Wednesday, 30 May 2018
Tuesday, 29 May 2018
වාර්ෂික මැයි මංගල්‍යය - සාන්ත ආනා ආසන දෙව් මැදුර, කුරුණෑගල 2018
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුර නොකඩවා වාර්ෂිකව ඉතා උත්කෘෂ්ඨවත් අයුරින් පවත්වන මැයි මංගල්‍යය මෙවර ද කුරුණෑගල පදවි අනුනායක අතිගරු ඔස්ටින් මාකස් ප්‍රනාන්දු නාහිමිපාණන් අතින් සිදු කෙරුණි. කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුර, පාලනාධිපති ගරු ක්‍රිස්ටි ලෙනාඩ්, සහයක ගරු ලෙස්ලි ඇනතනි සහ ක්ලැරේෂියානු නිකායේ ගරු රොයිස්ටන් යන පියවරුන් මංගල දිව්‍ය පූජාවට සහභාගි වූ අතර විශාල බැතිමත් ජනතාවක් ද සහභාගි වූහ.
Monday, 28 May 2018
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ මැයි සන්ධ්‍යා මෙහෙයේ පෙරහැර 2018
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ වාර්ෂිකව සිදු කරන මැයි මංගල්‍යයට පෙර දින සන්ධ්‍යා මෙහෙයෙන් පසුව කුරුණෑගල නගරය වටා, දේව මාතාවන්ගේ ප්‍රතිමාව රැගත් වීදි පෙරහැර ගමන් කිරීම, මෙසේ සිදු කෙරුණි.
එම අවස්ථාවට කුරුණෑගල පදවි රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් සමග පියවරුන් සහ පැවිදි සොයුරි සොයුරින් ඇතුළු විශාල බැතිමතුන් පිරිසක් ද සහභාගි වූහ.
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ මැයි මංගල්‍යයයේ සන්ධ්‍යා මෙහෙය 2018
කුරුණෑගල ආසන දෙව් මැදුරේ වාර්ෂිකව සිදු කරන මැයි මංගල්‍යය වෙනුවෙන් මෙවරද 2018 මැයි 26 වන දින කුරුණෑගල පදවි රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
Sunday, 27 May 2018
මහ වැසි මැද සිදු කළ කුරුණෑගල සාන්ත ආනා විදුහල් මැයි නුවානය
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ මැයි මාසයේ සිදු කළ මැයි නුවාන මාලාවේ, කුරුණෑගල සාන්ත ආනා විදුහලට නියමිතව තිබුණු මැයි නුවානය මහා වැසි මැද පසුගිය 2018 මැයි 25 වන දින පවත්වන ලදි.
එම නුවාන දිව්‍ය පූජාව, කුරුණෑගල පදවි ළමා ධර්මදූත අධ්‍යක්ෂක සහ බුළුපිටිය මීසම්පති ගරු රොහාන් ප්‍රනාන්දු පියතුමා අතින් සිදු කළ අතර එම දිව්‍ය පූජාවට ගරු චන්දන හපුආරච්චි සහ ගරු ඇන්තනි ක්‍රිස්ටි කුමාර යන පියවරුන් සහය වූහ. කුරුණෑගල මීසම්පති ගරු ක්‍රිස්ටි ලෙනාඩ් සහ මීසම් සහයක ගරු ලෙස්ලි ඇන්තනි යන පියවරුන් සමග විදුහලේ ඇදුරු මඬුල්ල සහ සිසු දරුවන් විශාල පිරිසක් ද සහභාගි වූහ.
Friday, 25 May 2018
හේවිසි වයා පාවඩ එලා යායමුල්ලේ සංඝය, ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසිය පිලිගනිති...
