Wednesday, 27 June 2018

පැල්ලන්දෙණිය පාතිමා කිතනු ඒකකයෙන් පොසොන් පෝයට අයිස් ක්‍රීම් දන්සැලක්....

කුරුණෑගල රදගුරු වසමට අයත් පැල්ලන්දෙණිය මීසමේ ශු. අන්තෝනි දෙව් මැදුරේ, පාතිමා කිතුනු ඒකකය මගින් පළමුවරට අයිස් ක්‍රීම් දන්සැලක්, 2018 ජුනි 27 වන දිනට යෙදී තිබුණ පොසෝන් පෝය දා පැවත් වූහ.

කිතුනු බොදුනු සංහිඳියාව අගයමින් සිදු කළ මෙම උතුම් ක්‍රියාවට පැල්ලන්දෙනිය මීසම් සේවක ගරු ආනන්ද වීරකෝන් පියතුමා ප්‍රධානත්වය දැරෑ අතර, තිත්තවැල්ල උඩමළු විහාරයේ වැඩවසන පූජ්‍ය මාපිටිගම සුනන්ද හිමියන් සහ රත්කරව්ව, සෙනාසුනේ පූජ්‍ය කන්දේගෙදර නන්දසාර හිමියන් ද සහභාගි වූහ.

Tuesday, 26 June 2018

කුරුණෑගල පදවි මරිය හමුදා 2018 වාර්ෂික එළිමහන් උත්සවය පැවැත්වෙයි.

කුරුණෑගල පදවි මරිය හමුදා වාර්ෂික එළිමහන් උත්සවය, 2018 ජුනි 23 වන දින පැල්ලන්දෙණිය ශු.අන්තෝනි මුනිඳුන්ගේ දෙව් මැදුරු පරිශ්‍ර එළිමහනේ දී, ඉතා ජයට සිදු කරණ ලදි.

එදින උත්සවය කුරුණෑගල පදවි මරිය හමුදා අධ්‍යක්ෂක ගරු ඇලෙක්ෂි කැලිස්ටස් පියතුමාගේ මෙහෙයවීම යටතේ කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ පාළක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, මල්කඩුවාව මීසම් සේවක ගරු චන්දන හපුආරච්චි සහ පැල්ලන්දෙණිය මීසම් සේවක ගරු ආනන්ද වීරකෝන් යන පියවරුන් ද සහභාගි වූහ.
එදින එම උත්සවය කුරුණෑගල මරිය හමුදා සභාපති මංඟලා පිංතු සොයුරියගේ සංවිධානය මත සියළු මරිය හමුදා සමාජික සාමාජිකාවන්ගේ උත්සහයෙන් සිදු කරණ ලදි.

Sunday, 24 June 2018

ස්නාවක ජුවාම් මුනිඳුන්ගේ උපන් මංගල්‍යය සැමරීමේ දිව්‍ය පූජාවේ දේශනාව, කුරුණෑගල ආසන දෙව් මැදුරේ දී....

2018 ජුනි 24 වැනි දා ස්නාවක ජුවාම් මුනිතුමාගේ උපන් දිනය සමරණ මංගලෝත්සව දිනයයි. එදින ඒ වෙනුවෙන්, කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දි සිදු කළ දිව්‍ය පූජාවේ දී, අම්පිටිය ජාතික දෙව්සත්හලේ කතිකාචාර්ය, ගරු තුෂිත ප්‍රියංඟ පියතුමා විසින් සිදු කළ හරබර දේශනාවට ඔබත් සවන් දී ඔබේ ජීවිතයට යමක් එකතුකර ගන්න.

Saturday, 23 June 2018

කුරුණෑගල සැල්වටෝරියන් ගිහි සංඝය පිළිකා රෝගීන්ට ආහාර දානයක් දෙති....

කුරුණෑගල සැල්වටෝරියානු ගිහි සංඝයේ සාමාජිකයින් විසින් සැප්තැම්බර් 08 වැනි දිනට යෙදී ඇති, සැල්වටෝරියානු පවුලේ නිර්මාතෘ ගරු ප්‍රැන්සිස් ජෝරාදාන් පියතුමාගේ සග උපතේ සංවත්සරය වෙනුවෙන් ආරම්භ කළ කුරුණෑගල රජයේ ශීක්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ට ආහාරමය දානය පිරිනැමීම, නොකඩවා දිගටම අද දක්වා පවත්වාගෙන යති.

2018 ජුනි 23 වැනි දා, වර්බුම් කිතුනු තතු මග හැරුණා ද?

වර්බුම් කිතුනු තතු ප්‍රචාරය වන වෙලාව ඔබට මග හැරුණා නම් කිතුහඬ මිතුරියන්ට නැවත නරඹන්න අවස්ථාවක් අප සලසා ඇත්තෙමු.

වර්බුම් කතෝලික නාලිකාවේ පසුගිය ජුනි 16 වන දින කිතුනු තතු......

2018 ජුනි 16 වන දින වර්බුම් නාලිකාවේ කිතුනු තතු ඔබට මග හැරුණා නම් දැන්බලා ගන්න.....

