Monday, 30 October 2017

කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමාගේ උපන් දිනය මීසම් ජනතාව සමරති..

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ පාලක සහ කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමාගේ පනස් හයවන ජන්ම දිනය 2017 ඔක්තෝබර් 29 වන දිනට යෙදී තිබුණි. 

එදින කුරුණෑගල මීසම් ජනතාව තම මීසම් සේවක පියතුමා වටා රොක් වී උපන් දින සුබ පැතූහ......

Saturday, 28 October 2017

සැල්වටෝරියානු ගිහි සංඝය ඔක්තෝබර් මාසයේ කුරුණෑගල රෝහලේ පිළිකා රෝගීන්ට තම දයාවේ සේවා සලසති....

සැල්වටෝරියානු පවුලේ කුරුණෑගල ගිහි සංඝය විසින් සැල්වටෝරියන් පවුලේ නිර්මාතෘ ගරු ප්‍රැන්සිස් ජෝර්දාන් පියතුමාගේ ස්වර්ගස්ථවීම සෑම මසකම අනුස්මරණය කරමින් කුරුණෑගල ශීක්ෂණ රෝහලේ පිළිකා රෝගින් සඳහා පිළිගන්වන පෝෂ්‍යජනක ආහාර හා ඖෂධිය පානය මෙවරත් ඔක්තෝබර් මාසය වෙනුවෙන් 2017 ඔත්තෝබර් 27 වන දින සැල්වටෝරියන් ගිහි සංඝයේ සභාපති ජේරී සෙනවිරත්න සොහොයුරාගේ මෙහෙයවීම යටතේ සිදු කෙරුණි.

එම අවස්ථාවට බෞද්ධ මුස්ලිම් කිසිම භේදයකින් තොරව ද්‍රව්‍යමය හා මුදල් පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වීම අප ඉතා ඉහළින් අගය කරන්නෙමු.

Wednesday, 25 October 2017

ක්ලැරේෂියානු ප්‍රාණ පරිත්‍යාගිවරුන් භාග්‍යවරයට ඔසවනු ලැබීමේ ස්තුති දිව්‍ය යාගයක් කුරුණෑගල ආසන දෙව් මැදුරේ.....

2017 ඔක්තෝබර් 21 වන දින ලොව පුරා විසිරී සිට, සැබෑ කිතුනුවන් ලෙස සාක්ෂි දරා දිවි පිදූ, ක්ලැරේෂියානු ප්‍රාණ පරිත්‍යාගිවරුන් 109 දෙනෙක් ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ, ශු.පවුලේ බැසිලිකාවේ දී භාග්‍යවරයට ඔසවනු ලැබීම කේන්ද්‍ර කොට ගෙන 2017 ඔක්තෝබර් 22 වන ඉරුදින කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී තුති පිදිමේ දිව්‍ය යාගයක් කුරුණෑගල පදවි අනුනායක අතිගරු ඔස්ටින් මාකස් ප්‍රනාන්දු මාහිමිපාණන් අතින් සිදු කෙරුණි.

එම දිව්‍ය යාගය කුරුණෑගල උහුමීය, ක්ලැරේෂියානු පවුලේ පූජක සංඝය හා පූජක සිසුන් විසින් සංවිධානය කර තිබූ අතර ඒ අවස්ථාවට දෙස් විදෙස් පූජක පැවිදි පිරිස්, දේශිය පැවිදි සොයුරියන් හා බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

Monday, 23 October 2017

ස්වර්ගස්ථ වූ අති උතුම් රේමන්ඩ් පීරිස් හිමිපාණන්ගේ නාමයෙන් දිව්‍ය පූජා මෙහෙයක් සහ මහා දානයත් පිරිනමති...

2017 සැප්තැම්බර් 29 වන දින ස්වර්ගස්ථ වූ අති උතුම් රේමන්ඩ් පීරිස් හිමිපාණන්ගේ ගුණ සමරමින් කුරුණෑගල මීසම් ජනතාව විසින් 2017 ඔක්තෝබර් 18 වන දින රදගුරු හිමිපාණන්ගේ නාමයෙන් දිව්‍ය පූජාවක් සිදුකර දහසක් දෙනෙකුට (1000) දහවල් දානය ද පිළිගන්වන ලදි..

එම අවස්ථාවට ස්වර්ගස්ථ වූ රදගුරු හිමිපාණන්ගේ ඥාතින් පිරිස ද සහභාගි වූ අතර සියලු කටයුතු කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් සහ ගරු සංජය ප්‍රදීප් පියතුමන්ලාගේ උපදෙස් හා මෙහෙයවීය යටතේ සිදුවිය....

