කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ 197 වන වාර්ෂික මංගල්‍යයයේ සන්ධ්‍යා මෙහෙය 2017 ජුලි 29 වන දින කුරුණෑගල පදවි එඬේරාණන් අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
Monday, 31 July 2017
කුරුණෑගල සාන්ත ආනා මංගල්‍යයයේ සන්ධ්‍යා මෙහෙය සහ පෙරහැර 2017/07/29
Saturday, 29 July 2017
කුරුණෑගල සාන්ත ආනා මංගල්‍යයට සූදානම්වීමේ නුවාන දේශනා මාලාවේ අටවැන්න 2017/07/28
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව්මැදුරේ කිතුනු සංඝයට වසර 197 ක්
සපුරමින් පැවැත්වෙන 2017 වාර්ෂික මංගල්‍යයට ආත්මිකව සූදානම්වීමේ ඥානකාන්තියක් බඳු නුවාන දේශනා මාලාවේ අටවැන්න එනම් අවසාන දේශනාව 2017 ජුලි 29 වන දින ගරු තුසිත ප්‍රියංඟ පියතුමා විසින් පවත්වන ලදි....
ආධ්‍යාත්මිකව ගැඹුරු පෝෂණයකට ලක් වූ කුරුණෑගල මීසම් සංඝය විසින් මෙම දේශනා මාලාව ඉතා අගය කළහ.
Friday, 28 July 2017
කුරුණෑගල සාන්ත ආනා මංගල්‍යයට සූදානම්වීමේ නුවාන දේශනා මාලාවේ සත්වැන්න 2017/07/27
ඔබ පාපෝච්චාරණය ගැන දරන් ඉන්නේ මොනවගේ අදහසක් ද? ඔබ පාපෝච්චාරණ නොකර ඉන්න මොන තරම් කරුණු කාරණා කිව්වත්... ඔබට පාපෝච්චාරණය මග අරින්න නම් කිසිම අයිතියක් නැහැ...
අද මේ දේශනාව හොඳ සිහි කල්පනාවෙන් අහගෙන ඉන්න. ඩේටා කැපෙනවාට බයේ අනගි අවස්ථාවක් අතහැර ගන්න එපා...
Thursday, 27 July 2017
කුරුණෑගල සාන්ත ආනා මංගල්‍යට සූදානම්වීමේ නුවාන දේශනා මාලාවේ සයවැන්න 2017/07/26
කුරුණෑගල සාන්තානම් මෑනියන්ගේ 197 වන වාර්ෂික මංගල්‍යයට සූදානම්වීමේ නුවාන මාලාවේ සයවැන්න 2017 ජුලි 26 වැනි දා සිදු කෙරුණි. ඒ දිනය සන්තානම් මැණියන්ගේ සහ සාන්ත ජෝකිනු පියාණන්ගේ මංගල්‍යය වශයෙන් ශුද්ධ සභාව විසින් ප්‍රකාශයට පත්කළ දිනය බැවින්, එදින කුරුණෑගල සංඝය එය විශේෂාකාරයෙන් සැමරුමට ලක් කරණ ලදි.
Wednesday, 26 July 2017
කුරුණෑගල සාන්ත ආනා මංගල්‍යට සූදානම්වීමේ නුවාන දේශනා මාලාවේ පස්වැන්න 2017/07/2
අපි නිතරම දේශනාවලට සවන් දෙනවා. ඒ දේශනාවලින් ගොඩාක් දේශනා දෙව් මැදුරෙන් එළියට එනකොටම අමතක වෙලා. නමුත් කුරුණෑගල සාන්තානම් මැණියන්ගේ 197 වන මංගල්‍යයට ජනතාව ආත්මිකව සූදානම් කරන්නට පිළියෙල කරපු නුවාන දේශනා මාලාව නම් ලේසියෙන් අමතක කරලා දාන්න බැරි වෙයි...
