Sunday, 30 September 2018
මහා වැසි මැද හල්දමුල්ල මීසම ශ්‍රී කුරුසිය භාර ගනියි......
බදුල්ල පදවියේ අවසන් මීසමවන හල්දමුල්ල මීසමට මහා වැසි මැද ළඟා වූ ශ්‍රී කුරුසිය එම මීසමේ ජනතාව මහත් ගෞරවයෙන් යුතුව කුරුසිය බාර ගත්හ.
කුරුණෑගල පදවියේ හිටපු කරුණාවන්ත බිස්කුන් වහන්සේගේ පළමුවන සග සැපැත් සංවත්සරය 2018 සැප්තැම්බර් 29
කුරුණෑගල පදවියේ හිටපු, විශ්‍රාමිකව සිටියෙදී ස්වර්ගස්ථ වූ අති උතුම් දේව ධර්මාචාර්ය රේමන්ඩ් පීරිස් රදගුරු හිමිපාණන්ගේ සග සැපතේ වාර්ෂික සංවත්සරය නිමිත්තෙන් 2018 සැප්තැම්බර් 29 වන දා කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
Saturday, 29 September 2018
සාන්ත ක්ලෙයාර් දිළිඳු තාපසිකාවෝ සහ එඩිසොම්හි පියවරුන් ශ්‍රී කුරුසිය බැහැදකිති....
බණ්ඩාරවෙල සිට ආපසු එන අතර මඟදී, මුණ ගැසුණු සාන්ත ක්ලෙයාර් දිළිඳු තාපසිකාරමය හා හපුතලේ එඩිසෝම් හී පියතුමන් ඇතුළු සහෝදරවරුන්ද ජුසේ වාස් කුරුසිය සියඇසින් දැක වන්දනාමාන කර ගත්හ....
ජුසේ වාස් මුනි කුරුසිය බණ්ඩාරවෙල ඉතා උද්යෝගයෙන් හා භක්තියෙන් බාර ගනිති....
මහගල්ගමුවෙන් 2018 සැප්තැම්බර් 01 වැනි දා ජුසේ වාස් මුනිඳුන්ගේ සිරි කුරුසියත් සමග ආරම්භ කළ දිවයින පුරා ආවරණය කෙරෙන මහ වන්දනා ගමන සමග බණ්ඩාරවෙල බැතිමතුන් මුසු වූ අයුර ඔබත් නරඹන්න.....
Friday, 28 September 2018
බදුල්ල සාන්ත මරියා ආසන දෙව් මැදුරේ දී රදගුරු හිමිපාණන් මහත් හරසරින් ශ්‍රී කුරුසිය පිළිගනියි.....
දිවයින පුරා සැරිසරන ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසිය බදුල්ලට වැඩම කල අවස්ථාවේ දී බදුල්ල සාන්ත මරියා ආසන දෙව් මැදුරේ දී බදුල්ල පදවි එඬේරාණන්වන අති උතුමු වින්සන්ට ප්‍රනාන්දු හිමිපාණන් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදි....
රට වටා යන ජුසේ වාස් මුනි කුරුස වන්දනා ගමන දැන් නමුණුකුල.....
ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ පහස ලද ශ්‍රී කුරුසිය රට වටා යන වන්දනා ගමන මහ වැසි මැද නමුණුකුල ට ඇතුළු වෙයි...
Thursday, 27 September 2018
ගමන් මාර්ගය වෙනස් කළ ශ්‍රී කුරුස වන්දනා ගමන තුළ වන්දනා රථය මගින් හාස්කමක්...
රටවටා ජුසේ වාස් මුනි කුරුසිය රැගත් රථය කාර්මික දෝෂයකට ලක්වෙමින් ඒ හරහා තුවත් හාස්කමක් අපට පෙන්වයි.....
බදුල්ල පදවියේ මොණරාගල ජුසේ වාස් මුනි කුරුසියට මහත් හරසර.......