Friday, 22 June 2018

දිළිඳුන්ගේ හිතවතිය දැයෙන් සමු ගනියි.....

කිසිදාක වෙහෙසට පත්නොවුණු දිළිඳුන්ගේ හිතවතිය, ගරු බෙනඩික්ටා ප්‍රනාන්දු පුල්ලේ, සැල්වටෝරියානු පැවිදි සොයුරිය 2018 ජුනි 19 වන දින අප සැමගෙන් සමුගෙන සමිඳු හමුවට නික්ම ගියාය.

Thursday, 21 June 2018

සැල්වටෝරියානු නිකායේ ගරු බෙනඩික්ටා ප්‍රනාන්දු පුල්ලේ පැවිදි සොයුරියගේ නිසල දේහයට සෙසු සොයුරියන්ගේ අවසන් ගෞරවය

සගසැපැත් වූ සැල්වටෝරියානු පැවිදි සොයුරියගේ අවසන් කටයුතු ඉටුකිරීමේ අවමංගල දිව්‍ය පුජාවට පෙර සියළුම සැල්වටොරියන් පැවිදි සොයුරියන් නිසල දේහය අභියස දී, අවසන් ගෞරවය මෙසේ පිරිනමන ලදි.

Wednesday, 20 June 2018

සැල්වටෝරියානු නිකායේ ගරු බෙනඩික්ටා ප්‍රනාන්දු පුල්ලේ පැවිදි සොයුරිගේ අවමංගල උත්සවය

සැලවටෝරියානු නිකායේ විශාල ඉතිහාසයකට හිමිකම් ඇති ගරු බෙනඩික්ටා ප්‍රනාන්දු පුල්ලේ පැවිදි සොයුරිය 2018 ජුනි 17 වන දින සග සැපැත් වූවාය.

Friday, 15 June 2018

නාලවලාන මීසමේ හෙන්ඩියගල කඳුලේ දේව මාතාවන්ගේ දෙව් මැදුරේ ඉතිහාසය සැකවින්.......

කුරුණෑගල පදවියට අයත් නාලවලාන මීසමේ හෙන්ඩියගල නම් ග්‍රාමයේ නොයෙකුත් සතුරු උවදුරු වලට ගොදුරු වී පසුව කඳුලේ දේව මාතාවන්ට මෙම දෙව් මැදුර කැප කිරීමෙන් පසු සියල්ල සමතයකට පත්ව දැන් ඉතා ලස්සන ගොඩනැඟිල්ලක් ඉඳිවෙමින් පවතිය.

එම ස්ථානයේ ඉදිරි කටයුත සඳහා බැතිමත් ඔබ සැමගේ ආධාරය එම ස්ථානය බාර නාලවලාන මීසම් සේවක ගරු පැට්රික් ජයකොඩි පියතුමා බලාපොරොත්තු වෙයි.
ඔබගේ ආධාරය මෙසේ එවන්න
A/C No        - 72941877
A/C Name    - The Parish Priest
Bank             - Bank of Ceylon, Makandura

Thursday, 14 June 2018

ශුද්ධ වු පවුලේ සිඟිති පාසැලේ අත්කම් ප්‍රදර්ශනය 2018

කුරුණෑගල ශුද්ධ වු පවුලේ සිඟිති පාසැලේ දරුවන්ගේ අත්කම් ප්‍රදර්ශනයක් 2018 ජුනි 14 වන දින ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ ශ්‍රේෂ්ඨ මව් ගරු කුමුදිනි රණවීර පැවිදි සොයුරියගේ ආරාධනයෙන්, කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ පාලක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් සහ සහයක ගරු ලෙස්ලි ඇන්තනි යන පියවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණ අතර එම අවස්ථාවට, කුරුණෑගල පූර්ව ළමා අධිකාරිනි, මේධා ඒකනායක මහත්මිය සහ පැවිදි සොහොයුරියන් පිරිසක් ද සහභාගි වුහ.

Wednesday, 13 June 2018

2018 ජුනි 14 වන දිනට නියමිත සුපුවත කෙටියෙන් මෙනෙහි කරමු.

එදිනෙදාට නියමිත සුපුවත අප කෙසේ හෝ කියවා මෙනෙහි කළ යුතුමය. කිතුහඬ එදිනෙදා සුපුවත ඔබේ සිතට කා වදින්නට විවිධ මාර්ග උපයෝගි කරමින් ඔබේ ආත්ම සුගතිය සඳහා ක්‍රියා කරයි. එබැවින් ඔබගේ අදහස් අපට දන්වන්න.

Monday, 11 June 2018

2018 ජුනි 09 වැනි දා වර්බුම් කිතුනු තතු මග හැරුණානම් දැන් බලන්න.....

කාර්යබහුල වු ඔබට මග හැරුණු වර්බුම් කිතුනු තතු නැවත බලාගන්න අවස්ථාවක් කිතුහඬ මිතුරු මිතුරියන් වෙත මෙසේ ඉදිරිපත් කරන්නට අපි නිතර උත්සහ කරන්නෙමු.

