Tuesday, 30 January 2018
Monday, 29 January 2018
මල්පිටිය සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යය 2018
කුරුණෑගල රදගුරු වසමට අයත් මල්පිටිය සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ 129 වන වාර්ෂික මංගලෝත්සවය 2018 ජනවාරි 28 වන ඉරුදින තඹකන්ද මීසම් පාළක ගරු ස්ටැන්ලි පීරිස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
එම මංගල දිව්‍ය යාගයට ගරු ජස්ටින් වර්ණකුලසුරිය සහ මල්පිටිය මීසම් පාළක ගරු ප්‍රැන්සිස් මිල්රෝයි යන පියතුමන් දෙපොල සහය වූහ.
මෙම මංගල දිව්‍ය යාගයට පසු සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැරක් ගම වටා ගමන් කරන ලදි, එම සම්පූර්ණ පෙරහැර මීලඟට බලාපොරොත්තුවන්න.
Thursday, 25 January 2018
අභිවෘධි ආලේපය ලබා දීමේ පෙරහුරු වඩසටහන තුළ දේශනාවක් 2018
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරු සංඝයට අයත් දරුවන්ට අභිවෘධි අලේපය ලබාදීමේ වැඩ මුළුවක දී ක්ලැරේෂියානු නිකායේ, ගරු රොයිස්ටන් පියතුමා විසින් සිදු කළ දේශනාව ඔබටත් ප්‍රයෝජනවත් වේවි, ඔබත් අසා බලන්න......
Wednesday, 24 January 2018
අභිවෘධි ආලේපය මගින් කතෝලික සභාව තුළ පූර්ණ වගකීම බාර දීමට දරුවන් සූදානම් කිරීම...
අභිවෘධි ආලේපය ලැබීමෙන් ක්‍රිස්තු භක්තිකයා ආධ්‍යාත්මික ජීවිතයේ වැඩිහිටි වියට පත් වෙයි. මින් මොහු සුවිශේෂි කිතුනුවෙකු බවට පත්වන අතර කතෝලික සභාව තුළ පූර්ණ සාමාජිකත්වය ලබා වැඩි හිටියකු මෙන් ජීවත් වීමේ වගකීම පැවරීමට යොවුන් දරුවන් පුහුණු කිරීමේ වැඩ මුළු ගණනාවක් කුරුණෑගල මීසම තුළ ක්‍රියත්මක කිරීමට කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් සංවිධානය කර ඇත.
ඒ වැඩ පිළිවෙලේ එක් වැඩ සටහනක් 2018 ජනවාරි 21 වන දා ක්ලැරේෂියානු නිකායේ ගරු රොයිස්ටන් පියතුමා සහ ක්ලැරේෂියානු පුහුණු වෙමින් සිටින සහෝදරයන් පිරිසක් විසින් දරුවන් 80 කට පමණ සිදු කරණ ලදි.
දරුවෙකුගේ ජීවිතයකට ස්ථිර දැක්මක් ඇති කර ගැනීමේ ඇති වැදගත්කම එම වැඩ සටහන තුළින් පෙන්වා දෙන ලදි.
Tuesday, 23 January 2018
ඉරිදා දේශනාව කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුර 2017/01/21
සාමන්‍ය සමයේ තුන්වන සතිය ආරම්භ කෙරෙන 2018 ජනවාරි 21 වන ඉරුදින කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දි සිදු කළ දිව්‍ය පූජවේ දි ගරු ක්රිසටි ලෙනාඩ් පියතුමා විසින් සිදු කළ දේශනාවට ඔබත් සවන් දෙන්න......
Thursday, 18 January 2018
සැල්වටෝරියානු පවුලේ ගිහියන්ගේ එකමුතුවෙන් කුරුණෑගල ශීක්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ට පිළිසරණක්....