ඉතා සුළු ප්‍රමාණයකින් කතෝලික ජනතාවක් ජීවත්වන මොණරාගල මීසමේ ඒ සුළු ජනතාව ඉතා භක්තියෙන් මහත් හරසරින් ජුසේ වාස් මුනි කුරුසිය පිළිගත්හ.....
Wednesday, 26 September 2018
ගාල්ල පදවියෙන් බදුල්ල පදවියට කුරුසිය බාරදීම මෙසේ සිදු විය.
ගාල්ල පදවියේ ස්ථාන දෙකක පමණක් ජුසේ මුනි කුරුසිය බැතිමතුන්ගේ වන්දනාවට යොමුකර 2018 සැප්තැම්බර් 26 වන දින බදුල්ල පදවියේ තණමල්විලට ශ්‍රී කුරුසිය බාරදෙන ලදි.
ගාලු පදවියේ මාතර පිහිටි මාතර මෑණීයන්ගේ දේව මන්දීරයට ජුසේ මුනි කුරුසිය වැඩම කරවයි....
දිවයින පුරා සැරිසරන ජුසේ වාස් මුනි කුරුසිය 2018 සැප්තැම්බර් 25 වන දින ගාලු පදවියේ මාතර, පුදුම හාස්කම්පාන මාතර මෑණියන්ගේ දෙව් මැදුරට වැඩම කරවන ලදි.
Tuesday, 25 September 2018
ජුසේ වාස් මුනි කුරුසිය කොළඹ පදවියෙන් ගාල්ල පදවියට ඇතුළු වෙයි....
2018 සැප්තැම්බර් 25 වැනි දා කොළඹ පදවිය පුරා සැරිසැරූ ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය ගාල්ල පදවියට ඇතුළු විය...
Monday, 24 September 2018
මහත් හරසරින් තුඩැල්ල ජනතාව කුරුසිය පිළිගනිති......
ශු.ජුසේ වාස් මුනිඳුන් ජීවමානව රටවටා කුරුසිය සමග වැඩම කරවන බවක් අඟවමින් මුළු තුඩැල්ල ජනතාවම භක්තියෙන් අවදි වෙති.....
කොළඹ පදවියේ දෑලතුරට ජුසේ මුනි ශ්‍රී කුරුසිය වැඩම කරවූ අසිරිය....
කොළඹ පදවියේ දෑලතුර මීසමට ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය වැඩම කළ අවස්ථාවේ දී බැතිමතුන් දැක් වූ ප්‍රතිචාරය ඔබත් නරඹන්න...
Sunday, 23 September 2018
ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසිය පමුණුගමට වැඩම කරවු දවසේ.......
ශ්‍රි කුරුස වන්දනා ගමන පමුණුගමට වැඩම කරවූ අවස්ථාව ඔබත් නරඹන්න....
Saturday, 22 September 2018
අතිගරු සෑම් කුවුන්ටින් පියතුමා කුරුසියේ ප්‍රබල හාස්කමක් ප්‍රකාශ කරයි....
කොළඹ අගරදගුරු පදවි ධර්මදූතික කලාපිය නාහිමි අතිගරු සෑම් කුවින්ටින් පියතුමා ප්‍රබල හාස්කමක් ගැන ප්‍රකාශයක් කරණ ලදි.....
Friday, 21 September 2018
මහගල්ගමුවේ ශු.ජුසේ වාස් කුරුසියේ හාස්කම්.......
ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය රැගෙන රටවටා යන වන්දනා ගමනේ දී සිදුවුණු හාස්කම් අතරින් කැමරාවට හසුවුණු එක සිද්ධියක්......
කුරුණෑගල පදවිය් රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ උපන් ගම පමුණුගමට කුරුසිය වැඩිය දා......