Friday, 8 June 2018

2018 ජුනි 09 දින, කුරුණෑගල පදවි රදගුරු හිමිපාණන් තම 67 වන උපන් දිනය සමරයි.

කුරුණෑගල පදවි එඬේරාණන්වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් 2018 ජුනි 09 වන දින තම 67 වන උපන් දිනය සමරයි.

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ පාලක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා ඇතුළු කුරුණෑගල මීසම් ජනතාව සමග කිතුහඬ ද එක්වී, අප සියළු දෙනාම ඔබ වහන්සේට, ආශිර්වාදලත් සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරන්නෙමු. 

Thursday, 7 June 2018

ජුසේ වාස් කුරුස වන්දනාව තිසෝගම මීසමේ ප්‍රසන්නගමට සේන්දු වුණු හැටි.....

මහගල්ගමුවේ ජුසේ වාස් කුරුස වන්දනා ගමනේ දි, පැය කීපයක් කුරුසිය, ප්‍රසන්නගම රැඳුණු සැටි ඔබත් නරඹන්න.

Tuesday, 5 June 2018

මහගල්ගමුවේ ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ සිරි කුරුසිය තිසෝගමට වැඩම කරවීම.

මහගල්ගමුවේ ශු.ජුසේ වාස් මුනිඳුන්ගේ ආශිර්වාදලත් සිරි කුරුසිය කුරුණෑගල පදවිය පුරා කෙරෙන සංචාරයේ දි තිසෝගම සාන්ත සෙබස්තියන් දේව මැදුරට වැඩම කළ සැටි ඔබත් දැක බලාගන්න.

Monday, 4 June 2018

ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුගේ පහස ලද හාස්කම් පිරුණු ශ්‍රී කුරුසිය තිසෝගම මීසමේ ඔට්ටුපල්ලම දෙව් මැදුරට වැඩම කරයි.


පුරා මසක් කුරුණෑගල පදවිය තුළ සංචාරය කරමින් සිටින අතරතුර, ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ ශ්‍රී කුරුසිය තිසෝගම මීසමට අයත් ඔට්ටුපල්ලම, ලුර්දු දේව මැණියන්ගේ දෙව් මැදුරට වැඩම කළ දිනයේ මංගල ස්වාභාවය ඔබත් නරඹන්න.

වසර 330 ක්ම ජුසේ වාස් පුර හාස්කම් පාමින් වැඩ සිටිය ජුසේ වාස් ශ්‍රී කුරුසිය කුරුණෑගල පදවිය පුරා සැරිසරා ආපසු වැඩම කරයි.

මහගල්ගමුවේ ජුසේ වාස් පුර වසර 330 ක්ම එකම තැන රැඳී සිටිමින් හාස්කම් පාමින් අසරණ ජනතාවට සෙත සලසමින් වැඩ සිටිය ශුද්ධ වු ජුසේ වාස් මුනිඳුන්ගේ ආදරය, කරුණාව, දැඩි යාච්ඤාව තුළ පිහිටා තම හස්ථයෙන්ම කළුවර ලීයෙන් තනා ස්ථාපිත කළ ශ්‍රී කුරුසිය 2018 වසරේ අප්‍රේල් 24 වන දා සිට මැයි 17 වන දා දක්වා කුරුණෑගල පදවිය පුරා සෑම මීසමක් පාසා සැරිසරමින් හාස්කම්පාමින්  ජනතාවගේ විශ්වාසය වර්ධනය කරන්නට අපට දැනෙන නොදැනෙන අන්දමින් ක්‍රියාකර ආපසු මහගල්ගමුවට පැමිණිම කුරුණෑගල පදවි එඬේරාණන්ගේ ප්‍රධානත්වය අැතුව මහත් උත්කෘෂ්ඨවත් අන්දමින් මහගල්මුවේ ජනතාව විසින් සමරන ලදි. 

Sunday, 3 June 2018

මල්කඩුවාව පාතිමාවේ අප ස්වාමිදුගේ දෙව් මැදුරේ අභිවෘද්ධි ආලේපය දානය කිරීම 2018

කුරුණෑගල පදවියට අයත් මල්කඩුවාව පාතිමාවේ අප ස්වාමිදුවගේ දෙව් මැදුරේ තරුණ තරුණීයන් 54 දෙනෙකු 2018 ජුනි 03 වන දින, කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් අතින් අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තුව ලබා ගත්හ. මල්කඩුවාව මීසම්පති ගරු චන්දන හපුආරච්චි පියතුමාගේ මෙහෙයවීම යටතේ සිදු වූ එම දිව්‍ය පූජාවට කුරුණෑගල පදවි කරිටාස් ආයතනයේ අධ්‍යක්ෂක ගරු ජාමික සුමේධ  සහ කුරුණෑගල පදවි රදගුරු ලේකම් ගරු ජූඩ් මධුෂාන් යන පියවරුන් ද සහය වූහ.