Tuesday, 30 July 2019
Thursday, 7 March 2019
මල්කඩුවාවේ ලූර්දු බාලිකා නිවහනේ බාලිකාවන් ලූර්දු මංගල්‍යය සමග විවිධ ප්රසංඟයක් ද එළිදක්වති. 2019
කුරුණෑගල රදගුරු වසමට අයත් මල්කඩුවාවේ ශු.පවුලේ නිකායේ පැවිදි සොහොයුරියන් විසින් පවත්වාගෙන යන ලූර්දු බාලිකා නිවහන දරුවන් සහ පැවිදි සොයුරියන් විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද ලූර්දු මංගල්‍යය සහ විවිධ ප්‍රසංගයක් 2019 පෙබරවාරි 26 වන දින මල්කඩුවාවේ පාතිමා දෙව් මැදුරේ උත්සව ශාලාවේ දි පැවැත්වුණි.
ලූර්දු බාලිකා නිවහනේ පැවැත්වුණු දූර්දු මංගල්‍යය දිව්‍ය පුජාව කුරුණෑගල පදවි එඬේරාණන්වන දේව ධර්මාචාර්ය අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් අතින් සිදු කෙරුණ අතර විවිධ ප්රසංඟය ශු.පවුලේ නිකායේ කොළඹ ප්රදේශාධිපතිනි ගරු ජෙස්මින් ප්‍රනාන්දු පැවිදි සොයුරිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
මෙම අවස්ථාවට කුරුණෑගල පදවි අනුනායක අතිගරු ඔස්ටින් මාකස් ප්‍රනාන්දු කුරුණෑගල පදවි භාණ්ඩාගාරික අතිගරු සාගර ප්රියශන්ත පියවරුන් ඇතළු පියවරුන් සහ පැවිදි සොයුරියන් විශාල පිරිසක් සමග බාලිකා නිවහනේ දරුවන්ගේ මා පියන් සහ විශාල පිරිසක් ද සහභාගි වූහ.
Sunday, 3 March 2019
කුරුණෑගල 2019 වසර තරුණ වසරයි, ඒ වෙනුවෙන් වෛද්‍ය දිනුෂා තරුණ තරුණියන් හට ආතතිය ගැන කතා කරයි.....
කුරුණෑගල රදගුරු වසම 2019 වසර තරුණ වසර ලෙස නම් කර ඇත. ඒ වෙනුවෙන් තරුණ තරුණියන් වෙත වැඩ සටහන් රාශියක් ලබා දීමට සැලසුම් කර ඇත. ඒ අනුව කුරුණෑගල සාන්ත ආනා විදුහලේ ශ්‍රවණාගරයේ දී කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ වැඩ සටහනකදී වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු තරුණ මානසික සෞඛ්‍යය පිළිබඳව සිදු කළ දේශනයට ඔබත් සවන් දෙන්න.
ි
Monday, 25 February 2019
ඉරිදා දේශනාව 2019 පෙබරවාරි 24
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ 2019 පෙබරවාරි 24 වන ඉරුදින දිව්‍ය පූජාවේ දි කුරුණෑගල මීසම් පාලක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් සිදු කළ දේශනාවට ඔබත් සවන් දෙන්න.
Sunday, 24 February 2019
ඇතුගල්පුර රදගුරු වසමේ දියත් කළ තරුණ වසර කේන්ද්‍ර කරගත් වැඩසටහන් මාලාවක් සිදු කෙරෙයි....
කුරුණෑගල රදගුරු වසමේ ප්‍රකාශිත තරුණ වසර වෙනුවෙන් තරුණ මනස පෝෂණය සඳහා වැඩ සටහන් මාලාවක් සිදු වෙමින් පවති.
ඒ අනුව 2019 පෙබරවාරි 19 වන දින කුලියාපිටිය සත්පහන ශාලාවේ සහ කුරුණෑගල සාන්ත ආනා විදුහල් ශාලාවේ කුරුණෑගල පදවි එඬේරාණන්වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් පැවත්වූ වැඩ සටහන්වල විශේෂ අවස්ථාවන් ඔබත් නරඹන්න...