අප යන මේ කුරුසියේ වන්දනා ගමනේ දී, අපට මුණ ගැසුණු කුරුණෑගල රදගුරු හිමිපාණන්ගේ උපන් ගම වන පමුණුගමට ළඟා වූ අවස්ථාවේ එතුමන්ගේ ගමේ පල්ලියට කුරුසිය වැඩම කරවා රැස්ව සිටිය ජනතාව ජුසේ මුනි කුරුසියෙන් ආසිරි ගැන්වූ අවස්ථාව ඔබත් නරඹන්න.....
Thursday, 20 September 2018
ශුද්ධ වු කුරුසය කැපුන්ගොඩට ගෙන ආ දවස........
ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය කැපුන්ගොඩට වැඩම කරවු දිනය......
Wednesday, 19 September 2018
Tuesday, 18 September 2018
පිටිපන දී ගරු ඇලෙක්ස් ජානක පියතුමා කුරුසිය ගැන බොහෝ දේ පැහැදිලි කරයි....
මහගල්ගමුවේ සිට පිටිපන දක්වා නිහඬව සිටිය මහගල්ගමුවේ ජුසේ වාස් ජාතික සිද්ධස්ථානයේ පාලක ගරු ඇලෙක්ස් ජානක පියතුමා පිටිපන දී, ජනතාව නොදන්නා බොහෝ දේ පැහැදිලි කරණ ලදි.
මංකුලිය, දූව සහ පිටිපන වීදියට ශ්‍රී කුරුසිය වැඩම කරවූ හැටි....
එක ළඟ කීප පොළකට ශ්‍රී කුරුසිය වැඩම කරවූ නිසා එම පොකුර එක වීඩියෝවකින් ඉදිරිපත් කළ බව සලකන්න...
Saturday, 15 September 2018
සාන්ත ජුසේ වාස් මුනි පරිහරණය කළ කුරුසියට මීගමුවෙන් මහා හරසර....
ශ්‍රී ලංකාවේ සාන්තුවර ජුසේ වාස් මුනිඳුන් පරිහරණය කර මහගල්ගමුවේ ස්ථාපිත කළ කුරුසිය රැගෙන රට වටා යන වන්දනා ගමනේ දී, මීගමුවට ඇතුළු වූ අවස්ථාවේ දී ජනතාවගේ ඇල්මැරුණු විශ්වාසය අවදි කරමින් විශාල ප්රබෝධයක් දකින්නට ලැබුණි.
Thursday, 13 September 2018
මීගමුවේ තිල්ලන්දූවට කුරුසිය වැඩම කිරීම...
මීගමුවේ තිල්ලන්දූ සාන්ත ජෝශප් මුනිඳුන්ගේ දෙව් මැදුරේ දී, එම මීසමේ පාලක පියතුමා ඇතළු ජනතාව මහත් හරසරින් ශ්‍රී කුරුසිය භාර ගත්හ.
ජුසේ වාස් මුනි කුරුසිය කුරණ මීසමට වැඩම කරයි...
අප යන මෙම කුරුස වන්දනා ගමනේ සහයට සිටින අපට විශාල අත්දැකීම් ගොඩාක් ලබා දෙමින් කුරණ මීසමට ළඟා වූ හැටි ඔබත් නරඹන්න.
ජුසේවාස් මුනි කුරුසය බෝලවලානට හරසරින් භාර ගනිති
ශුු.ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය වැජම කරගෙන යන මෙම වන්දනා ගමන, දුෂ්කරය. නමුත් මෙම වන්දනා ගමන තුළ ජුසේ වාස් මුනිඳුන් ද ජීවමානව අප සමග මෙම වන්දනාවේ යෙදෙන බව අප විශ්වාස කරනවා. එම විශ්වාසයේ ගමන බෝලවත්ත මීසමට ඇතුළු වූ අන්දම ඉතා කෙටියෙන්......
Wednesday, 12 September 2018
ප්‍රසිද්ධ කටුවපිටිය සිද්ධස්ථානයට ජුසේ වාස් මුනි කුරුසිය රැගෙන ආ අවස්තාව......
