Sunday, 31 December 2017

ක්ලැරේෂියන් නිකායේ ආධුනික පුහුණු දෙව්සත්හල ගමත් සමග සුහද නත්තල් හමුවක් 2017

කුරුණෑගල ගෙපල්ලව ඇන්.ඇම්.අප්පුහාමි මාවතේ පිහිටා ඇති, ක්ලැරේෂියානු ආධුනික පුහුණු දෙව්සත්හලේ 2017 දෙසැම්බර් 17 වන දින, කුරුණෑගල පදවි අධිකරණ නාහිමි හා මිල්ලව ජුසේවාස් දෙව්සත්හලේ අධ්‍යක්ෂක අතිගරු නලින් ප්‍රනාන්දු පූජාප්‍රසාදීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගෙපල්ලව ග්‍රාමවාසින් සමග සුහද නත්තල් හමුවක් පවත්වන ලදි.

ආධුනික පුහුණු නිවහනේ අධ්‍යක්ෂක ගරු රොයිස්ටන් පියතුමාගේ මෙහෙයවීම යටතේ ආධුනික පුහුණු නිවහනේ පුහුණුවන දේශිය හා විදේශිය සහෝදරතුමන්ලා විසින් සංවිධාන කර තිබුණි.
මෙම අවස්ථාවට සැල්ටෝරියන් නිකායේ ශ්‍රේෂ්ඨ මව්තුමිය වන ගරු රාණි ප්‍රනාන්දු පැවිදි සොයුරිය සමග පැවිදි සොයුරියන් විශාල පිරිසක් සහභාගි වූහ.
කිසිදු භේදයකින් තොරව සියළුම අගම්වල ජනතාව සහ ඔුවුන්ගේ දරු දැරියන් මෙම උත්සවයට සහභාගි වී විනෝද වී තෑගි බෝග ලබාගෙන නත්තල ගැඹුරු අර්ථයකින් යුතුව බෙදා ගත්හ. 

Thursday, 28 December 2017

කුරුණෑගල මීසම් පවුලේ සුහද නත්තල් හමුව 2017

කරුණෑගල මීසම් පවුල වාර්ෂිකව පවත්වන සුහද නත්තල් හමුව මෙවර 2017 දෙසැම්බර් 17 වන දින කුරුණෑගල රදගුරු වසමේ එඬේරාණන්වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

කුරුණෑගල මීසමේ කතෝලික සංගමය විසින් සංවිධානය කළ මෙම නත්තල් හමුව, කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් සහ මීසම් සහයක ගරු සංජය ප්‍රදීප් යන පියතුමන්ලා විසින් මෙහෙයවන ලද අතර කුරුණෑගල ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ ප්‍රධාන මව්තුමියවන ගරු කුමුදිනි රණවීර, කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාළිකා විදුහලේ විදුහල්පතිනි ගරු ට්‍රිසිල්ඩා ප්‍රනාන්දු සහ සාන්ත ආනා දහම් පාසැල් ආචාරිනි ගරු ලිලියට යන පැවිදි සොයුරියන් ද සහභාගි වූහ.
කුරුණෑගල මීසමට අඩුවක්ව ඇති දහම් පාසැල් ගොඩනැඟිල්ලක් ගොඩනඟාගැනීමට අවශ්‍ය අරමුදල් තර කර ගැනීමද අරමුණු කරගෙන මෙම සුහද නත්තල් හමුවට, කුරුණෑගල වින්සෙන්ති ද පාවුළු සමිතිය විශාල දායකත්වක් සපයන ලදි.

Monday, 25 December 2017

නත්තල් දා මැදියම් රෑ දිව්‍ය යාගය 2017

2017 වසරේ නත්තල් මධ්‍යම රාත්‍රි දිව්‍ය පූජාව කුරුණෑගල රදගුරු අති උතුම් හැරලඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ අතින් සිදු කෙරුණි......

Saturday, 23 December 2017

කුරුණෑගල ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසැලේ නත්තල් හමුවක්.....

කුරුණෑගල පදවියේ ප්‍රථම ඉංග්‍රිසී භාෂාවෙන් අප දහම උගන්වන දහම් පාසැල වන ආදම් දහම් පාසැලේ නත්තල් හමුවක් පසුගිය 2017 දෙසැම්බර් 17 වන දින කුරුණෑගල, උහුමිය, පිහිටා ඇති කැලේෂියානු ආධුනික පුහුණු නිවහනේ දී කුරුණෑගල පදවි පරිපාලන අතිගරු පියල් ජානක ප්‍රනාන්දු මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

Friday, 22 December 2017

ආගමනයේ තුන් වන ඉරුදින දිව්‍ය පූජාව 2017 දෙසැම්බර් 17

මේ ආගමන කාලයයි, 2017 දෙසැම්බර් 17 වන දින, කුරුණෑගල ඉංග්‍රීසි බසින් ඉගෙනුම ලබන ඉංග්‍රීසි දහම් පාසැල් දරුවන් විසින් සංවිධානය කළ ආගමනයේ 3 වන ඉරිදා දිව්‍ය පූජාව කුරුණෑගල උහුමියේ පිහිටා ඇති, කැලැරේෂියන් පියතුමන්ලාගේ මධ්‍යස්ථානයේ දි කුරුණෑගල පදවි පරිපාලන අතිගරු පියල් ජානක ප්‍රනාන්දු නාහිමිපාණන් අතින් සිදු කෙරුණි.