Wednesday, 20 February 2019
මිල්ලව ශු.පවුලේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය කුරුණෑගල රදගුරු හිමිපාණන් අතින් සිදුවෙයි. 2019
කුරුණෑගල රදගුරු වසමට අයත් මිල්ලව ශුද්ධ වු පවුලේ දෙව් මැදුරේ 36 වාර්ෂික මංගල්‍යය දිව්‍ය පූජාව 2019 පෙබරවාරි 10 වන දින කුරුණෑගල පදවි එඬේරාණන්වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ අතින් සිදු කෙරුණි.
එම අවස්ථාවට කුරුණෑගල රදගුරු ලේකම් ගරු ජූඩ් මධුසංඛ පියතුමා ඇතුළු පැවිදි සොයුරියන් හා විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වූ අතර මිල්ලව මීසම් සේවක ගරු දිමුතු ෆෝන්සේකා පියතුමාගේ මෙහෙයවීම යටතේ සිදුවිය.
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී පවත්වන ලද, ලූර්දු මංගල්‍යය වෙනුවෙන් ගරු ඩෙරල් කුඤ්ඤේ පියතුමාගෙන් යාච්ඤා මෙහෙයක්
2019 පෙබරවාරි 09 වන දා කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී පවත්වන ලද, ලූර්දු මංගල්‍යය වෙනුවෙන් සීදුව, සුපවත් අරණ සිද්ධස්ථානයේ පාලක ගරු ඩෙරල් කූඤ්ඤේ පියතුමා විසින් සිදු යච්ඤා මෙහෙයට ඔබත් සම්බන්ධ වන්න.....
Monday, 18 February 2019
අලව්ව සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ 108වන වාර්ෂික මංගල්‍ය දින සිංහල ද්‍රවිඩ මිශ්‍ර දිව්‍ය පූජාව 2019
කුරුණෑගල රදගුරු වසමට අයත් අලව්ව සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දෙව් මැදුරේ 108වන වාර්ෂික මංගල්‍ය සිදු කරණ ලදි. එදින සවස පොල්ගහවෙල මීසම් සේවක ගරු සුසන්ත බර්නාඩ් පියතුමා විසින් දෙමළ භාෂාවෙන් විශේෂ දිව්‍ය පූජාවක් සිදු කරන ලදි.
Sunday, 17 February 2019
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරින් මේ ඉරිදා දේශනාව 2019/02/17
ඈත එපිට රට රාජ්‍යයවලට ගොස් තනිවී සිටින ඔබට සිංහල දේශනාවක් අසන්නට ලැබෙනවා නම් ඔබට එය ඔබ අගය කරන බව දන්නා කිතුහඬ 2019 පෙබරවාරි 17 වන ඉරිදා කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ පාලක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා සිදු කළ දේශනාව අද ඔබ වෙතට යොමු කරනවා......
අලව්ව- සාන්ත සෙබස්තියන් වාර්ෂික මංගල්‍යය 2019 පෙබරවාරි 03
කුරුණෑගල පදවියට අයත් අලව්ව මීසමේ සාන්ත සෙබස්තියන් මුනිඳුන් දෙව් මැදුරේ 108 වන වාර්ෂික මංගල්‍යය 2019 පෙබරවාරි 03 වන දින, කුරුණෑගල පදවි එඬේරාණන්වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
Thursday, 14 February 2019
අලව්වේ සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දෙව් මැදුරේ 108 වන වාර්ෂික මංගල්‍යයයේ සන්ධ්‍යා මෙහෙය 2019
කුරුණෑගල රදගුරු වසමේ අලව්ව මීසමට අයත් සාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ 108 වන වාර්ෂික මංල්‍යයේ සන්ධ්‍යා මෙහෙය 2019පෙබරවාරි 02 වන දින කුරුණෑගල පදවි අනුනායක අතිගරු ඔස්ටින් මාකස් ප්‍රනාන්දු මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. එම අවස්ථාව අලව්ව මීසම්පති ගරු සුසන්ත බර්නාඩ් පියතුමාගේ මෙහෙයවීම යටතේ සිදු වූ අතර එම අවස්ථාවට ගරු මොසෙස් ජෙරාඩ් පියතුමා සහය විය.
Wednesday, 13 February 2019
මිල්ලව මීසමේ දරු දැරියන්ට නව දහම් පාසැල් ගොඩනැඟිල්ලක් විවෘත වෙයි.