Sunday, 22 October 2017

මල්කඩුවාව ෆාතිමාවේ අප ස්වාමි දුවගේ 144 වන, වාර්ෂික මංගල්‍යය 2017

කුරුණෑගල රදගුරු වසමට අයත් මල්කඩුවාව, ෆාතිමාවේ අප ස්වාමි දුවගේ දේවස්ථානයේ 144 වන වාර්ෂික මංගල්‍යය, හා අප ෆතිමා මැණියන්ගේ මෙලෝ දර්ශනයේ සියවස පිරීම ද නිමිති කොට ගෙන පැවැත් වූ ඒ මංගල්‍යය මහා දිව්‍ය යාගය 2017 ඔක්තෝබර් 15 වන දින, කුරුණෑගල පදවි අනුනායක අතිගරු ඔස්ටින් මාකස් ප්‍රනාන්දු මාහිමාපාණන්ගේ ප්‍රධානත්වයෙන් හා මල්කඩුවාව මීසම් පාළක ගරු චන්දන හපුආරච්චි පියතුමාගේ මෙහෙයවීම යටතේ විශාල බැතිමත් ජනතාවකගේ සහභාගිත්වය මැද ඉතා ඉහළින් පවත්වන ලදි..... 

Friday, 20 October 2017

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය, වැල්ලව මෙත් නිවසේ, ශුද්ධ වූ තෙරේසා මව්තුමියගේ පැවිදි සොයුරියන් සමරති

වැල්ලව ශුද්ධවු තෙරේසා මව් තුමියගේ පැවිදි සොයුරියන් විසින් සංවිධානය කර තුබූ, 2017 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදී තිබුණු ලෝක ළමා සහ වැඩිහිටි දින සැමරුම් වැඩසහන, කුරුණෑගල පදවියේ විශ්‍රාමිකව සිට, ස්වර්ගස්ථ වූ අති උතුම් රේමන්ඩ් පීරිස් හිමිපාණන්ගේ අවමංගල්‍යය ඒ දිනවල සිදු කළ බැවින්, පසුගිය ඔක්තෝබර් 08 වන දින වැල්ලව, සාන්ත ප්‍රැන්සිස් සේවියර් දෙව් මැදුරේ දු සිදුකළ දිව්‍ය පූජාවෙන් පසු පවත්වන ලදි.

එම උත්සවය වැල්ලව මීසම් සේවක ගරු ඇන්තනි ක්‍රිස්ටි කුමාර පියතුමාගේ ප්‍රධානත්වයෙන්, කිසිම ආගම් භේදයකින් තොරව වැල්ලව ගම්වාසින් හා මෙත් නිවසේ නිවාසිකව සිටින වැඩිහිටියන් සහ පැවිදි සොයුරියන්ගේ ද සහභාගිත්වයෙන් සිදු කරන ලදි.

Friday, 13 October 2017

මල්කඩුවාවේ, පාතිමාවේ අප ස්වාමිදුවගේ මංගල්‍යය වෙනුවෙන් කොඩි ගස එසවීම....

කුරුණෑගල රදගුරු වසමට අයත් මල්කඩුවාව, පාතිමා අප ස්වාමි දුවගේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් 2017 සැප්තැම්බර් 28 වන දින කොඩි ගස එසවූ නමුත්, 2017 සැප්තැම්බර් 29 වන දින සිදු වූ අපගේ විශ්‍රාමික රදගුරු තැන්පත් අතිඋතුම් රේමන්ඩ් පීරිස් හිමිපාණන්ගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් එම වාර්ෂික මංගල්‍යය 2017 ඔකතෝබර් 15 වන දිනට යොදා ගන්නා ලදි......

Thursday, 12 October 2017

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරින් ඉරිදා දේශනාව 2017/10/08

ශ්‍රී ලංකාවෙන් ඈත එපිට ජීවත් වන ඔබට සිංහල දේශනාවකට සවන් දෙන්න ලැබෙනවානම් එය ඔබට ඉතා වටිනා බව හොඳින්ම දන්නා, ඔබේ කිතුහඬ අදත් ලස්සන හරබර, ඔබේ සිතට සැනසීම ගෙන දෙන දේශනාවක් ඉදිරිපත් කළා........

Wednesday, 11 October 2017

සැල්වටෝරියන් නිවස තුළින් කිතුනු ධර්මදූතික ශ්‍රාවකත්වයට රුකුලක්.......

සැල්වටෝරියන් පවුලේ කුරුණෑගල ගිහි සංඝයේ ධර්මදූතික ශ්‍රාවකත්වය තව තවත් වැඩි දියුණු කර ශක්තිමත් කර ගැනීම සඳහා සෑම මසකම ලබා දෙන පුහුණු වැඩ සටහනේ සැප්තැම්බර් මාසයට නියමිත වැඩ සටහන 2017 සැප්තැම්බර් 25 වන දින, කුරුණෑගල මල්කඩුවාවේ, බමුණාවෙල, සැල්වටෝරියන් මූලස්ථානයේ ප්‍රැන්සිස් ජෝර්දාන් ශාලාවේ දී අනුරාධපුර, ජයබිම, නි.ම.නි. මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක, ගරු එම්මානුවල් ප්‍රනාන්දු (නි.ම.නි) පියතුමා විසින් සිදු කළ දේශනය, සෑම කිතුනුවෙකුටම ඉතා වැදගත් එකක් වන බව හැඟුණ නිසා මෙසේ ප්‍රසිද්ධ කරන්නෙමු....

