Saturday, 31 March 2018
Friday, 30 March 2018
මහා බ්‍රහස්පතින්දා - සාන්ත ආනා ආසන දෙව් මැදුර. කුරුණෑගල 2018
මහා බ්‍රහස්පතින්ද උතුම් වරප්‍රසාද බහුල දිනයෙකි, එදා ක්‍රිස්තුස් වහන්සේගේ යාගය අද අප තුළ ජීවත් කරවන පූජාප්‍රසාදීන් වහන්සේලා පූජක සිසුන් උදෙසාත් අපි යාච්ඤා කරමු....
2018 මාර්තු 29 වන දින කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දි සිදු කළ මහා බ්‍රහස්පතින්දා දිව්‍ය යාගයට ඔබත් සහභාගි වන්න....
මෙම විඩියෝවේ නාමාවලියේ මහා සිකුරාදා යනුවෙන් සඳහන්ව ඇත. එම අත්වැරදීමට සමාව අයදිමු.....
Tuesday, 27 March 2018
කුරුණෑගල පදවියේ තෛලාශිර්වාදිත දේව මෙහෙය 2018
පුරාණ ගිවිසුම තුළ රජවරුන්, පූජකවරුන් හා දිවැසිවරුන් ආලේප කිරීම ශුද්ධ වු තෛලය භවිතයේ ආරම්භයයි. මෙම ආලේපය ඉතා සුවිශේෂි, උතුම් කරුණක්. මෙම ආලේපය, විශේෂ පුද්ගයන් සදහාම වෙන් වූවකි.
OC - Olcum Catcchumcnorum ප්‍රසාද ස්නාපනය පූර්ව ආලේපන තෛලය : ළදරු/වැඩිහිටි ප්‍රසාද ස්නාපනයේ දී පමණක් පමණක් භාවිත වෙයි.
OI - Olcum Infirmorum රෝගීන්ගේ ආලේපය සඳහා තෛලය
SC - Sancta Chrisma ක්රිස්මා තෛලය: නොමැකෙන ලාංඡන සහිත, ප්‍රසාද ස්නාපනය, අභිවෘද්ධි ආලේපය සහ පූජකවරය වැනි ප්‍රසාද නිධාන දානය කිරීමේ දී භාවිත වෙයි.
සාමාන්‍යයෙන් ශුද්ධ වු තෛලය සඳහා භාවිතයට ගන්නේ ඔලීව් තෛලයයි. එහෙත් ඔලීව් නොමැති අවස්ථාවන්හී දි, සුදුසු එළවළු වලින් තැනෙන පිරිසිදු තෙල් වර්ගයක් භාවිතයට ගැනීමට අවසර තිබේ. ශ්‍රී ලංකාව තුළ ඔලීව් තෛලය භාවිතයට ගැනේ.
ශුද්ධ වු තෛල සඳහා භාවිතා කර සංකේත වර්ණ
OS - කොළ පැහැය
OI - දම් පැහැය
SC - සුදු / රන් පැහැය
ක්රිස්මා තෛලයට මුසු කරන්නේ මොනවාද?
බෝලසම් යනුවෙන් හැඳින්වෙන සුවඳ ද්‍රව්‍යයක් මුසු කරනවා. එය මුසු කරන්නේ, තෛලාශීර්වාදික අවස්ථාවේදීමය. ක්රිස්මා තෛලයට පමණක් මුසු කරන එය කට්ටකුමංජල්වලින් සකස් කරන සුවඳ ද්‍රව්‍යයක්.
Sunday, 25 March 2018
ගොබ් ඉරිදා ශුද්ධ වු සතියේ ආරම්භය සනිටුහන් කිරීම
චතාරික සමයේ අවසන් අදියරට පැමිණ අපි අද දින ශුද්ධ වු සතියේ ආරම්භය සනිටුහන් කරමින්, ගොබ් ඉරිදා සමරන්නෙමු.
