Sunday, 25 February 2018

2018 චතාරික සමයේ දෙවන ඉරිදා දේශනාව

චතාරික සමයේ 2වන ඉරුදින දිව්‍ය පූජාවේ දි, තිසෝගම මීසම්පාලක ගරු උපුල් සිල්වා පියතුමා විසින් සිදු කළ හරබර දේශනාවට ඔබත් සම්බන්ධ වන්න.

Wednesday, 21 February 2018

කුරුණෑගල පදවි නවක දහම් ගුරු පුහුණු කාලය තුළ ඔවුන් යොමු වූ භාවනා වැඩසටහන - 2018

කුරුණෑගල පදවි නවක දහම් ගුරු නිවාසික පුහුණු වැඩ සටහනක් පසුගිය 2018 පෙබරවාරි 16 සහ 17 යන දිනවල නවක දහම් ගුරුවරුන් 60 දෙනෙකු සඳහා කුරුණෑගල පදවියේ, බුළුපිටිය ධර්මෝපදේශ මධ්‍යස්ථානයේ දි සිදු කෙරුණි.

ප්‍රවීන අධ්‍යාපන ආචාර්ය වරයෙකු වූ එමිල් ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු මහතා විසින් මෙහෙයවනු ලැබූ භාවනා වැඩසටහනක් ද එම පුහුණු වැඩ සටහන් න්‍යායට එකතු කර තිබූ අතර, එම භාවනාව නවක දහම් ගුරුවරුන්ගේ චින්තනයට විශාල අත්වැලක් සපයමින් අද සමාජයේ හීන වෙමින් යන දෙමාපිය භක්තිය හා ගෞරවය පිලිබඳව ඔවුන් දැනුවත් කරමින් ඔවුන් ඉතා සංවේදීව, අවධිකිරීමට සමත්වීම, අප ඉතා අගය කරන්නෙමු...

Wednesday, 14 February 2018

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දි රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අළු බදාදා මෙහෙය සිදු කෙරෙයි...

පශ්චාත්තාපීය ජීවිත තුළින් අපගේ නෙත් විවිර කරවන අළු බදාදා දිව්‍ය පූජාව 2018 පෙබරවාරි 14 වන දින කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

එම දිව්‍ය පූජාව කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා මහ විදුහල මගින් සංවිධානය කරතිබුණු අතර විදුහලේ සියළුම කිතුනු බාලිකාවන් ද සහභාගි වූහ. මෙම දිව්‍ය යාගයට කුරුණෑගල මීසම් පාලක ගරු ක්‍රිස්ටි ලෙනාඩ්, රදගුරු ලේකම් ගරු ජූඩ් මධුසංක සහ කුරුණෑගල මීසම් සහයක ගරු ලෙස්ලි ඇන්තනි යන පියතුමන්ලා ද සහභාගි වූහ.

Monday, 12 February 2018

සාමන්‍ය සමයේ හයවන ඉරිදා දේශනාව 2018 පෙබරවාරි 11

සාමාන්‍ය සමයේ හයවන ඉරුදින කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ සිදු කළ දිව්‍ය පූජාවේ දි කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් සිදු කළ දේශනාවට ඔබත් සහභාගි වන්න....

Saturday, 10 February 2018

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ ලූර්දු මංගල්‍යය වෙනුවෙන් සුව මෙහෙයක්.....

පෙබරවාරි මාසයට යෙදී ඇති නිර්මල ලූර්දු මාතාවන්ගේ  මංගල්‍යය නිමිත්තෙන් කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දි 2018 පෙබරවාරි 04 වන දින සුව මෙහෙයක් සමග මංගල්‍යය මිසම් පාලක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමාගේ මෙහෙයවීම යටතේ මීසම් සහයක ගරු ලෙස්ලි ඇන්තනි පියතුමාගේ ද සහය ඇතිව ශුද්ධ වූ ජපමාලය කේන්ද්‍ර කොට ගෙන ගැඹුරු භාවනාත්මක යාච්ඤා මෙහෙයක් ද සමග ලූර්දු මංගල්‍යය සාර්ථකව පවත්වන ලදි.

කුරුණෑගල මීසම් ජනතාවට අළුත් අත්දැකීමක් වූ මෙම යාච්ඤා මෙහෙයට සහභාගි වූ ජනතාව ඉතා ඉතා උනන්දුවෙන් සහභාගි වූහ....

Tuesday, 6 February 2018

අලව්ව සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ 2018 වාර්ෂික මංගල්‍යය විශාල බැතිමත් ජන ගංගාවක් මැද සිදුවිය......

ඇතුගල්පුර රදගුරු වසමට අයත් පොල්ගහවෙල මීසමේ අලව්ව සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2018 පෙබරවාරි 04 වන දින විශාල ජනතා සහභාගිත්වය ඇතිව ඇතුගල්පුර පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව සිදු කෙරුණි...

මෙම වාර්ෂික මංගල දිව්‍ය පූජාවට පොල්ගහවෙල මීසම් සේවක ගරු සුසන්ත බර්නාඩ් සහ ඇතුගල්පුර පදවි රදගුරු ලේකම් ගරු ජූඩ් මදුසංක යන පියතුමන් දෙපොළ සහය වෙමින් සහභාගි වූහ.

Monday, 5 February 2018

අලව්ව සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ මංගල්‍යයට රදගුරු හිමිපාණන් සාදරයෙන් පිලිගනිති...

කුරුණෑගල රදගුරු වසමට අයත් පොල්ගහවෙල මීසමේ, අලව්ව සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2018 පෙබරවාරි 04 වන දින කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මංගල්‍ය දිව්‍ය යාගයට පොල්ගහවෙල මීසම් සේවක ගරු සුසන්ත බර්නාඩ් සහ රදගුරු ලේකම් ගරු ජූඩ් මදුසංක යන පියතුමන් දෙපොළ සහය වූ අතර දිවයිනේ විවිධ පලාත් වලින් පැමිණි විශාල බැතිමතුන් පිරිසක් ද සහභාගි වූහ...