Monday, 9 October 2017

කඩවලගෙදර වැඩිහිටි ඇන්ටනි අබේසිංහ මහතා රදගුරු හිමිපාණන් ගැන තම මතකය අවදි කරයි.......

කුරුණෑගල පදවියේ විශ්‍රාමිකව සිට ස්වර්ගස්ථ වූ අති උතුම් රේමන්ඩ් පීරිස් හිමාපාණන් සමග ඉතා කුළුපගව සිටිය කුරුණෑගල රදගුරු වසමට අයත් කටුපොත මීසමේ වැඩිහිටියෙකු වන ඇන්ටනි අබේසිංහ මහතා තම මතකය අවදිකර තම සංවේගය කිතුහඬ සමග මෙසේ බෙදා ගත්තා.....

ස්වර්ගස්ථ රදගුරු හිමිපාණන්ගේ ගුණ සුවඳ ගරු ගෝමි දිවාකර පියතුමාගෙන්......

කුරුණෑගල පදවි මරිය හමුදා අධ්‍යක්ෂක ගරු ගෝමි දිවාකර පියතුමා විසින් සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී, ස්වර්ගස්ථ රදගුරු අති උතුම් රේමන්ඩ් පීරිස් හිමිපාණන්ගේ දේහය අභියස සිදු කළ ගුණ කථන දේශනය....

2014 වසරේ නත්තල් සමයේ කුරුණෑගල ධර්මදූත ළමා සමාජයේ දරුවන් නත්තල් නෑගම් ගිය දවස ඔබට මතකද?

කිතුහඬ සමග ස්වරගස්ථ රදගුරු හිමිපාණන්ගේ ඉතා සමිප සම්බන්ධතාවයක් තිබුණා.... ගොඩාක් අවස්ථාවල අප හමුවුනා.... රදගුරු තුමා කිතුහඬ ට ගොඩාක් ආදරය කළා.... ඉතින් අපිට හිතුණා මේ වීඩියෝව ඔබට පෙන්නන්න....

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ තබා ඇති ස්වර්ගස්ථ රදගුරු දේහය අභියස දී ගරු ලයනල් ප්‍රනාන්දු පියතුමාගේ දේශනය...

ස්වර්ගස්ථ රදගුරු අති උතුම් රේමන්ඩ් පීරිස් හිමිපාණන්ගේ දේහය තැන්පත් කිරීම සඳහා දින හතරක් කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ මහජන ගෞරවය මැද තබා තිබූ අවස්ථාවේ දී කුරුණෑගල පදවි අධ්‍යාපන ධර්මෝපදේශ සහ බයිබල් සේවා අධ්‍යක්ෂක ගරු ලයනල් ප්‍රනාන්දු පියතුමා විසින් සිදු කළ දේශනයෙන් කොටසක්.....

Sunday, 8 October 2017

වැඩිහිටි මාතාවක් ස්වර්ගස්ථ රදගුරු හිමිපාණන් සිහිකර තම දුක කියයි......

අපේ කරුණාවන්ත බික්සුන්වහන්සේගේ නිසල දේහය අසල රැඳී සිටියදී බොහෝ දෙනා රදගුරු හිමිපාණන් සිහිකරමින් තම තමන් එතුමන් දුටු ආකාරය ගැන කිතුහඬ සමඟ දොඩමළු උනා... ඒ අතර සිටිය මේ වැඩිහිටි මාතාවත් අප කැමරාවට හසු කරගන්නට හැකි වුනා......

ස්වර්ගස්ථ විශ්‍රෘමික රදගුරු රේමන්ඩ් පීරිස් හිමිපාණන්ගේ නිසල දේහය අභයස සිට කුරුණෑගල මීසම් පාළක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමාගේ දේශනය....

ස්වර්ගස්ථ විශ්‍රාමික රදගුරු රේමන්ඩ් පීරිස් හිමිපාණන්ගේ නිසල දේහය අසලදී කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් 2017 ඔක්තෝබර් 01 වන ඉරුදින පෙ.ව. 7.00 දිව්‍ය පූජාවේදී සිදු කළ ඉතා සංවේදීජනක ගුණ කථනය....

Saturday, 7 October 2017

ස්වර්ගස්ථ අති උතුම් රේමන්ඩ් පීරිස් රදගුරු හිමිපාණන්ගෙ අවමංගලෝත්සවය

යහපත් එඬේරා, තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේය. ‘‘මම යහපත් බැටළු එඬේරා වෙමි, මම මාගේ බැටළුවන් හඳුනෙමි, ඔවුහු ද මා හඳුනති. පියාණන් වහන්සේ මා ද මා පියාණන් වහන්සේ ද හඳුනන්නාක් මෙන්, මම මාගේ බැටළුවන් හඳනමි. බැටළුවන් උදෙසා මාගෙ දිවි පුදමි. (ජුවාම් 10:11)

අති උතුම් දේවධර්මාචාර්ය

රේමන්ඩ් පීරිස් රදගුරු හිමිපාණෝ
කුරුණෑගල විශ්‍රාමික රදගුරු හිමි

රදගුරු ආදර්ශ පාඨය

"සියල්ලන්ට සියල්ල"

OMNIA OMNIBUS