Thursday, 21 December 2017

කුරුණෑගල පදවි මරිය හමුදා වාර්ෂික උත්සවය 2017

කුරුණැගල පදවියේ මරිය හමුදාවේ වාර්ෂික උත්සවය මෙවර 2017 දෙසැම්බර් 16 වන දින කුරුණෑගල පදවියේ රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය සත්පහන ශාලාවේ දී සිදු කෙරුණි.....

Wednesday, 20 December 2017

2014 වසරේ දි කුරුණෑගල තරුණ සමිතිය ඉදිරිපත් කළ ජංගම කැරෝල් ගායනාව තුළ සැඟවුනු දුක්බර මතකය....

කුරුණෑගල තරුණ සමිතිය 2014 වසරේ දි ඉදිරිපත් කළ කැරෝල් ගායනයට එදා තරුණ පිරිස සමඟ සිටිය ඒ  තරුණ පුතා සිහියට ආ නිසා මෙම වීඩියෝ Clip එක නැවත බලන්න හිතුණා... ඔබත් බලන්න ඔබටත් ඔහුව සිහියට එනවා ද කියලා?......

කුරුණෑගල සාන්ත ආනා දහම් පාසලේ නත්තල් උත්සවය 2017

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරින් පාලනය වන සාන්ත ආනා දහම් පාසල වාර්ෂිකව පවත්වන නත්තල් උත්සවය මෙවර 2017 දෙසැම්බර් 10 වන දින කුරුණෑගල කතෝලික අධ්‍යාපන ධර්මෝපදේශ හා බයිබල් සේවා අධ්‍යක්ෂක ගරු ලයනල් ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි...

කුරුණෑගල සාන්ත ආනා විදුහලේ මහා කැරෝල් ගායනාවක් 2017

කුරුණෑගල සාන්ත ආනා විදුහලේ 2000 වසරේ ආදි සිසුවන් විසින් සංවිධානය කළ මහා කැරොල් ගායනා උත්සවයක් 2017 දෙසැම්බර් 09 වන දින වතිකාන ශ්‍රී ලංකා තානාපති අගරදගුරු අතිඋතුම් පියරේ නගුවෙන් වැන් ටොට් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සාන්ත ආනා විදුහල් ශාලාවේ දි සිදු කරන ලදි.

සාන්ත ආනා විදුහලේ විදුහල්පති ගරු තාර්සියස් සහෝදර තුමා ඇතුළු පූජාප්‍රසාදින් වහන්සේලා සහ පැවිදි සොයුරියන් සමග විශාල ජනතාවක් ඒ සඳහා සහභාගි වූහ. 

Monday, 18 December 2017

කුරුණෑගල පදවියේ දහම් ගුරුවරන්ගේ වාර්ෂික නත්තල් හමුව 2017

කුරුණෑගල පදවියේ දහම් ගුරු භවතුන්ගේ වාර්ෂික නත්තල් හමුව 2017 දෙසැම්බර් 09 වන දින දේශීය රදගුරු මණ්ඩලයේ කතෝලික අධ්‍යාපන, ධර්මෝපදේශ හා බයිබල් කොමිෂමේ සභාපති අති උතුම් මැක්ෂ්වෙල් සිල්වා රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය සත්පහන ශාලාවේ දී සිදු කරන ලදි.

එම අවසථාවට කුරුණෑගල පදවි අනුනායක අතීගරු ඔස්ටින් මාකස් ප්‍රනාන්දු මාහිමි කුරුණෑගල පදවි පරිපාලන අතිගරු පියල් ජානක ප්‍රනාන්දු නාහිමි ඇතුළු කුරුණෑගල පදවියේ පූජාප්‍රසාදින් වහන්සේලා සහ පැවිදි සොයුරියන් විශාල පිරිසක් ද පදවියේ දහම් ගරුවරුන් සමග සහභාගි වූහ.
මෙම අවස්ථාව කුරුණෑගල පදවි කතෝලික අධ්‍යාපන ධර්මෝපදේශ හා බයිබල් සේවා අධ්‍යක්ෂක ගරු ලයනල් ප්‍රනාන්දු පුජාප්‍රසාදීන් වහන්සේ විසින් සංවිධානය කර මෙහෙයවන ලදි... 