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධනත්වයෙන් සිදු කළ ගොබ් ඉරුදින දිව්‍ය පූජාවේ විශේෂ අවස්ථා කීපයක් ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
කුරුණෑගල පදවි සංඝය මාවතගම වාර්ෂික කල්වාරි ගමනේ යෙදෙති 2018
කුරුණෑගල පදවි කතෝලික ජනතාව, තම පදවියේම මාවතගම පිහිටා ඇති කල්වාරියට, තම වාර්ෂික චතාරික වන්දනා ගමන 2018 මාර්තු 23 වන දින, කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විශාල ගිහි පැවිදි පූජක සහභාත්වයකින් යුතුව සිදු කළා...
Wednesday, 21 March 2018
සැල්වටෝරියානු පවුලේ ගිහි සංඝය පිළිකා රෝහලේ දයා සේවයේ යෙදෙති.
සැල්වටෝරියානු පවුලේ නිර්මාතෘවරයාණන් වූ ගරු ප්‍රැන්සිස් ජෝර්දාන් පියතුමාගේ සග උපතේ සියවන සංවත්සරය අළලා ලෝපුරා දියත් කර ඇති දහසකුත් වැඩ සටහන් අතරින්, ශ්‍රී ලාංකීක සැල්වටෝරියානු ගිහි සංගමයේ සාමාජිකයන් අන්‍යාගමික සහයෝගය ද ඇතිව කුරුණෑගල ශීක්ෂණ රොහලේ පිළිකා අංශයට සෑම මසකම පිරිනමන දානය මෙවරත් 2018 මාර්තු 13 වන දින සිදු කරණ ලදි.
Tuesday, 20 March 2018
මුන්දලමේ ශුද්ධ වු සන්තියාගු කල්වාරි මධ්‍යස්ථානයට ඔබ ගිහින් තියෙනවාද?
හලාවත පදවිය තුළ මංගලඑළිය මීසමට අයත් මුන්දලම නම් ග්‍රාමයේ පිහිටා ඇති ශුද්ධ වු සන්තියාගු මුනිඳුන්ගේ දෙව් මැදුරු බිමේ පිහිටුවා ඇති කල්වාරි සිද්ධස්ථානය ඔබ විසින් වන්දනා කළ යුතුම සිද්ධස්ථානයකි.
චතාරික සමයේ 5 වන ඉරිදා දේශනාව 2018
අද චතාරික සමයේ 5 වන ඉරිදාවයි. අද කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ සිදු කළ දිව්‍ය පූජාවේ දී කුරුණෑගල මීසම්පති ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් සිදු කළ ධර්ම දේශනාවට ඔබත් සවන් දෙන්න..
2018 මාර්තු 18
Sunday, 18 March 2018
මුන්දලමේ ශුද්ධ වු සන්තියාගු මුනි පුදබිමට ඇතුගලපුර පදවි ජනසන්නිවෙදන නඩය පාදනමස්කාර වන්දනාවේ යති 2018
ඇලුගල්පුර ජනසන්නිවේදන පර්ෂදයේ සමාජික පිරිස පසු ගිය 2018 මාර්තු 17 වන දින තම වාර්ෂික වන්දනා ගමන වශයෙන් හලාවත පදවියේ මුන්දලම ශුද්ධ වු සන්තියාගු මුනිඳුන්ගේ පුදබිමේ පිහිටුවා ඇති කල්වාරිය තෝරාගෙන තිබුණි.
මෙම පුදබිමේ කල්වාරිය පිහිටා ඇති පරිසරය ආධ්‍යාත්මික භාවනාවක් සඳහා ඉතා සුදුසු අයුරින් සකස් වී තිබීම තරඟකාරි ලොවක සිතින් ගතින් වෙහෙසට පත්ව සිටින බැතිමතුන්ට මහා සෙවනක් බව අප පිළිගනිමින් අගය කරන්නෙමු...
සැල්වටෝරියානු දයාවේ සේවය අතරින් තැලසීමියාව හඳුනා ගනිමු.