වල්පිටගම මීසමේ යායමුල්ල, පාතිමාවේ අප ස්වාමිදූගේ දෙව් මැදුරට ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ හස්ථ ස්පර්ශය ලද හාස්කම් පිරි කළුවර ලී කුරුසිය, හේවිසි වයා පාවඩ එලා ගරු ගාම්භිරත්වයෙන් පිළිගත් රඟ ඔබත් නරඹන්න.....
Thursday, 24 May 2018
මැයි නුවානය - ශු.පවුලේ බාලිකා මහා විද්‍යාලය කුරුණෑගල - 2018
කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා මහා විදුහල වාර්ෂිකව කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ සිදු කරන මැයි නුවානය මෙවර ද කුරුණෑගල පදවි මරිය හමුදා අධ්‍යක්ෂක ගරු ඇලෙක්ෂි කැලිස්ටස් පියතුමාගේ අතින් සිදු කෙරුණි.
එම අවස්ථාවට කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ මීසම් පාලක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් සහ මීසම් සහයක ගරු ලෙස්ලි ඇන්තනි යන පියවරුන් සහය වූ අතර ශුද්ධ වු පවුලේ බාලිකා මහා විදුහලේ විදුහල්පති ගරු ට්රිසිල්ඩා ප්‍රනාන්දු පැවිදි සොයුරිය ඇතුළු ආචාර්ය මණ්ඩලයත් සමග විශාල සිසු දැරියන් පිරිසක් ද සහභාගි වුහ.
හාස්කම් පිරි ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය මිල්ලව ජනතාව අතරට
මිල්ලව ජනතාව අතරට වැඩම කළ ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසියට මහත් හරසර......
අභිවෘද්ධි ආලේපය දානය කිරීම - සාන්ත ආනා ජාතික සිද්ධස්ථානය, කට්ටිමාන 2018
කට්ටිමාන ජාතික සිද්ධස්ථානයේ මීසම් සංඝයේ යොවුන් තරුණ තරුණියන් සහ වැඩිහිටියන් 75 දෙනෙකු 2018 මැයි 19 වන දින කුරුණෑගල පදවි රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් අතින් අභිවෘද්ධි ආලේපය ලබා ගත්හ.
එම අවස්ථාව කට්ටිමාන ජාතික සිද්ධස්ථාන පාලක ගරු ජෙරොම් පෙරේරා පියතුමා විසින් සංවිධානය කර මෙහෙය වූ අතර කුරුණෑගල රදගුරු ලේකම් ගරු ජූඩ් මධුෂාන් පියතුමා සහය විය.
අභිවෘද්ධි ආලේපය දානය කිරීම - කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුර - 2018
කුරුණෑගල සාන්ත ආනා අාසන දෙව් මැදුරේ දි 2018 මැයි 13 වන දින නව යොවුන් තරුණ තරුණියන් 75 දෙනෙකු අභිවෘද්ධි ආලේපය, කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ අතින් ලබා ගත්හ.
Thursday, 17 May 2018
ශු.ජුසේ වාස් මුනිඳුගේ හස්ථ ස්පර්සය ලද කුරුසියට වන්දනා කිරීමට දහස් ගණන් පැමිණෙති.
කුරුණෑගල පදවිය තුළ පමණක් වැඩම කරවමින් හීන වෙමින් තිබෙන කිතුනු විශ්වාසය ශක්තිමත් කරන අදහසින් වසර 330 ක් තුළ, කිසිම අයුරකින් මහගල්ගමුවෙන් පිටතට වැඩම නොකෙරෙවු ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රි කුරුසිය කුරුණෑගල පදවිය පුරා සංචාරය කිරීමෙන් පසු බොහෝ ප්රතිහාරයයන් සිදු වූ අතර, එම ශ්‍රී කුරුසිය මුළු දිවයින පුරා වැඩම කරවීමට යෝජනා කෙරෙමින් පවතියි.
Tuesday, 15 May 2018
Saturday, 12 May 2018
ජුසේ වාස් මුනිඳුගේ ස්පර්ශය ලද මහගල්ගමුවේ මහ බලගතු කුරුසිය උඩුබද්දාවට...