ඈත අතීතයේ සිටම ප්‍රසිද්ධ කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට ජුසේ වාස් මුනිඳුන් පරිහරණය කළ කුරුසිය වැඩම කරවයි.
නෙළුම්පිටිය මීසමේ සුළු මොහොතකට කුරුසිය වැඩම කරවීම
එක් දිනක් තුළ වැඩි ප්‍රමාණයක බැතිමත් ජනතාවකට කුරුසිය දැක බලා ගෙන, වන්දනා කරගන්නට අවස්ථාවක් උදා කරදීමට ගත් උතසහය ගිණ්ය හැකිය.
කඳවල මීසමටත් ජුසේ වාස් මුනි ශ්රීී කුරුසිය වැඩම කරවීම
කඳවල මීසමටත් මහගල්ගමුවේ හාස්කම්පිරි ජුසේ වාස් මුනිඳුන්ගේ වැඩම කරවීම.....
සැප්තැම්බර් 08 කුමරි මවුන්ගේ උපන් දිනය දා හල්පේ මීසමට ජුසේ වාස් මුනි කුරුසය වැඩම කරවයි.
සාන්ත ජුසේ වාස් මුනිඳුන් පරිහරණය කළ හාස්කම්වලින් පිරුණ, කළුවර ලී කුරුසය රට පුරා වැඩම කරවීමේ වන්දනා ගමනේ දී සැප්තැම්බර් 08 වන දිනට යෙදී තිබුනේ හල්පේ මීසමටයි.
Monday, 10 September 2018
ශු.ජුසේවාස් මුනිඳුගේ කුරුසිය වැලිසේනට වැඩම කළ දා....
කොළඹ පදවියේ වැලිහේන මීසමට කුරුසිය වැඩම කරවු සැටි ඔබත් නරඹන්න....
Sunday, 9 September 2018
කොළඹ සහය රදගුරු අති උතුම් ජේ.ඩී.ඇන්තනි ජයකොඩි හිමිපාණන් අතින් ශ්‍රී කුරුසිය වෙනුවෙන් පිළිගැනීමේ මෙහෙය.
හලාවත පදවියෙන් කොළඹ අගරදගුරු පදවිය කරා වැඩම කරවූ, ශු.ජුසේ වාස් මුනි කුරුසිය වෙනුවෙන් කුරුසියේ යාගයක් කොළඹ සහය රදගුරු, අති උතුම් ජේ.ඩී.ඇන්තනි ජයකොඩි හිමිපාණන් අතින් මීගමු කොච්චිකඩේ ශුද්ධ වු ත්‍රීත්ව දෙව් මැදුරේ දී, විශාල ජනතාවක් මැද සිදු කෙරුණි.
ශු.ජුසේ වාස් මුනි කුරුසිය කොළඹ පදවියට ඇතුළු වෙයි.....
මහගල්ගමුවෙන් ඇරඹූ ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ හස්ත ස්පර්ශය ලද ශුද්ධ වූ කුරුසිය හලාවත පදවිය තුළ තම වන්දනා ගමන නිම කර, 2018 සැප්තැම්බර් 08 වන දින, කොළඹ අගරදගුරු පදවියට භාර වෙමින් ඔවුන්ගේ ආරක්ෂාව ගෞරවය තුළ එම පදවිය තුළ තම වන්දනා ගමන ඉදිරියට ගමන් කරමින් සිටියි.
හලාවත පදවියේ සීමාවේ වූ වයික්කාල ශු.බෙනඩික්ට් මුනිඳුන්ගේ දෙව් මැදුරට වැඩම කරවයි.
ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසිය හලාවත පදවියේ අවසන් සීමාවේ වූ වයික්කාල සාන්ත බෙනඩික්ට් දෙව් මැදුරට වැඩම කරවූ අන්දම ඔබත් නරඹන්න...