සැල්වටෝරියානු පවුල බිහි කර මුළු ලෝකයටම ගිහි ජනතාව මගින් සෙත සලසන්නට කුරුසියේ ප්‍රැන්සිස් ජෝර්දාන් පියතුමාගේ කරිසමාව සහ ආධ්‍යාත්මිකත්වය අනුව කුරුණෑගල සැල්වටෝරියානු ගිහි සංඟමය විසින් පිළිකාව නැමති මාරාන්තික රෝගයෙන් භීතියටත් පීඩාවටත් අසරණ අය වෙනුවෙන් පිරිනමන දානමය කටයුත්ත පසුගිය 2018 ජනවාරි 15 සිදු කෙරුණි.
ගරු ප්‍රැන්සිස් ජෝර්දාන් පියතුමාගේ 100 වන සග සැපැත්වීම අනුස්මරණය කිරීමට සමගාමිව සිදු කෙරෙයි.
Wednesday, 17 January 2018
කුරුණෑගල පදවියේ මරිය හමුදා නව අධ්‍යක්ෂක ලෙස ගරු ඇලෙක්ෂි කැලිස්ටස් පියතුමා පත්වෙයි...
කුරුණෑගල පදවියේ මරිය හමුදා නව අධ්‍යක්ෂක ලෙස කුරුණෑගල පදවි එඬේරාණන් වන දේව ධර්මාචාර්ය හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් විසින් පත් කළ ගරු ඇලෙක්ෂි කැලිස්ටස් පියතුමා 2018 ජනවාරි 15 වන දින කුරුණෑගල ආසන දෙව් මැදුරේ දහම් පාසැල් ශාළාවේදි හිටපු අධ්‍යක්ෂක ගරු ගෝමි දිවාකර පියතුමා සහ කුරුණෑගල කොමිට්ෂියම් රැස්වීමට පැමිණ සිට සාමාජිකයන් ඉදිරියේදී තම වැඩ කටයුතු ආරම්භ කළේය.
විදේශගතව සිටින ඔබට සිංහලෙන් දේශනාවක් ........
විදේශගතව සිටින ඔබට සිංහලෙන් දේශනාවකට සවන්දීමට පහසුවක් වන පිණිස, කිතුහඬ ඉඩ ලැබෙන පරිදි ඔබ වෙත සතිපතා දේශනාවක් හෝ මංගල්‍යයක් ඉදිරිපත් කරයි....
අද ඉරිදා දේශනාව කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ ප්‍රධාන පියතුමා වන ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් 2018 ජනවාරි 14 වන ඉරිදා සිදු කළ දේශනාවට අද ඔබත් සහභාගි වන්න.
මහගල්ගමුවේ ශුද්ධ වු ජෝශප් වාස් සිද්ධස්ථානයේ වාර්ෂික මංගලෝත්වය 2018
කුරුණෑගල රදගුරු වසමට අයත් ශුද්ධ වූ ජුසේවාස් මුනිඳුන්ගේ පාද ස්පර්ශය ලැබූ මහගල්ගමුවේ ජුසේවාස් සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය, කුරුණෑගල රදගුරු වසමේ රදගුරු දේව ධර්මාචාර්ය අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ආරාධනයෙන් ත්‍රිකුණාමලය රදගුරු වසමේ රදගුරු දේව ධර්මාචාර්ය අති උතුම් නොයෙල් එම්මානුවෙල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි 13 වන දින සිදු කරණ ලදි.
එම දින මංගල්‍යය දිව්‍ය පූජාවෙන් පසු ජුසේවාස් වසර නිමා කරමින් 2018 වසර පවුල් වසර ලෙසින් කුරුණෑගල රදගුරු හිමිපාණන් විසින් ප්‍රකාශයට පත් කරණ ලදි.....
Tuesday, 16 January 2018
මහගල්ගමුවේ ජුසේ වාස් ජාතික සිද්ධස්ථානයේ 2018 වාර්ෂික මංගල්‍යය ආරම්භ කිරීමට පෙර පැවත් වූ උත්සව සභාව.