හේතුව අපිට නිතර කතා කරන්නට යමක් ඉස්මතු කෙරෙන දේශනාවක් කරන්න අම්පිටියේ ජාතික දෙව්සත්හලේ, දර්ශනය පිළිබඳ කතිකාචාර්ය වරයෙකු වන ගරු තුසිත ප්‍රියංඟ පියතුමා සමත් වෙලා තියෙනවා....
Tuesday, 25 July 2017
කුරුණෑගල සාන්ත ආනා මංගල්‍යට සූදානම්වීමේ නුවාන දේශනා මාලාවේ සතර වැන්න 2017/07/24
කුරුණෑගල මීසම් සංඝය ඥානකාන්තියකට ගෙන ගියාක් මෙන් ඥානය පුබුදුවන දේශනා මාලාවකින් පිරී ඉතිරී ගිය, කුරුණෑගල සාන්ත ආනා මංගල්‍යයට සූදානම්වීමේ නුවාන වැඩ සටහන කුරුණෑගල පමණක් නොව දෙස් විදේස්වලට පවා ආධ්‍යාත්මික සුවයක් ලබා දෙමින් සැබෑ ජීවිත වෙනසකට ලක්කර ඇත.
Monday, 24 July 2017
කුරුණෑගල සාන්ත ආනා මංගල්‍යට සූදානම්වීමේ නුවාන දේශනා මාලාවේ තුන්වැන්න 2017/07/23
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ 197 වන වාර්ෂික මංගල්‍යයට කුරුණෑගල සංඝය ආත්මිකව සූදානම් කරලීමේ කාර්යය වශයෙන් කෙරෙන නුවාන මාලාවේ තුන් වැන්නයි මේ....
අපේ මුළු ජීවිතයම දෙවිඳුන් වෙතට යොමු කරන්නට අපි කැමැත්තෙන් හිටියත්, කොතැනකදෝ අපි පාර වරද්දාගෙන, ඒක නිවැරදි කරගෙන හරි පාර පෙන්නන්නට අද මේ දේශනාව තුළින් ගරු තුසිත ප්‍රියංඟ පියතුමා සමත් වුනා..
ඔබත් නිතර නිතර මෙය ශ්‍රවණය කර හරි පාරට එන්න. ප්‍රමාදය ඔබට පසුතැවිල්ලකටවත් ඉඩක් නොතබයි.....
කුරුණෑගල සාන්ත ආනා මංගල්‍යට සූදානම්වීමේ නුවාන දේශනා මාලාවේ දෙවැන්න 2017/07/22
කුරුණෑගල ආසන දෙව් මැදුරේ 197 වන වාර්ෂික මංගල්‍යයට සූදානම්වීමේ නුවාන දේශනා මාලාවේ දෙවැනි දේශනාව දැන් ඔබ වෙනුවෙන් සුදානම්ව ඇත.
අළුතින් ඔබට සිතන්නට ඔබව අවදි කරන, අම්පිටියේ, දර්ශන පීඨයේ කතිකාචාර්ය ගරු තුසිත ප්‍රියංඟ පියතුමා, මෙම දේශනාව තුළින් උත්පත්ති පොතේ 1:26-27 යන පාඨයෙන් ලියැවි ඇති, දෙවිඳුන්ට සමාන කමින් මිනිසා මවා ඇති බව කියැවෙන කොටසින් මිනිසාට ලබා ගත හැකි උත්කෘෂ්ඨ වූ තැන පිළිබඳව ඉතා ගැඹුරු තැනකට අප සැවොම රැගෙන යන ලදි.
කුරුණෑගලින් බැහැරව සහ එදින එම දේශනයට සවන් දීමට නොහැකි වූ අය වෙනුවෙන් කිතුහඬ මෙසේ ඉදිරිපත් කරයි....
Sunday, 23 July 2017
කුරුණෑගල සාන්ත ආනා මංගල්‍යට නූවාන මාලාව ඇරඹෙයි 2017
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ මංගල්‍යය වෙනුවෙන් 2017 ජුලි 21 දා සිට නුවාන සිදු කිරීම ආරම්භ කරන ලදි, ලාබාල දේශක පියතුමෙකු වන අම්පිටිය ජාතික දෙව්සත්හලේ දර්ශනය පිළිබඳ කතිකාචාර්ය වරයෙකු වන ගරු තුසිත ප්‍රියංඟ පියතුමා විසින් පවත්වන ලද, පළමුවන හරබර දේශනා ප්රවිෂ්ඨයට ඔබත් අප සමග එකතුවන්න.
