Tuesday, 28 November 2017
Sunday, 19 November 2017
සාමන්‍ය සමයේ 33 වන ඉරුදින දිව්‍ය පූජාවේ දේශනාව 2017නොවැම්බර් 19
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ 2017 නොවැම්බර් 19 වන දින දිව්‍ය පූජාවේ දී, ආසන දෙව් මැදුරේ පාලක පියතුමා වන ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් සිදු කළ දේශනාවට ඔබත් සවන් දෙන්න...
Monday, 13 November 2017
ඉරිදා දේශනාව ගරු ක්‍රිිස්ටි ලෙනාඩ් පියතුමා 2017 ඔක්තෝබර් 12
සයුරෙන් එහා සිටින ඔබව තනි නොකරන කිතුහඬ අද කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ 2017 ඔක්තෝබර් 12 වන ඉරිදා දිව්‍ය පූජාවේ දි, ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් සිදු කළ ධර්ම දේශනාව අද ඔබ වෙත ඉදිරිපත් කරයි....
Sunday, 12 November 2017
සදාතනික ජීවනය මේය. සැල්වටෝරියානු ගිහි සංඝයට දහම් පෝෂණයක්......
සැල්වටෝරියන් පවුලේ සමාජිකයන් වන ගිහි සංඝයේ නව කණ්ඩායම සමිඳුන්ගේ සේවයට කැප කිරීමට ප්‍රථම ඊට සුදුස්සන් වන පිණිස සිදු කරන පෝෂණ වැඩ සටහනක් 2017 ඔක්තෝබර් 30 වන දින නව මල්කඩුවාවේ බමුණාවෙල පිහිටි සැල්වටෝරියානු කන්‍යාරාමයේ ජෝර්දාන් ශාලාවේ දී ගරු චින්තා රණසිංහ පැවිදි සොයුරිය විසින් සිදු කරන ලදි. ඒ ගැන උනන්දුවන ඔබ සැමටත් තම ආත්ම ගැළවීමට අවැසි යමක් මෙම වැඩ සටහනෙන් එකතු කර ගත හැකි වේවි...
කුරුණෑගල අවට පදිංචි ගිහි ඔබත් සමිඳුන් සමග එක්ව සැල්වටොරියන් ගිහි සංගමය සමග් අත්වැල් අල්ලා ගන්නට කැමැතිනම් 0777 14 38 26 අංකයට හෝ 071 850 46 16 අංකයට යොමු වී ජෙරී සෙනවිරත්න සොයුරාගෙන් විමසන්න.
Friday, 10 November 2017
කුරුණෑගල සැල්වටෝරියානු ගිහි සංඝය යාපනයේ කයිට්ස්හී වෙසෙන ගරු ජීවන්ත පීරිස් පියතුමා බැහැදකිති. 2017
කුරුණෑගල සැල්වටෝරියානු පවුලේ ගිහි කණ්ඩායම තම කැපවීමේ කාර්යයට අවශ්‍ය ධර්මපෝෂණ මෙනෙහි කිරීමේ වැඩ සටහන සම්පූර්ණ කර ගැනීම සැළසුම් කරගෙන තිබුණු පරිදි ගරු ජීවන්ත පීරිස් පියතුමා කැඳවා ගැනීම අපහසු නිසා සැල්වටෝරියානු ගිහි කණ්ඩායම ගරු ජීවන්ත පීරිස් පියතුමාගේ වැඩ සටහන සඳහා යාපනයේ කයිට්ස්හී දී සිදු කිරීමට තීරණය කරගෙන 2017 නොවැම්බර් 02 දින කයිට්ස් බලා පිටත් වුණා.
එම කයිට්ස් ගමනින් අප ධර්ම පෝෂණය සමගම පරිසරය හා යාපනයේ ජනතාව ගත කරන ජීවන රටාව තුළින් තවත් බොහෝ දේ දැක බලා විශේෂ ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ලබා ගැනීමට අපට හැකිවිය.
Tuesday, 7 November 2017
නැසී ගිය විශ්වාසිකයින් සිහිකරන මළවුන්ගේ මංගල්‍යය කුරුණෑගල සිදු කෙරුණි 2017
අප අතරින් වෙන් වූ මව්පිය නෑදෑ හිතවතුන් සිහිකරන මළවුන්ගේ මංගල්‍යය 2017 නොවැම්බර් 02 වැනි දි කුරුණෑගල මල්කඩුවාවේ කතෝලික පොදු සුසාන භූමියේ දී කුරුණෑගල පදවි රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් අතින් සිදු කෙරුණි.
Sunday, 5 November 2017
කුරුණෑගල මීසම පුරා මාසයක් සැරී සැරූ දේවමාතා ප්‍රතිමාව නැවත දෙව් මැදුරට පැමිණි දිනය
ඔක්තෝබර් මාසය දේවමාතාවන්ගේ මාසයයි. ඒ උත්තම මාසය පුරා දේව අම්මාගේ ප්‍රතිමාව කුරුණෑගල මීසමේ සියළුම කතෝලික නිවෙස් කරා වැඩම කරවා, එම නිවස අයිති කුඩා කිතුනු ඒකක සංඝයන් එකමුතු වී යාච්ඤා මෙහෙයන් පවත්වමින්, තම සුහදතාවය තහවුරු කරගෙන මාසයේ අවසානයේ එනම් 2017 ඔක්තොබර් 29 වන දින තම මීසමට අයත් සාන්ත ආනා ආසන දෙව් මැදුරට ආපසු එම ප්‍රතිමාවන් රැගෙන ආ අන්දම ඔබත් නරඹන්න.
එදින දිව්‍ය පූජාව කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් සහ මීසම් සහයක ගරු සංජය ප්‍රදීප් පියතුමන්ලා විසින් සිදු කරණ ලදි.
Wednesday, 1 November 2017
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දරුවන් ප්‍රථම වර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගනිති.
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරට අයිති මීසම් සංඝයේ දරුවන් තිස්හතර දෙනෙකු 2017 ඔක්තෝබර් 29 වන දින කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් සහ මීසම් සහයක සංජය ප්‍රදීප් යන පියතුමන්ලාගේ අතින් ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත්හ. එම අවස්ථාව කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ශ්‍රේෂ්ඨ මව්තුමිය වන ගරු කුමුදිනි රණවීර පැවිදි සොයුරිය විසින් සංවිධානය කර මෙහෙයවන ලදි...
Subscribe to:
Posts (Atom)