මහගල්ගමුව ශුද්ධ වූ ජුසේවාස් මුනිඳුන්ගේ පාද ස්පර්ශය ලැබූ ඒ පුන්‍ය භූමිය ජාතික සිද්ධස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රාජ්‍යය අනුග්‍රහයෙන් පැවැත්වෙන දෙවන මංගල්‍යය වෙනුවෙන් පැවැත්වූ උත්සව සභාව 2018 ජනවාරි 13 වන දින මංගල්‍යය දිව්‍ය පූජාව ආරම්භ කිරීමට පෙර, කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ආරාධනයෙන් පැමිණි ත්‍රිකුණාමලය රදගුරු අති උතුම් නොයෙල් එම්මානුවෙල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අන්‍යාගමික පූජ්‍ය හා පූජක හා කතෝලික පියතුමන් ලා ද පැවිදි සොයුරියන් ද රාජ්‍ය නිධාරින් හා බැතිමතුන් විශාල පිරිසකගේ ද සහභාගිත්වයෙන් සිදු කෙරුණි.
Sunday, 14 January 2018
මහගල්ගමුවේ ජුසේවාස් ජාතික සිද්ධස්ථානය වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය 2018
කුරුණෑගල රදගුරු වසමට අයත් මහගල්ගමුව ජුසේවාස් මුනිඳුන්ගේ නාමයට කැපකළ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පැවැත්වුණු සන්ධ්‍යා මෙහෙය 2018 ජනවාරි 12 වන දින සන්ධ්‍යාවේ දී සිදු කෙරුණි....
Thursday, 11 January 2018
ගරු නීටා මාලිනි ප්‍රනාන්දු සැල්වරෝරියානු පැවිදි සොයුරිය සග සැපත් වෙයි.......
සැල්වටෝරියානු නිකායේ වසර 40 ක් පැවිදි සොයුරියක්ව සිටිය ගරු නීටා මාලිනි ප්‍රනාන්දු පැවිදි සොයුරිය 2018 ජනවාරි 08 වන දින කුරුණෑගල බමුණාවෙල සැල්වටෝරියන් කන්‍යාරාමයේදී ස්වර්ගස්ථ වූවාය. එතුමියගේ අවසන් කටයුතු ජනවාරි 09 වන දින කුරුණෑගල කතෝලික පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණි.
Monday, 8 January 2018
කුරුණෑගල රදගුරු වසමේ ජුසේවාස් වසර වෙනුවෙන් පවත්වන ලද කථික තරඟයෙන් ප්‍රථම ස්ථාන දිනාගත් කතාවලට සවන් දෙමු.
කුරුණෑගල පදවිය ප්‍රකාශයට පත්කළ ජුසේවාස් වසර වෙනුවෙන් 2017 වසර තුළ පැවැත් වූ වැඩ සටහන් අතර දහම් පසල් අතර කථික තරඟයක් ද පැවැත්වුණි.
එම කථික තරඟයෙන් ප්‍රථම ස්ථාන දිනාගත දරුවන්ගේ කතාවලට ඔබත් සවන් දෙන්න.
Saturday, 6 January 2018
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ සහයක පියතුමා කුරුණෑගල මීසමෙන් සමුගෙන තල්ගහපිටිය මීසමට මාරු වී යයි......
දෙවසරක කාලයක් කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ සහයක පියතුමා වශයෙන් සේවය කළ ගරු සංජය ප්‍රදීප් පියතුමා කතෝලික සභා නීතිය අනුව 2017 දෙසැම්බර් 31 වන දින කුරුණෑගල මීසම් ජනතාවගෙන් සමු ගත්තේය.
චතුර දේශනාවාදියෙකු වන ගරු සංජය ප්‍රදීප් පියතුමාට කුරුණෑගල රදගුරු වසමේ තල්ගහපිටිය මීසමට මාරුවීම ලැබී ඇත.
Friday, 5 January 2018
2017 දෙසැමබර් 31 රාත්‍රි දිව්‍ය පූජාව තුළින් 2018 නව වසරට.....
2017 වසර අවසන් කරමින් දෙසැම්බර් 31 වන දින රාත්‍රි දිව්‍ය පූජාව, කුරුණෑගල පදවි රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී සිදු කරන ලදි.
රදගුරු හිමිපාණන් විසින් සිදු කළ දිව්‍ය පූජාවට කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් රදගුරු ලේකම් නිරෝෂන් ජයකොඩි සහ කුරුණෑගල මීසම් සහායක ගරු සංජය ප්‍රදීප් යන පියතුමන්ලා සහය වූ අතර මෙම දිව්‍ය පූජාව කුරුණෑගල මීසමේ සාන්ත ආනා තරුණ සමිතියේ තරුණ තරුණියන් විසින් සංවිධාන කරන ලදි....
