Thursday, 7 March 2019

මල්කඩුවාවේ ලූර්දු බාලිකා නිවහනේ බාලිකාවන් ලූර්දු මංගල්‍යය සමග විවිධ ප්‍රසංඟයක් ද එළිදක්වති. 2019

කුරුණෑගල රදගුරු වසමට අයත් මල්කඩුවාවේ ශු.පවුලේ නිකායේ පැවිදි සොහොයුරියන් විසින් පවත්වාගෙන යන ලූර්දු බාලිකා නිවහන දරුවන් සහ පැවිදි සොයුරියන් විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද ලූර්දු මංගල්‍යය සහ විවිධ ප්‍රසංගයක් 2019 පෙබරවාරි 26 වන දින මල්කඩුවාවේ පාතිමා දෙව් මැදුරේ උත්සව ශාලාවේ දි පැවැත්වුණි.

ලූර්දු බාලිකා නිවහනේ පැවැත්වුණු දූර්දු මංගල්‍යය දිව්‍ය පුජාව කුරුණෑගල පදවි එඬේරාණන්වන දේව ධර්මාචාර්ය අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් අතින් සිදු කෙරුණ අතර විවිධ ප්‍රසංඟය ශු.පවුලේ නිකායේ කොළඹ ප්‍රදේශාධිපතිනි ගරු ජෙස්මින් ප්‍රනාන්දු පැවිදි සොයුරිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
මෙම අවස්ථාවට කුරුණෑගල පදවි අනුනායක අතිගරු ඔස්ටින් මාකස් ප්‍රනාන්දු කුරුණෑගල පදවි භාණ්ඩාගාරික අතිගරු සාගර ප්‍රියශන්ත පියවරුන් ඇතළු පියවරුන් සහ පැවිදි සොයුරියන් විශාල පිරිසක් සමග බාලිකා නිවහනේ දරුවන්ගේ මා පියන් සහ විශාල පිරිසක් ද සහභාගි වූහ.

Sunday, 3 March 2019

කුරුණෑගල 2019 වසර තරුණ වසරයි, ඒ වෙනුවෙන් වෛද්‍ය දිනුෂා තරුණ තරුණියන් හට ආතතිය ගැන කතා කරයි.....

කුරුණෑගල රදගුරු වසම 2019 වසර තරුණ වසර ලෙස නම් කර ඇත. ඒ වෙනුවෙන් තරුණ තරුණියන් වෙත වැඩ සටහන් රාශියක් ලබා දීමට සැලසුම් කර ඇත. ඒ අනුව කුරුණෑගල සාන්ත ආනා විදුහලේ ශ්‍රවණාගරයේ දී කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ වැඩ සටහනකදී වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු තරුණ මානසික සෞඛ්‍යය පිළිබඳව සිදු කළ දේශනයට ඔබත් සවන් දෙන්න.