Friday, 21 July 2017
කුරුණෑගල සාන්ත ආනා මුනිශ්වරියගේ 197 වන මංගල්‍යයට කොඩිගස ඔසවති.....
කුරුණෑගල රදගුරු වසමේ ආසන දෙව් මැදුරේ, කැපකාර මුනිවරිය වූ, සාන්ත ආනා මුනිවරියගේ කුරුණෑගල දෙව් මැදුරේ පැවැත්වෙන 197 වන වාර්ෂික මංගලෝත්සවය වෙනුවෙන් 2017 ජුලි 20 වන දින කොඩිගස ඔසවන ලදි......
Thursday, 20 July 2017
ආදරය ජීවිතයේ සුන්දරම වචනකි
ආදරය ජීවිතයේ සුන්දරම වචනකි, යොවුන් විය සුරංඟනා ලොවකට ගෙනයන ආදරය, රජවරු තම කිරුළ පවා අත්හල ආදරය, මොකක්ද, මේ ආදරය. ආදරයෙන් මුසපත් යුවලක් වෙතින් විමසුවත් අදරය මොකක්දැයි කියා, ඔවුන්ටත් තේරුම්ක් නැත. කාගෙන් ඇසුවත් උත්තරය, "තේරෙන්නේ නැහැ කියන්න" ඕකයි උත්තරය. නමුත් ආදරය නැතුවම බැහැ ජීවත් වෙන්න. "ආදරය නැත්නම් ජීවිතේ මෙලෝ රහක් නැහැ" අද භාෂාවෙන් සමහර කොල්ලෝ කියන්නේ එහෙමයි. ආදරය කළ නොකළ කාගෙන් ඇසුවත් ආදරය ගැන කෙළින් උත්තරයක නැහැ. උගත් වැඩිහිටි අයගෙන් කීප පොළක් නම් කීවේ ආදරය හැඟීමක්, ඒක දෙයක් නෙමේ. ස්වාභාව දහම විසින් ජීවයේ පැවැත්ම සඳහා ආදර හැඟීම මිනිස් සිත් සන්තානයේ පිහිටුවා ඇති බවයි. ඒ කියමනෙහි නම් යම්කිසි හරයක් තියෙනවා.කෙසේ වෙතත් තැන නොතැන නොබලා තුරුළුවී පෙම් කරන පෙම් යුවල් වෙත සමාජය නොයෙකුත් අදහස් උදහස් උසුළු විසුළු යොමු කරති.
ආදරය පිළිබඳව පෙම්වතුන් තුළත්, පොදු සමාජය තුළත් තිබෙන මේ හෑල්ලුව, මදකට පසෙක තබා ආදරය දෙස වෙනත් කෝණයක සිට බලන්නට උත්සහ කරමු.
තමාව තමන්ම දැනගැනීම නැමැති සුවඳ, තමා තුළින්ම විකිරණය වීම ආදරයයි. ප්‍රිතිය උතුරා ගලා යෑම ආදරයයි. ඔබ ඔබවම දකින මොහොත ආදරයයි. ඔබේ පැවැත්ම තව කෙනෙකු සමඟ බෙදා ගැනීම ආදරයයි. ඔබ පැවැත්මෙන් පිටස්තරයෙක් නොවන බව දකින විට ඔබ ආදරයෙනි. සියල්ල සමග ස්වාභාවික බවක් ඔබට දැනෙන විට ඔබ ආදරයෙනි.