Saturday, 8 September 2018
ශ්‍රී කුරුසියට නවාතැන් දුන් ශු.පවුලේ කන්‍යාරාමයේ මැදි රෑ වනතුරු යාච්ඤා මෙහෙයන්....
මහගල්ගමුවේ සිට ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය සමග අපි යන මේ වන්දනා ගමනේ දී වන්දනා නඩය වන අපට මතුවුණු නවාතැන් ගැටළුවේදී ශු.ජුසේ වාස් මුනිඳුන් වහාම ක්‍රියාත්මක වී අප සැමට නවාතැන් පමණක් නොව තම කුරුසියට ලොකු ගෞරවයකුත් ලබා දෙමින් වෙන්නප්පුවේ ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොයුරියන් සමග ඔවුන්ගේ බාලිකා විදුහලේ දෙමාපියන් සමග දායක වූවා.
මාරාවිල කුරුස පල්ලියට ජුසේවාස් මුනි කුරුසිය වැඩම කරයි.......
මහගල්ගමුවේ අපි රට වටා ශු.ජුසේ වාස් මුනිඳුන් සමග කරන මයා වන්දනා ගමනේ දී මාරාවල කුරුස පල්ලියට ප්‍රවිෂ්ඨ වුණු හැටි ඔබත් නරඹන්න.
Friday, 7 September 2018
ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය වෙන්නප්පුවේ, ශු.ජුසේ මුනිඳුන්ගේ දෙව් මැදුරට.....
ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය රට වටේ යන වන්දනා ගමනේ දී වෙන්නප්පුවේ ශු. ජුසේ මුනිඳුන්ගේ දෙව් මැදුරට වැඩම කරවු හැටි......
Thursday, 6 September 2018
.ගිංඔය කුරුස තොටුපලට මහගල්ගමුවේ ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය වැඩම කරවූ දා සිදු කළ දේශනාව...
අද සමාජයේ හීන වෙමින් යන විශ්වාසයට, අත්වැලක් සපයමින් ශ්‍රී ලංකාවේ එකම ශුද්ධවර අපෝස්තුළුවරයාණන් වූ ශුද්ධ වු ජුසේ වාස් මුනිඳාණන්ගේ පාද ස්පර්ශය ලබාගත් ගිංඔය තොටුපලට ජුසේ වාස්වාස් මුනිඳුන් පරිහරණය කළ කුරුසිය දිවයින පුරා ගෙන යන මොහොතේ 2018 සැප්තැම්බර් 06 වන දින ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ පාද ස්පර්ශය ලද ගිංඔය කුරුස තොටුපලට වැඩම කරවූ අවස්ථාවේදී මහගල්ගමුවේ ජුසේවාස් ජාතික සිද්ධස්ානයේ පාලක, ගරු ඇලෙක්ස් ජානක පියතුමා විසින් සිදු කළ විශ්වාසයේ දෙශනාව ඔබත් නිතර අසා ඔබේ විශ්වාසය ස්ථීරව රදවා තබා ගන්න.
වෙන්නප්පුවේ ශ.ජෝශප් වාස් විදුහලට ශු.ජෝශප් වාස් මුනි කුරුසිය වැඩම කරවයි.
ශු.ජෝසප් වාස් මුනිඳුන්ගේ නමින් ශ්‍රී ලංකාව කුළ ඇති එකම විද්‍යාලය වන වෙන්නප්පුවේ, ශු.ජුසේ වාස් විදුහලට ජුසේ මුනි කුරුසිය වැඩම කරවන ලදි.
Wednesday, 5 September 2018
හලාවත පදවියේ බෝලවත්ත පරලෝකරජේශ්වරිගේ දෙව් මැදුරට ශුද්ධ වු කුරුසිය වැඩම කරවීම
හලාවත පදවියේ බෝලවත්ත පරලෝක අප රාජේශ්වරියගේ දෙව් මැදුරට මහගල්ගමුවේ ජුසේ වාස් මුනිඳුන්ගේ කුරුසිය වැඩම කරවීම, ඔබත් නරඹන්න.
