1. සමාජයේ තම වගකීම බාරගෙන නැණවත් බුද්ධිමත් පුරවැසියන්
මෙන් ස්වාධීනව ක්‍රියා කළ හැකි පුද්ගලයන් බවට තම දරුවන් ඇති දැඩි කිරීම දෙමාපින්ගේ
වගකීම බව සිහි තබා ගන්න.
2. එවැනි පුද්ගලයන් බිහි කිරීම සඳහා දේව භක්තියෙන් යුතු නියම කිතුනු පරිසරයක් ඇති නිවසක් පළමුවෙන් නිර්මාණය කරගන්න.
3. දරුවන්ට හැකි පමණ ප්‍රසාදවත් ජීවිතයක් ලබා දී, ඔවුන්ට ධර්ම පෝෂණය ලබා දෙමින්, දේව ප්‍රේමය අවබෝධ කර දෙන්න.
4. ආගමික කටයුතු සම්බන්ධයෙන් “නිකටෙන් පාර පෙන්වීම” ප්‍රමාණවත් නොවේ. තම ජීවිත ආදර්ශයෙන් එය පෙන්වන්න.
5. අවංකභාවය, සත්‍යගරුකත්වය, දයාව, කරුණාව, අනුකම්පාව, සමාජ සේවාව, වැඩිහිටියන්ට සැලකීම, කීකරුකම ආදී සියලු යහපත් ගුණාංඟ දෙමාපියන්ගෙන් දරුවෝ
ඉගෙන ගන්නා බව මතක තබා ගන්න.
6. තමන් භාවිත කරන වචන, හැසිරෙන විලාසය, දරණ ආකල්ප, ආදි සියලු දේම දරුවන් කෙරෙහි දැඩි ලෙස බලපාන බව තරයේ මතක තබා ගන්න.
7. දරුවන්ට යහපත් මිතුරු – මිතුරියන් සමඟ ඇසුරු කිරීමේ නිදහස ලබා දිය යතු අතර, ඔවුන් ඇසුරු කරන අය ගැනද යන එන තැන් ගැනද ඔවුන්ගේ ක්‍රිඩා සහ විනෝද කටයුතු ගැනද ඉතාමත් විමසිලිමත් වන්න. විශේෂයෙන් ඔවුන්ගේ පරිඝණක පරිහරණය, නරඹන චිත්‍රපට, කියවන පොත පත යනාදිය ගැනත් ඔවුනට උපදෙස් දී මඟ පෙන්වන්න.
8. වැඩෙන දරුවන්ට කායික තොරතුරු මෙන්ම, සුදුසු අයුරින් ලිංඟික උපදෙස් ලබා දීමට වග බලා ගන්න. මෙවැනි දැ ගැන සත්‍යය සැඟවීමෙන් අවට සමාජයෙන් වැරදි තොරතුරු ලබාගෙන, දරුවන් නොමඟට යොමු වීමට ඇති ඉඩකඩ අහුරා දමන්න. දරුවාගේ බුද්ධි මට්ටම අනුව ක්‍රමයෙන් සත්‍යය අවබෝධ කරදීම යෝග්‍ය බව තේරුම් ගන්න.
9. ආබාධිත දරුවකුට හැර සෙසු දරුවන් අතරින් එක් අයෙකුට පමණක් විශේෂ ඇල්මක් දැක්වීම ඉතා වැරදි බව සිහි තබා ගන්න. එයින් දරුවන් අතර ඊර්ෂ්‍යාව හට ගන්නා අතර ඇතමුන් අනාගතයේදි, සමාජයෙන්ද කොන්වීමට ලක්වන බව මතක තබා ගන්න.
10. දරුවන්ගේ අනාගතය ගැන බල නොකරන්න. ඔවුන්ගේ හැකියාවන් තේරුම් ගෙන ඒ අනුව ඔවුන් උනන්දු කර දිරි ගන්වන්න.
11. විවාහ සහකාර-සහකාරී
තෝරා ගැනීමේදි දරුවන්ට උපදෙස් දෙන්න. නමුත් ඒ පිළිබඳව බලකිරීම් කිසිසේත් නොකරන්න.
12. දෙමාපියන් දරුවන්ට දේව
ප්‍රේමය පිළිබිඹු කරන කැඩපතක් මෙන් විය යුතු බව තරයේ සිහි තබා ගන්න.
.
No comments:
Post a Comment