Thursday, 14 December 2017

කුරුණෑගල සැල්වටෝරියානු ගිහි සංඝය දිවුරුම් දෙති

සැල්වටෝරියාන් නිකායේ නිර්මාතෘවරයාණන් වන ගරු ප්‍රැන්සිස් ජෝර්දාන් පියතුමාගේ ප්‍රධාන අරමුණ වූ ක්‍රියාකාරි ගිහි සංඝයක් මගින් ආත්මයන් ගළවා ගැනීම පිළිබද දේව සැලැස්ම ලොවට ප්‍රකාශ කිරීමය. ගිහි පැවිදි සහයෝගිතාවය මගින් මේ අරමුණ ඵලදැරිය හැකි බව එතුමා කල්පනා කළේය.

දෙවන වතිකාන කතිකාවෙන් පසු ඇති වූ වෙනස්කම් හේතුකොටගෙන පූජක දිවැසිවර සහ රාජකිය යන නිලයන් ගිහියන් සමග බෙදා ගැනීමට ද ඔවුන් මගින් එය ජනතාව අතරට ගෙන යන්නට ශුද්ධ වු සභාව කළ ඇරයුම ගරු ජෝර්දාන් පියතුමාගේ දර්ශනය ඉදිරියට ගෙන යාමට නොයෙක් රට වලින් ගිහි සාමාජිකයින් ඉදිරිපත් වූහ.
ඒ අනුව කුරුණෑගල ජනතාව අතරින් ඉදිරිපත් වූ පිරිසක් පසුගියදා සැල්වටෝරියන් නිර්මාතෘවර ජෝර්දාන් පියතුමාගේ දර්ශනයය ක්‍රියාත්මක කිරීමට කැපවෙමින් සැල්වටොරියනු නිකායේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිපතිනිය වන ගරු රාණි ප්‍රනාන්දු පැවිදි සොයුරිය ඉදිරියේ දී දිවුරුම් දුන්හ. 

Tuesday, 12 December 2017

කුරුණෑගල ශුද්ධ වු පවුලේ ළදරු පාසැලෙන් සිඟිති කැරෝල් ගායනා 2017

ජාති ආගම් බේදයකින් තොර වූ සියළුම දරුවන්ගේ සහභාගිත්වයෙන් කැරොල් ගායනා වැඩ සටහනක් කුරුණෑගල ශුද්ධ වු පවුලේ ළදරු පාසැල මගින් 2017 දෙසැම්බර් 05 වන දින පවත්වන ලදි.

මෙම ළදරු පාසැලේ ප්‍රධාන පාලිකා ගරු කුමුදිනි රණවීර පැවිදි සොයුරිය සහ එම ගුරු මඬුල්ල විසින් මෙහෙයවන එම අවස්ථාවට ඔබත් සහභාගි වන්න.

Monday, 4 December 2017

ලොව පුරා සිදුකෙරෙන ආගමන කාලයේ පළමුවන ඉරුදින දිව්‍ය පූජා අතරින් කුරුණෑගල දිව්‍ය පූජාව ඔබ වෙත...

සාමාන්‍ය සමය අවසන් කරමින් ආගමන කාලය 2017 දෙසැම්බර් 03 වන දින උදා විය. එම දිනයේ දිව්‍ය පූජාවේ දී ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමාගේ දේශනාව, කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දි පටිගත කර ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරන්නෙමු....

Saturday, 2 December 2017

කුරුණෑගල සැල්වටෝරියානු ගිහියෝ පිළිකා රෝගීන් සමඟ දයා ප්‍රේමයෙන් දවසක් ගෙවති.....

1954 වසරේ ශ්‍රී ලංකාවේ හෙද සේවයේ හා වෛද්‍ය සේවයේ යෙදුන සැල්වටෝරියානු පැවිදි සොයුරියන්ගේ සැල්වටෝරියානු පවුලේ ගිහි සංඝය තම දයාවේ සේවය නැවත රෝහල් වෙතට යොමු කිරීම දෙවි පියාණන්ගේ කැමැත්ත විය හැකිය.

කුරුණෑගල සැල්වටෝරියානු ගිහි සංඝය 2017 නොවැම්බර් 29 වන සැල්වටෝරියානු පවුලේ නිර්මාතෘ වරයාණන්ගේ සග සැපත් සංවත්සරය වෙනුවෙන් හා එතුමන් ශුද්ධවරයට ඔසවනු පිණීස ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල ශීක්ෂණ රෝහලේ පිළිකා වාට්ටුවට දානයක් පිළිගන්වන ලදි...