Wednesday, 24 January 2018

අභිවෘධි ආලේපය මගින් කතෝලික සභාව තුළ පූර්ණ වගකීම බාර දීමට දරුවන් සූදානම් කිරීම...

අභිවෘධි ආලේපය ලැබීමෙන් ක්‍රිස්තු භක්තිකයා ආධ්‍යාත්මික ජීවිතයේ වැඩිහිටි වියට පත් වෙයි. මින් මොහු සුවිශේෂි කිතුනුවෙකු බවට පත්වන අතර කතෝලික සභාව තුළ පූර්ණ සාමාජිකත්වය ලබා වැඩි හිටියකු මෙන් ජීවත් වීමේ වගකීම පැවරීමට යොවුන් දරුවන් පුහුණු කිරීමේ වැඩ මුළු ගණනාවක් කුරුණෑගල මීසම තුළ ක්‍රියත්මක කිරීමට කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් සංවිධානය කර ඇත.

ඒ වැඩ පිළිවෙලේ එක් වැඩ සටහනක් 2018 ජනවාරි 21 වන දා ක්ලැරේෂියානු නිකායේ ගරු රොයිස්ටන් පියතුමා සහ ක්ලැරේෂියානු පුහුණු වෙමින් සිටින සහෝදරයන් පිරිසක් විසින් දරුවන් 80 කට පමණ සිදු කරණ ලදි.

දරුවෙකුගේ ජීවිතයකට ස්ථිර දැක්මක් ඇති කර ගැනීමේ ඇති වැදගත්කම එම වැඩ සටහන තුළින් පෙන්වා දෙන ලදි. 

No comments:

Post a Comment