කුරුණෑගල සැල්වටෝරියානු ගිහි සංඝය රෝහල් ආශ්‍රිතව සිදු කරන දයා සේවයටම එක්කරමින් ජනතාවට විශාල තර්ජනයක්ව පවතින බෝ නොවන නමුත් සම්පූර්ණ පවුලක ඇති මනසික සෞඛය බිඳ දමන යම් රෝගයන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා දීමේ වැඩ පිළිවෙල අනුව ඔබට අද තැලිසීමියා රෝගය ගැන කරුණු දැන ඉගෙන ගත හැක.
Wednesday, 14 March 2018
පෝය දින දහම් පහන වැඩසටහන 2018 මාර්තු
පළමු වසරේ සිට පස්වන වසර දක්වා ප්‍රාථමික පංති දරුවන්ට ඉගැන්වීම කරන දහම් පාසැල් ගුරුවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 2018 මාර්තු 01 වන පෝය දවසේ බුළුපිටිය ධර්මෝපදේශ මධ්‍යස්ථානයේ පැවැත්විණි.
කුරුණෑගල පදවි දහම් පාසැල් අධ්‍යක්ෂක ගරු ලයනල් ප්‍රනාන්දු පියතුමා විසින් සංවිධානය කර තිබුණු මෙම වැඩ සටහන තුළ විශේෂ දේශනයක් සිදුකරමින් මනෝවිද්‍යා උපදේශිකා චන්දිමා මූණමලේ ඈපා මහත්මිය විසින් පැමිණ සිටී සියළු ගුරු භවතුන්ට වීශේෂ දැනුමක් ලබා දුන්නාය.
Tuesday, 13 March 2018
කුරුණෑගල පදවි පුවත් සඳහා වරබුම් දායකත්වය
ශ්‍රී ලංකාවේ එකම කතෝලික රූපවාහිනි නාලිකාව වූ වර්බුම් මගින් ප්‍රචාරය වූ කුරුණෑගල පදවි ප්රවෘත්ති මෙසේ කැටිකර දක්වමු.
Sunday, 11 March 2018
අද සුවිශේෂයෙන් 2018 මාර්තු 12 - ශුද්ධවර ජොහන් 4:43-54
දෙවි මහෝත්තමයාණන්ගේ සැලැස්ම, ඔවුන් වහන්සේගේ මැවිල්ල පූර්ණ ප්‍රීතියෙන් හා සාමයෙන් ද සෞභාග්‍යමත්ව ද නවතාවයකින් යුතුව ඔවුන් වහන්සේට උරුම කර ගැනීමය. එබැවින් ජේසු සමිඳාණෝ ස්වකීය වචන මාත්‍රයකින් රාජ්‍ය නිලධාරියාගේ පුත්‍රයා සුව කළ සේක. ඔවුන් වහන්සේ මිනිසාගේ සිතුවිලි, කල්පනා දන්නා සේක. ඇදහිල්ල කරා දොරටු විවෘත කරන සේක. දෙවි සමිඳාණන් වහන්සේ විවිධ ජීවිත සිදුවීම් හරහා, අභියෝගයන් හා අපට පිළිගත නොහැකි අවස්ථාවන් හී දීත් විශ්වාසයෙහි ස්ථීරව සිටිය හැකි නම්, අපි ඔවුන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දකිනු නිසැකය......
කිතුහඬ
සාමාන්‍යය සමයේ 4 වන ඉරිදා දේශනාව - සාන්ත ආනා ආසන දෙව් මැදුර
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී සමාන්‍ය සමයේ 4 වන ඉරුදින දිව්‍ය පූජාව සිදු කළ අවස්ථාවේ දී කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් සිදු කළ දේශනාවට ඔබත් සවන් දෙන්න.... (2018 මාර්තු 11)
Friday, 9 March 2018
වර්බුම් කතෝලික නාලිකාවේ 2018 මාර්තු 09 වැනිදා ප්‍රචාරය කළ ප්රවෘත්ති වැඩසටහන....