ශ්‍රී කුරුසිය උඩුබද්දාවට ප්රවිෂඨ වුනේ මෙසේය.
ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ප්රාතිහාර්යාත්මක කුරුසිය බැහැදැකීමට කුරුණෑගල රදගුරු හිමි, කඩවලගෙදර මීසම වෙත පැමිණෙයි.
මහගල්ගමුවේ වසර 330 ක් පුරා එහි වෙසෙන විශ්වාසයේ ජනතාවගේ උරුමය වූ ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන් අතින් ස්ථාපනය වූ ශ්‍රී කුරුසිය මේ දිනවල කුරුණෑගල පදවියේ මිසම් කරා, නිමෙමින් තිබෙන විශ්වාසයේ පහන් දලවමින් යන ගමනේ 2018 මැයි 12 වන දින කඩවලගෙදර මීසමට ප්‍රවිෂ්ඨ වූ හැටි ඔබත් නරඹන්න.
එදින එම අවස්ථාවට කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් ද සහභාගිවීම එම මීසම්වාසින්ගේ ආනන්දයට හේතුවිය.
Friday, 11 May 2018
ජුසේ වාස් මුනි ස්පර්ශය ලද ශ්‍රී කුරුස වන්දනා ගමන උඩුබද්දාවට ප්‍රවිෂ්ඨ වෙයි.
දින 24 ක් පුරා කුරුණෑගල පදවියේ මීසම් 33 ක බතිබර දේව ජනතාවගේ දුබල විශ්වාසය ප්‍රබල කරමින් විවිධ හාස්කම් පාමින් යන විශ්වාසයේ කරුසියේ වන්දනා ගමන උඩුබද්දාව මීසමට ඇතුළු වූ හැටි ඔබත් දැක බලා ගන්න....
ජුසේ වාස් කුරුසිය කට්ටිමහනින් දුම්ලසූරියට...
ජුසේ වාස් මුනිඳු පරිහරණය කළ සාස්කම් පිරුණු ශ්‍රී කුරුසිය තව තවත් පෙළහර පාමින් කුරුණෑගල පදවිය පුරා සැරිසරමින් වැඩම කරයි....
Wednesday, 9 May 2018
ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසියට කට්ටිමහන මීසමෙන් මහත් හරසර
ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ස්පර්ශය ලද ශ්‍රී කුරුසිය මහත් හරසර මැද කරත්ත පෙරහැරකින් කට්ටිමහන මීසමට වඩම්වාගෙන යයි.....
Sunday, 6 May 2018
ජුසේ වාස් මුනිඳුන්ගේ ස්පර්ශය ලද ශ්‍රී කුරුසිය හා ජුසේ වාස් පියතුමා ගැන බොදුනුවන්ට පැහැදිලි කරයි....
මහගල්ගමුවේ ජුසේවාස් පුර වසර 300 කට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රථම අපෝස්තුළුවරයාණන් වන ජුසේ වාස් මුනිඳුන් අතින් ස්ථාපිත කළ ඓතිහාසික කළුවර ලී කුරුසිය කුරුණෑගල පදවියේ සියළුම දේවස්ථාන කරා වැඩම කරවීමේ වැඩසටහන තුළ දාරළුව මීසමේ දී ගමේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ ඇතුළු බොදුනු බැතිමතුන්හට දාරළුව මීසම් පාළක ගරු නීල් ක්‍රිෂාන්ත පියතුමා විසින් කිතු දහම, ශු.ජුසේ වාස් මුනිතුමා සහ එතුමාගේ ස්පර්ශය ලද ඓතිහාසික කුරුසිය ගැන පැහැදිල කළේ මෙසේ ය.
Saturday, 5 May 2018
මහගල්ගමුවේ ජුසේ වාස් මුනිඳුන්ගේ ඓතිහාසික කළුවර කුරුසියට තඹකන්දේ දී මහත් හරසර...
