Tuesday, 30 July 2019

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ 199 සන්ධ්‍යා මෙහෙය 2019/07/27


කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ 199 වන වාර්ෂික මංගල්‍යයයේ සන්ධ්‍යා මෙහෙය 2019 ජුලි 27 වන සෙනසුරාදා කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

Thursday, 7 March 2019

මල්කඩුවාවේ ලූර්දු බාලිකා නිවහනේ බාලිකාවන් ලූර්දු මංගල්‍යය සමග විවිධ ප්‍රසංඟයක් ද එළිදක්වති. 2019

කුරුණෑගල රදගුරු වසමට අයත් මල්කඩුවාවේ ශු.පවුලේ නිකායේ පැවිදි සොහොයුරියන් විසින් පවත්වාගෙන යන ලූර්දු බාලිකා නිවහන දරුවන් සහ පැවිදි සොයුරියන් විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද ලූර්දු මංගල්‍යය සහ විවිධ ප්‍රසංගයක් 2019 පෙබරවාරි 26 වන දින මල්කඩුවාවේ පාතිමා දෙව් මැදුරේ උත්සව ශාලාවේ දි පැවැත්වුණි.

ලූර්දු බාලිකා නිවහනේ පැවැත්වුණු දූර්දු මංගල්‍යය දිව්‍ය පුජාව කුරුණෑගල පදවි එඬේරාණන්වන දේව ධර්මාචාර්ය අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් අතින් සිදු කෙරුණ අතර විවිධ ප්‍රසංඟය ශු.පවුලේ නිකායේ කොළඹ ප්‍රදේශාධිපතිනි ගරු ජෙස්මින් ප්‍රනාන්දු පැවිදි සොයුරිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
මෙම අවස්ථාවට කුරුණෑගල පදවි අනුනායක අතිගරු ඔස්ටින් මාකස් ප්‍රනාන්දු කුරුණෑගල පදවි භාණ්ඩාගාරික අතිගරු සාගර ප්‍රියශන්ත පියවරුන් ඇතළු පියවරුන් සහ පැවිදි සොයුරියන් විශාල පිරිසක් සමග බාලිකා නිවහනේ දරුවන්ගේ මා පියන් සහ විශාල පිරිසක් ද සහභාගි වූහ.

Sunday, 3 March 2019

කුරුණෑගල 2019 වසර තරුණ වසරයි, ඒ වෙනුවෙන් වෛද්‍ය දිනුෂා තරුණ තරුණියන් හට ආතතිය ගැන කතා කරයි.....

කුරුණෑගල රදගුරු වසම 2019 වසර තරුණ වසර ලෙස නම් කර ඇත. ඒ වෙනුවෙන් තරුණ තරුණියන් වෙත වැඩ සටහන් රාශියක් ලබා දීමට සැලසුම් කර ඇත. ඒ අනුව කුරුණෑගල සාන්ත ආනා විදුහලේ ශ්‍රවණාගරයේ දී කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ වැඩ සටහනකදී වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු තරුණ මානසික සෞඛ්‍යය පිළිබඳව සිදු කළ දේශනයට ඔබත් සවන් දෙන්න.






Monday, 25 February 2019

ඉරිදා දේශනාව 2019 පෙබරවාරි 24

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ 2019 පෙබරවාරි 24 වන ඉරුදින දිව්‍ය පූජාවේ දි කුරුණෑගල මීසම් පාලක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් සිදු කළ දේශනාවට ඔබත් සවන් දෙන්න.

Sunday, 24 February 2019

ඇතුගල්පුර රදගුරු වසමේ දියත් කළ තරුණ වසර කේන්ද්‍ර කරගත් වැඩසටහන් මාලාවක් සිදු කෙරෙයි....

 

කුරුණෑගල රදගුරු වසමේ ප්‍රකාශිත තරුණ වසර වෙනුවෙන් තරුණ මනස පෝෂණය සඳහා වැඩ සටහන් මාලාවක් සිදු වෙමින් පවති.

ඒ අනුව 2019 පෙබරවාරි 19 වන දින කුලියාපිටිය සත්පහන ශාලාවේ සහ කුරුණෑගල සාන්ත ආනා විදුහල් ශාලාවේ කුරුණෑගල පදවි එඬේරාණන්වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් පැවත්වූ වැඩ සටහන්වල විශේෂ අවස්ථාවන් ඔබත් නරඹන්න...

Wednesday, 20 February 2019

මිල්ලව ශු.පවුලේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය කුරුණෑගල රදගුරු හිමිපාණන් අතින් සිදුවෙයි. 2019

කුරුණෑගල රදගුරු වසමට අයත් මිල්ලව ශුද්ධ වු පවුලේ දෙව් මැදුරේ 36 වාර්ෂික මංගල්‍යය දිව්‍ය පූජාව 2019 පෙබරවාරි 10 වන දින කුරුණෑගල පදවි එඬේරාණන්වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ අතින් සිදු කෙරුණි.

එම අවස්ථාවට කුරුණෑගල රදගුරු ලේකම් ගරු ජූඩ් මධුසංඛ පියතුමා ඇතුළු පැවිදි සොයුරියන් හා විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වූ අතර මිල්ලව මීසම් සේවක ගරු දිමුතු ‍ෆෝන්සේකා පියතුමාගේ මෙහෙයවීම යටතේ සිදුවිය.

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී පවත්වන ලද, ලූර්දු මංගල්‍යය වෙනුවෙන් ගරු ඩෙරල් කුඤ්ඤේ පියතුමාගෙන් යාච්ඤා මෙහෙයක්

2019 පෙබරවාරි 09 වන දා කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී පවත්වන ලද, ලූර්දු මංගල්‍යය වෙනුවෙන් සීදුව, සුපවත් අරණ සිද්ධස්ථානයේ පාලක ගරු ඩෙරල් කූඤ්ඤේ පියතුමා විසින් සිදු යච්ඤා මෙහෙයට ඔබත් සම්බන්ධ වන්න.....