කුරුණෑගල රදගුරු වසමට අයත් මිල්ලම මීසම් සංඝයේ දරු දැරියන්ගේ දහම් පෝෂණයට විශාල බාධාවක් ව පැවතුණ අංඟසම්පූර්ණ ගොඩනැඟිල්ලක අඩුව සපුරමින් 2019 පෙබරවාරි 10 වන දින මිල්ලව ශු.පවුලේ දෙව් මැදුරේ 36 වන වාර්ෂික මංගල්‍යයට සමගාමිව නව ගොඩනැඟිල්ලක් කුරුණෑගල රදගුරු තැන්පත් අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ අතින් ආසිරිගන්වා විවෘත කරන ලදි...
Wednesday, 30 January 2019
කුරුණෑගල පදවියේ ප්‍රකාශිත තරුණ වසර වෙනුවෙන් ජීවිතාබෝධ වැඩ සටහනක් 2019
කුරුණෑගල පදවිය 2019 වසර තරුණ වසර ලෙස ප්‍රකාශයට පත්කිරීම නිමිතිකොට ගෙන 2019 ජනවාරි 28 සහ 29 දෙදින තුළ කුරුණෑගල බුළුපිටිය කතෝලික ධර්මෝපදේශ මධ්‍යස්ථානයේ දී, කුරුණෑගල පදවියේ පසුගිය වසරේ දෙසැම්බර් මස අ.පො.ස. විභාගයට පෙනී සිටිය තරුණ පිරිස වෙනුවෙන් ජීවිතාබෝධ වැඩ සටහනක් කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.
එදින එම වැඩ සටහන කුරුණෑගල පදවි තරුණ සේවා අධ්‍යක්ෂක ගරු ප්ලැසිඩස් ද සිල්වා පියතුමාගේ මෙහෙයවීම යටතේ සිදු කෙරුණි.
Monday, 28 January 2019
Wednesday, 23 January 2019
2019 වසර තරුණ වසර ලෙස කුරුණෑගල පදවිය ප්‍රකාශයට පත් කරයි
කුරුණෑගල පදවිය 2019 වසර තරුණ වසර ලෙස මහගල්ගමුවේ ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ පහස ලද පුදබිමේ දී 2019 ජනවාරි මස 15 වන දින පැවති මංගල්‍ය දිනයේ දි කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් අතින් යාපනයේ රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රකාසම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රකාශයට පත් කරණ ලදි.
Thursday, 17 January 2019
මහගල්ගමුවේ ශු.ජුසේ වාස් ජාතික සිද්ධස්ථනයේ වාර්ෂික මංගල්‍යයයේ සන්ධ්‍යා මෙහෙය 2019
මහගල්ගමුවේ ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ජාතික සිද්ධස්ථානයේ 2019 වසරේ මංගල්‍යය වෙනුවෙන් පැවැත්වෙන සන්ධ්‍යා මෙහෙය 2019 ජනවාරි 14 වන දා කුරුණෑගල පදවි පරිපාලන අති ගරු පියල් ජානක නාහිමි අතින් සිදු කෙරුණි...
ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ප්‍රතිමාවෙන් ජනතාව ආසිරි ගන්වමින් 2019 වසරේ සන්ධ්‍යා මෙහෙය ඇරඹෙයි
මහගල්ගමුවේ ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ජාතික සිද්ධස්ථානය වාර්ෂික මංගල්‍යයයේ සන්ධ්‍යා මෙහෙය එම සිද්ධස්ථාන පරිපාලක ගරු ඇලෙක්ස් ජානක පියතුමා විසින් ශු.ජුසේ වාස් ප්‍රතිමාවෙන් ආසාරි ගන්වමින් ආරම්භ කරන ලදි...
Wednesday, 9 January 2019
දිව්‍ය බිළිඳාණන්ගේ ශ්රාස්ත්රවන්තයින්ට ප්රත්යක්ෂවීමේ මංගල්‍යය
2019 ජනවාරි 06 වන දිනට යෙදී තිබුණු දිව්‍ය බිළිඳාණන්ගේ ශ්රාස්ත්රවන්තයින්ට ප්රත්යක්ෂවීමේ මංගල්‍යය වෙනුවෙන් කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දි සිදුකළ අවස්ථාවේ දි කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් සිදුකළ දේශනාවට ඔබත් සවන් දෙන්න.....
Subscribe to:
Posts (Atom)