්‍ර
වසර තුන්සියකට වඩා පැරණි, ශ්ර්ර්රී ලංකාවේ ප්‍රථම සාන්තුවරයාවන ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ හස්ථයෙන් ස්පර්ශය ලද කළුවර ලීයෙන් තැනුණු හාස්කම්වලින් පිරුණු ඓතිහාසික ශ්‍රී කුරුසිය දැනට කුරුණෑගල පදවිය පුරා වැඩම කරවීමේ, වැඩපිළිවල අනුව 2018 මැයි 05 වන සෙනසුරාදා මහත් බැතිමත් ජනතාවක් මැදට වැඩම කරවා කුරුස වන්දනාව කරණ ලදි.
Thursday, 3 May 2018
ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසිය බක්මීගොල්ල සිට වෑඋඩ දේවස්ථානයට වැඩම කරවීම
ජුසේ වාස් මුනිඳුන්ගේ හස්ථ ස්පර්ශය ලද හාස්කම් පිරි ශ්‍රී කුරුසිය කුරුණෑගල පදවිය පුරා වැඩම කරවීමේ වැඩසටහන අනුව බක්මීගොල්ල සිට වෑඋඩ දේවස්ථානයට වැඩමකරවීමේ විශේෂ අවස්ථා ඔබත් නරඹන්න.
කලක් කුරුණෑගල ආසන දෙව් මැදුරට නැතුවම බැරිව සිටි මිනිසෙක්.....
මයිකල් අයියා... කිසි දා අපට අමතක නොවේ. දැන් සිදු කරමින් සිටින මහගල්ගමුවෙ ජුසේ වාස් මුනිඳුන්ගේශ්රී කුරුසිය පදවිය පුරා රැගෙන යන අවස්ථාවේ දි, අපගෙ හිත මිතුරා මුණ ගැසිණා.....
Tuesday, 1 May 2018
ජුසේ වාස් පුර, හාස්කම්පිරි ශු.ජුසේ වාස් මුනිඳුගේ කුරුසිය තම සංචාරයේදී මැල්සිරිපුර සිට බක්මීගොල්ලට ගිය හැටි.
ශ්‍රී කුරුස වන්දනා ගමනට කිතුහඬ සමග එක්වී සිටින ඔබව අද අප කැඳවාගෙන යන්නේ, බක්මීගොල්ල මීසමටයි... ලැබෙන අවස්ථානුකූලට ඔබවත් අපේ වන්දනා ගමනට සහභාගි කරගන්නට උපරිම උත්සහය ගන්නෙමු.... ඔබට ජේසු පිහිටයි!
ජුසේ වාස් පුර, හාස්කම්පිරි ශු.ජුසේ වාස් මුනිඳුගේ කුරුසිය තම සංචාරයේදී මැල්සිරිපුර ගිය හැටි.
දිවා කාලය පුරා මොරොත්ත කිතුනු සංඝය විසින් ශ්‍රී කුරුස වන්දනාව සිදු කළ පසු මැල්සිරිපුර දේවස්ථානය වෙත වැඩම කළ හැටි ඔබත් නරඹන්න...
ජුසේ වාස් පුර, හාස්කම්පිරි ශු.ජුසේ වාස් මුනිඳුගේ කුරුසිය තම සංචාරයේදී මැල්සිරිපුර මීසමේ මොරොත්ත දක්වා ගිය හැටි.
මහගල්ගමුවේ ජුසේවාස් පුර ස්ථාපිතකර ඇති ඓතිහාසික කළුවර හාස්කම් පිරි ශ්‍රී කුරුසිය මොරොත්ත ශුද්ධ වු ජපමාල මෑණියන්ගේ දේවස්ථාන සංඝය විසින් මහා හරසරින් පිළිගත් අයුරු ඔබත් බලන්න.
Subscribe to:
Posts (Atom)