ලබන්නට සූදානම් වෙමින් සිටින මෙම අවධියේ ඒ සඳහා පෙර සූදානම්වීමේ වැඩ සටහන් කීපයකටම මුහුණ දුන්හ.
එම වැඩසටහන් මාලාවේ එක් අවස්ථාවක් ලෙස එඬේරමුල්ල වත්තල පිහිටා ඇති ගරු ජූඩ් බර්නාඩ් පියතුමා අතින් පාලනය වන මත්ද්‍රව්‍යයවලට ඇබ්බැහිවූවන් පුනර්උත්ථාපනය කරන මධ්‍යස්ථානයේ එම තත්වයට පත්ව සුවය ලැබූ අයගේ අත්දැකීම් බෙදා ගැනීම සිදු කරන ලදි.
කාලෝචිත මෙම වැඩ සටහන වත්මන් යුගයේ තරුණ පිරිස් හමුවේ ඇති බැරෑරුම් ව්‍යාසනය ගැන ගැඹුරු අවබෝධයක් අභිවෘද්ධියාලේපය ලබන මෙම දරුවන්ට ලබා දීම ඉතා අගය කළ යුතුය.
Tuesday, 17 April 2018
කුරුණෑගල සැල්වටෝරියානු පවුල හින්දු පවුලක් සමඟ සිංහල දෙමළ අළුත් අවුරුද්ද සමරති 2018
කුරුණෑගල සැල්වටෝරියානු පවුලේ ගිහි සංඝය සමග සැල්වටෝරියන් පැවිදි සොයුරියන් එක්ව මෙවර 2018 වසරේ අප්‍රේල් 14 වන දින සිංහල දෙමළ අළුත් අවුරුද්ද හින්දු ද්‍රවිඩ පවුලක් සමග සැමරුහ.
මෙම අවස්ථාව කුරුණෑගල සැල්වටෝරියානු ගිහි සංඝයේ සභාපති සහ සැල්වටෝරියානු නිකායේ ගරු පැට්‍රිසියා පැවිදි සොයුරිය විසින් සංවිධානය කරන ලදි.
Thursday, 5 April 2018
මහා ගල්ගමුවේ සිරි කුරුසිය පදවිය තුළ වැඩම් කරවීම
2018 අප්‍රේල් 24 දින සිට 2018 මැයි 17 දක්වා කාලය තුළ, මහා ගල් ගමුවේ ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ ස්ථාපිත කර ඇති ප්රාතිහාර්යාත්මක සිරි කුරුසිය කුරුණෑගල පදවිය තුළ ඇති දේවස්ථාන කරා වැඩම කරවීම සඳහා ජුසේවාස් පදවි කමිටුව රැස් වු අවස්ථාවක්.........
ආලේලූයියා සෙනසුරාදා නොහොත් ක්රිස්තුත්ථාන මංගලෝත්සවය 2018
ශුද්ධ වු සතියේ සෙනසුරාදා කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී පවත්වන ලද පාස්කු පූර්ව රාත්‍රි මෙහෙයේ විශේෂ අවස්ථා කීපයක් කිතුහඬ ඔබ වෙත මෙසේ ගෙන එයි.....
Monday, 2 April 2018
2018 මහා සිකුරාදා කුරුසියේ වන්දනා පිළිවෙත - කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී මෙසේ සිදුවිය.
කුරුසියේ ලකුණු පෙන්වීම දේව වන්දනා පිළවෙතේ කොටසක් නොවූවත්, ශු.ජුසේ වාස් තුමා හා ගොන්සාල්වෙස් පියතුමාගේ කාලයේ ආරම්භ වූවක්. ජාකොමේ ගොන්සාල්ස්වෙස් පියතුමා දුක්ප්‍රාප්ති ප්‍රසංගය නම් දේසනා නවයේ පසම් පොත රචනා කළා. එය රචනා කළේ විශේෂයෙන්ම පියවරුන් නොමැති අවස්ථාවකදී, ගිහි සැදැහැවතුන්ට එක්රැස් වී මෙම දුක්ප්‍රාප්තිය සැමරීමේ ඉතාම ලස්සන ක්‍රමයක් ලෙස භාවිතා කරන්නටයි. මෙය කිතුනු විශ්වාස ගිලිහී යන්නට නොදී රැක ගැනීම වස් ලකුණු පෙන්වීම යනුවෙන් එදත් අදත් අප ස්වාමින් වහන්සේ කුරුස ගසේ දී විඳි දුක් ගාවිනාවල්, උන්වහන්සේගේ ශ්‍රී මරණය හා උන්වහන්සේගේ දේහය කුරුසියෙන් බා තැන්පත් කිරීම ප්‍රදර්ශනය කෙරෙනවා. කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී එම කාර්යය සම්පූර්ණ කරන්නට ගත් උත්සහය මෙසේ කිතුහඬ ඔබ වෙත ගෙන ආවා. එය තවත් අර්ථවත් කරන්නට කිතුහඬ පැරණි පසන් ගී කීපයක් මෙයට මුසු කළා.. ඔබේ අදහස් අපට එවන්න. එය අපට දිරියක් වේවි.....
2018 මහා සිකුරාදා දිනයේ කුරුණෑගල පදවි එඬේරාණන්ගේ ධර්ම දේශනාව
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ ද සිදු කළ 2018 වසරේ ශුද්ධ වු සතියේ මහා සිකුරාදා දිනයේ දි සිදු කළ ධර්ම දේශනාව....
2018 මහා සිකුරාදා ශ්‍රී මරණයේ දුක්ඛෝත්වය
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී 2018 වසරේ මහා සිකුරාදා සිදු කළ සමිඳාණන්ගේ ශ්‍රී මරණයේ දුක්ඛෝත්සවයේ විශේෂ අවස්ථා මෙසේ දක්වමු.
Sunday, 1 April 2018
2018 මහා සිකුරාදා පාද නමස්කාර කුරුසියේ වන්දනාව....
කුරුණෑගල සාන්ත ආනා මීසම් සංඝය විසින් වාර්ෂිකව මහා සිකුරාදා සමිඳාණන්ගේ ශ්‍රී මරණය සමරණ දුක්ඛෝත්සවය ආරම්භ කිරීමට ප්‍රථම සිදු කරන පාද නමස්කාර කුරුසියේ වන්දනා මෙවර ද සිරිත් පරිදි කුරුණෑගල පදවි එඬේරාණන්වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ සහභාගිත්වය ඇතුව විශාල බැතිමත් පිරිසක් සමග කුරුණෑගල සාන්ත ආනා විදුහල් පරිශ්‍රයේ දී සිදු කෙරුණි......
Subscribe to:
Posts (Atom)