Thursday, 4 January 2018
2017 වසර දෙස අාපසු හැරී බලා, වැරදි හදාගෙන 2018 නව වසරට සමිඳුන් සමඟම ඇතුළු වෙමු.......
2017 දෙසැම්බර් 31 වන දින වසර අවසන් කරමින් ආපසු හැරී බලා ප්රැන්සිස්කන් නිකායේ ගරු නාලක සහෝදරතුමා විසින් සිදු කළ මෙනෙහි කිරීම සහ කුරුණෑගල රදගුරු වසමේ එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් විසින් සිදු කළ සත්ප්‍රසාද ආශිර්වාදයට ඔබත් සහභාගි වන්න.
Wednesday, 3 January 2018
ජේසුගේ ආදරය, කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ මීසම් සංඝය අන් අය සමග බෙදා ගනිති......
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරට අයත් කුරුණෑගල මීසම් සංඝයේ සියළුම කිතුනු ඒකක විසින් තම සියළුම සාමාජික දායකත්වයෙන් එකතු කළ වියලි ආහාර මල්ලක් සකස්කර ආර්ථික අපහසුකම් ඇති අය අතරින් ආගම් හෝ කිසිම භේදයකින් තොරව පිරිසක් තෝරාගෙන එවා මුළු දවස පුරාම බෙදා දෙන ලදි.
කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් සහ මීසම් සහයක ගරු සංජය ප්‍රදීප් යන පියතුමන්ලාගේ මෙහෙයවීමෙන් සිදු කළ අතර, ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ ප්‍රධාන මව්තුමිය වන ගරු කුමුදිනි රණවීර පැවිදි සොයුරිය සහ කිතුනු දූත සංගමයේ ගරු ලේකම් අනුර ගුණසේකර සොයුරා ද සහභාගි වූහ.
ගරු ප්‍රසන්ත අමරසේකර පූජාප්‍රසාදීන් වහන්සේගේ 25 වන පූජාත්වරයේ රිදී ජුබිලි සංවත්සර උත්සවය 2017
කුරුණෑගල රදගුරු වසමේ ජේෂ්ඨ පූජාප්‍රසාදීන් වහන්සේ නමක් වන කුලියාපිටිය ප්‍රධාන මීසම් සේවක ගරු ප්‍රසන්ත අමරසේකර පූජාප්‍රසාදීන් වහන්සේගේ 25 වන පූජාත්වර ජුබිලිය සංවත්සරය, 2017 දෙසැම්බර් 30 වන දින කුලියාපිටිය සාන්ත ජෝශප් දෙව් මැදුරේ දි විශාල පූජා ප්‍රසාදින් වහනසේලාගේ, පැවිදි සොයුරියන්ගේ සහ බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.
මහගල්ගමුව සාන්ත අන්තෝනි දහම් පාසැලේ සුහද නත්තල් උත්සවය 2017
කුරුණෑගල රදගුරු වසමේ මහගල්ගමුවේ ද්‍රවිඩ මාධ්‍යෙයන් ඉගැන්වෙන සාන්ත අන්තෝනි දහම් පාසැලේ වාර්ෂික නත්තල් උත්සවය 2017 දෙසැම්බර් 28 වන දින කුරුණෑගල පදවි කතෝලික අධ්‍යාපන, ධර්මෝපදේශ හා බයිබල් සේවා අධ්‍යක්ෂක ගරු ලයනල් ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් මහගල්ගමුවේ සාන්ත අන්තෝනි දෙව් මැදුරු භූමියේ පිහිටා ඇති එළිමහන් වේදිකාවේ දී සිදු කෙරුණි. එම අවස්ථාවට ගල්ගමුව මීසම් සේවක ගරු ඇලෙක්ස් ජානක ප්‍රනාන්දු පියතුමා සහ පැවිදි සොයුරියන් ද සහභාගි වූහ.
Subscribe to:
Posts (Atom)