ඉතින්, මේ අයුරින් කාටද ආදරය කළ හැක්කේ?. ඇත්තෙන්ම ඔබ නොදන්නවා නම් ඔබ කවුද කියා ඔබට ආදරය කළ නොහැකිය. ඔබ ඔබව දන්නේ නැතිනම්,ඔබ බිය වේවි. අදරයේ විරුද්ධ පැත්ත බියයි. හොඳින් මතක තබා ගන්න. සමාජය සිතන අන්දමට වෛරය, ආදරයේ විරුද්ධ පැත්ත නොවේ.ආදරයේ නියම විරුද්ධ පැත්ත වන්නේ බියයි. ආදරය තුළින් කෙනෙක් විකසිත වන විට, බිය කෙනෙකු හකුලවයි. බියේදි කෙනෙකු වැසෙන විට, ආදරයේදි කෙනෙකු විවෘත වෙයි. බියේදි කෙනෙකු අසත්‍යය කථා කරන විට, ආදරයේදි කෙනෙකු සත්‍යයම කථා කරයි. බියේදි කෙනෙකු සැක කරයි. ආදරයේදි කෙනෙකු විශ්වාස කරයි.
මා දකින මේ කෝණයේ සිට බලන ඕනෑම අයෙක් ආදරය දකින්නේ ඔය අයුරින්ය. අද සමාජයේ වැඩි දෙනෙක් තමන් තමන්ටම බිය නිසා, අසත්‍යයම කතා කරති. බොරු කියති. මුළු ජීවිත කාලයම ආදරේ බව තියති. එය මුසාවක්. එය කිසිදා විය නොහැකිය. කොහොමද එහෙම වෙන්නේ?. ආදරයට මුල පුරන අවධියේ, පෙම්යුවලෙන් එක් අයෙක්, තම ආශාවන්, තමා කැමැති දේවල්, අනිකාගේ සතුට වෙනුවෙන්, කැප කරයි. ඒ සුළු කාලයකටයි. ටික කලක් ගතවන විට ඒ කැප කිරීම ටිකෙන් ටික අඩු වෙයි. පටන් ගත් තැනටම දෙන්නා යලි පැමිණෙයි. ඉතින් කොහොමද? මුළු ජීවිත කාලය පුරාවටම පටන් ගත් දා වගේ අවංකව ආදරයෙන් ඉන්නේ? අද සමාජයේ අප දකින පවුල් අවුල් වියවුල් මේ කරුණමත නොවේද? .
දැන් බලන්න ඔබ අවංතවම ආදරය කරන කෙනෙක්ද? ඔබ ආදරය රැක ගැනීම සඳහා සත්‍යය වසන් නොකරන අයෙක්ද?. දුම්වැටි, මත්පැන් වැනි දේ භාවිතා කර කර ඒවායින් තොර කෙනෙකු බව පවසා නැද්ද?. තව කෙනෙකුට පෙම් කර කර ඒබව සඟවමින් බොරු ගොතා කියා නැති ද?
එසේ නම් අවංකවම ආදරය කළ නොහැකිද? සත්තකින්ම හැකිය, ඔබ ඔබව අවංකවම හඳුනා ගන්න. ඔබ ඔබටම අවංකව ආදරය කරන්න. හොඳ සිහියෙන් නිතර කාලය ගත කරන්න. මිනිසුන් ඇසරු කරන්න. ඔවුන් සමග සිනා මුසු වන්න.මක්නිසාද? දෙවියන් වහන්සේගේ මුහුණේ විවිධ ආකාරයන් හැම මිනිසෙකුගෙන් ම ප්රකාශනය වන බැවිනි. හැම මිනිසෙකුගෙන්ම ඉගෙන ගන්න. බිය නොවන්න. මේ පැවැත්ම ඔබව මවක සේ රැකබලා ගනියි.
ඔබට දැනේවි,නව ජීව ශක්තියක් ඔබ තුළින් මතුවන බව. ඒ ශක්තිය ආදරයයි. මේ ශක්තියට අවශ්‍ය වෙනවා මුළු පැවැත්මටම ආශිර්වාද කරන්න. මක්නිසාද? මේ ශක්තිය තුළ ඔබට දැනේවි ඔබ ආශිර්වාද ලද්දෙකු බව.
මුළු පැවැත්මටම ආශිර්වාද කිරීමට ඇති ගැඹුරු ආශාවකි ආදරය.
Subscribe to:
Posts (Atom)