Tuesday, 4 September 2018
වට්ටක්කල්ලිය මීසම් ජනතාව ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසිය මහත් හරසරින් පිළිගනිති.
ශුද්ධ වු ජුසේ වාස් මුනි ශ්‍රී කුරුස වන්දනා ගමනේ දී, කුරුසිය හලාවත රදගුරු වසමේ වට්ටක්කල්ලිය ශු.ජුසේ වාස් දෙව් මැදුරට වැඩම කරවු අවස්ථාව ඉතා හරසරින් සිදු කරන ලදි.
Monday, 3 September 2018
නාවක්කඩු ජනතාවටත් කුරුසිය වැදපුදා ගන්නට අවස්ථවක්....
තලවිල සාන්ත ආනා ජාතික පුදබිමට නුදුරින් පිරිටා ඇති නාවක්කාඩු ග්‍රාමයේ සිදාත්රි දේවමාතාවන්ගේ දේවස්ථානයේ මීසම් සංඝය විසින් කළ විශේෂයෙන් කළ ඉල්ලීමක් අනුව එම ස්ථානයේ දී එම බැතිමත් පිරිසට සුළු කාලයක අවස්ථාව ලබා දුන් අතර, ඔවුන් විසින් ඉදිවෙමින් පවතින ශු.ජුසේ වාස් බැසිලිකාව සඳහා මුදල් පරිත්‍යාග කිරීමට අමතක නොකළය.
ජුසේ වාස් මුනිඳුන්ගේ ස්පර්ශය ලද ශුද්ධ වු කුරුසිය තලවිල සාන්ත ආනා ජාතික සිද්ධස්ථානයට වැඩම කළ දවස....
ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ හස්ත ස්පර්ශය ලද, ඓතිහාසික කළුවර කුරුසිය තවත් ඓතිහාසික වාර්තාවක් තබමින් තලවිල සාන්ත ආනා ජාතික පුද බිමට වැඩම කරවනු ලැබුවා. විශාල වන්දනා කරුවන් පිරිසකට මෙම පූජනිය අවස්ථාවට සහභාගිවීමට අවස්ථාව උදා වූ අතර, තලවිල ජාතික සිද්ධස්ථානයේ පාලක ගරු නෙල්සන් සමන්ත පියතුමා ඇතුළු එම සිද්ධස්ථානයේ කාර්යය භාර පියවරුන් මහත් උද්යෝගයකින් එම අවස්ථාව ඔපවත් කිරීමට සහය වූවා.
මහගල්ගමුවේ සිට ජුසේ මුනිඳුන්ගේ කුරුසිය ආනමඩුවට වැඩම කරවූ හැටි......
2018 සැප්තැම්බර් 01 දින මහගල්ගමුවේ දී කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් අතින් මහගල්ගමුවේ සිද්ධස්ථාන පරිපාලක ගරු ඇලෙක්ස් ජානක පියතුමා බාරගත් කුරුසිය හලාවත පදවියේ ආරම්භක ස්ථනය වන ආනමඩුව සාන්ත ජූඩ් දෙව් මැදුරට වැඩම කරවූ සැටි ඔබත් නරඹන්න....
Sunday, 2 September 2018
ජුසේ වාස් මුනිඳුන් පරිහරණය කළ ශ්‍රී කුරුසිය රැගත් රථය හලාවත පදවියට ඇතුළු වෙයි.
ශ්‍රී ලංකාවේ සියළුම කතෝලික පදවිය ආවරණය කරමින් ශු.ජුසේ වාස් මුනිඳුන් පරිහරණය කළ හාස්කම් පිරි, කළුවර කුරුසිය, කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ආශිර්වාදයෙන් ජීවමාන කුරුසිය 2018 අගෝස්තු මස 01 වන දින තම කුරුස ගම සංචාරය අරඹන ලදි.
Subscribe to:
Posts (Atom)