කිතුනු ජනතාව අතර ඉතා ප්‍රචලිත කතෝලික රූපවාහිනි නාලිකාවක් වන වර්බුම් (Verbum tv) රූපවාහිනිය මගින් සෑම සිකුරාදා දිනකම ප:ව: 8.30 ට කිතුනු තතු නමින් ප්‍රචාරය වන ලෝකවාසි කිතුනු ඇතුළු අනෙකුත් ජනතාව වෙත ගෙන එන ප්රවෘත්ති වැඩ සටහන ඒ සඳහා පහසුකම් අඩු අයට මෙසේ ඉදිරිපත්කර ඔබට සහය වන්නට කිතුහඬ ගන්නා වූ සුළු උත්සහයකි මේ............
Wednesday, 7 March 2018
හිරිපිටිය මීසම් ජනතාවට චතාරික වැඩසටහනක් 2018 මාර්තු 02 සහ 03 දිනවල...
කුරුණෑගල රදගුරු වසමට අයත් හිරිපිටිය මීසම් ජනතාව වෙනුවෙන් ගිහි පැවිද පූජක මෙහෙයවීමෙන් ඥානකාන්තිමය චතාරික වැඩසටහනක් හිරිපිටිය මීසම් පාළක ගරු මනුර ප්‍රේමරත්න පියතුමාගේ සංවිධානත්වයෙන් සැල්වටොරියානු පවුලේ ගරු චින්තා සහ ගරු රෝජිනි පැවිදි යන සොයුරියන්, සැල්වටෝරියානු ගිහි සංඝයේ සමාජික සහ කිතුහඬ නිර්මාතෘ ජේ.ඇන්තනි සහ ස්වාධින සාක්ෂිකරුවෙකු වූ දුලාන් සොයුරා ද මෙම වැඩසටහන, මීසමේ තරුණ තරුණියන්ට සහ වැඩිහිටියන්ට 2018 මාර්තු 02 සහ 03 යන දෙදින තුළ පවත්වන ලදි.
චතාරික සමයේ තුන්වන ඉරිදා දේශනාව, සාන්ත අන්තෝනි දෙව්මැදුර - හිරිපිටිය 2018
මෙවර ඔබට කුරුණෑගල රදගුරු වසමේ හිරිපිටිය මීසමේ සාන්ත අන්තෝනි දෙව් මැදුරේ දී චතාරික සමයේ ඉරුදින වූ 2018 මාර්තු 04 වන දින ගරු මනුර ප්‍රේමරත්න පියතුමා විසින් සිදු කළ දිව්‍ය පූජාවේ විශේෂ අවස්ථා සහ දේශනාවට සවන් දිමට හැකිය....
Monday, 5 March 2018
කුරුණෑගල පදවියේ ගරු රෝජර් ක්‍රිස්ටෝපර් පියතුමා මනු ලොවින් සමුගනි...
කුරුණෑගල පදවියට අයත් නාලවලාන මීසමේ විලගෙදර ග්‍රාමයේ උපත ලබා කුරුණෑගල පදවියේ පූජකවරය ලබා සේවය කරමින් සිටියදි රෝගාතුරව සිටිය ගරු රෝජර් ක්‍රිස්ටෝපර් පියතුමා හදිසියේම 2018 මාර්තු 01 වන දින ස්වර්ගස්ථ වූහ.
ගරු රෝජර් ක්‍රිස්ටෝපර් පියතුමාගේ දේහය පිළිබඳ අවසන් දේව මෙහෙය හා අවසන් කටයුතු නාලවලාන ශුද්ධ වු මිඛායෙල් අග්‍රදූතයාණන්ගේ දෙව් මැදුරේ දී කුරුණෑගල පදවි අනුනායක අතිගරු ඔස්ටින් මාකස් මාහිමිපාණන්ගේ ප්‍රධනත්වයෙන් විශාල ගිහි පැවිදි පූජක හා අන්‍යාගමික පූජ්‍ය සහභාගත්වයෙන් 2018 මාර්තු 02 වන දින සිදු කරණ ලදි.
Subscribe to:
Posts (Atom)